සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

by editor
ජනවාරි 18, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව තවත් පරාජයකට ඇද දැමීමට සැරසී සිටින එංගලන්ත කණ්ඩායම දෙරට තරග තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ලබා ගැනීමට කඩුලු හතක් අතැතිව තවත් ලකුණු 36ක් පිටුපසින් සිටියි. ඊයේ (17 දා) දිනයේ තවත් පන්දුවාර පහක් පමණ යැවීමට තිබියදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නවතා දමන විට එංගලන්ත දෙවැනි ඉනිම කඩුලු 3 කට ලකුණු 38 ක් වශයෙන් සටහන් විය.

ජයග්‍රහණය වෙනුවෙන් පහසු අභියෝගයක් කරමත තබා සිටි එංගලන්ත පිතිකරුවන්ගේ පළමු කඩුලු දෙකම මුළු ලකුණු සංඛ්‍යාව 12 ක්ව තිබියදී ඉවත් කිරීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් විය. අනතුරුව නායක ජෝ රූට් දුවද්දී දවා  ගැනීමට නිරෝෂන් දික්වැල්ල සමත් වීමෙන් එංගලන්ත පිතිකරුවන්ට තරමක පීඩනයකට කොටු විය. නමුත් ජොනී බෙයාස්ටෝ සහ ඩැන් ලොව්රන්ස් සිව්වැනි කඩුල්ලට නොබිඳුනු ලකුණු 22 ක සබඳතාවක් පවත්වමින් එංගලන්තය ජයග්‍රහණය දෙසට ඇදගෙන යමින් සිටියි.

පළමු ඉනිම දියාරු කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 186 ක දැවැන්ත ඉලක්කයක් ලබාදීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. එම අභියෝගය හමුවේ පරාජයෙන් බේරීමටනම් ශ්‍රී ලංකා පිතිකරුවන් දින දෙකක් පිතිකරණයේ යෙදීම හෝ ලකුණු 450 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් දෙවැනි ඉනිමේදී ලබාගත යුතුව තිබුණි. ඒ වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වු කුසල් පෙරේරා (62) සහ ළහිරු තිරිමාන්න (111) පළමු කඩුල්ලට ලකුණු 101 ක සබඳතාවක් පන්දුවාර 37.4 ක් වැය කරමින් පැවැත් වුවද තවත් කුසල් මෙන්ඩිස් (15), දිනේෂ් චන්දිමාල් (20), නිරෝෂන් දික්වැල්ල (29), දසුන් ශානක (4) සහ වනිදු හසරංග (12) බලාපොරොත්තු වු පිති ප්‍රහාරයන් දියත් නොකිරීමෙන් ශ්‍රී ලංකා සටන අඩපණ විය.

හත් වසරකට පසුව ටෙස්ට් ශතකයක් ලද ළහිරු තිරිමාන්න පන්දු 251 කදී හතරේ පහර 12 ක් එල්ල කරමින් එංගලන්ත ජයග්‍රහණ පමා කිරීමට සමත් විය. ඔහු මුළු ලකුණු සංඛ්‍යාව 210 ක්ව තිබියදී සිව්වැනි කඩුල්ල වශයෙන් පිටියෙන් ඉවත් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ළහිරු තිරිමාන්නගේ ශතකය අහිමි කිරීමට අවස්ථා හතරක් පමණ ලැබුණද එංගලන්ත පන්දු රකින්නන් අතරින් එම අවස්ථා ගිලිහී ගියේය. තිරිමාන්න ලකුණු 51 ක් ලබා සිටියදී සෑම් කරන්ගේ පන්දුවකට දුන් උඩ  පන්දුවක් ගලිහී සිටි සිබ්ලි විසින් බිම දැමුවේය. අනතුරුව ඊයේ දිනයේදීත් ඔහු ෆෝව්ඩ් ෂෝඩ් ලෙග් සහ ස්ලිප් ක්‍රීඩකයන්ට ලබාදුන් උඩපන්දු බිම වැටීමෙන් සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය.

31 හැවිරිදි ළහිරු තිරිමාන්න 2011 වසරේදී ටෙස්ට් වරම් ලැබුවද ඔහු මෙම තරගයට පෙර ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග 36 කදී ඉනිම 70 ක් තුළ ලබා ඇත්තේ මුළු ලකුණු 1452 ක් පමණි. ශතයක් සහ අර්ධ ශතක 6 ක් එම ඉනිම සංඛ්‍යාවට ඇතුළත් වෙද්දී ඉනිමක සාමාන්‍ය 22.68 ක් වැනි පහළ අගයකට පත්ව තිබුණි. පළමු ටෙස්ට් ශතකය (155 නොදැවී) 2013 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ලැබීමෙන් වසර හතකට පසුව යළිත් ශතකයක් ලැබීමට තිරිමාන්න සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමට මැද පෙළින් මුක්කු ගැසු ඇන්ජලෝ මැතිව්ස් ඉතාමත් සංයමයකින් යුතුව පිති ප්‍රහාරයේ යෙදෙමින් සිය 36 වැනි අර්ධ ශතකය ඔහු මුහුණ දුන් 166 වැනි පන්දුවේදී ලබා ගත්තේය. නමුත් තේ පානයෙන් අනතුරුව ලීච්ගේ පන්දුවක් හමුවේ රූට් අතට උඩපන්දුවක් දී මැතිව්ස් පිටියෙන් ඉවත් වන විට පන්දු 219 කදී හතරේ පහර හතරක් සමග ලකුණු 71 ක් ලබා සිටියේය. ඔහු තවත් ලකුණු 19 ක් ඊයේ ලබා ගත්තේ නම් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මුළු ලකුණු 6000 සීමාව සනිටුහන් කිරීමට අවස්ථාවක් තිබුණි.

ලකුණු තත්ත්වය

ශ්‍රී ලංකාව පළමු ඉනිම 135 යි.

එංගලන්තය පළමු ඉනිම 421 යි.

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 136.5 කදී සියල්ල දැවී ලකුණු 359 යි. (කුසල් පෙරේරා 62, ළහිරු තිරිමාන්න 111, කුසල් මෙන්ඩිස් 15, ලසිත් ඇඹුල්දෙණිය 00, ඇන්ජලෝ මැතිව්ස් 71, දිනේෂ් චන්දිමාල් 20, නිරෝෂන් දික්වැල්ල 29. දසුන් ශානක 04, වනිඳු හසරංග 12, ඩිල්රුවන් පෙරේරා 24, අසිත ප්‍රනාන්දු 00, සෑම් කරන් 37/2, ඩොම් බීස් 100/3, ජැක් ලීච් 122/5 යි.)

එංගලන්ත දෙවැනි ඉනිම පන්දුවාර 15 කදී කඩුලු 3ට ලකුණු 38 යි. (ෂැක් ක්‍රව්ලි 08, ඩොම් සිබ්ලි 02,ජොනී බෙයාස්ටෝ 11, ජෝ රූට් 01,ඩෑන් ලෝරන්ස් 07, ලසිත් ඇඹුල්දෙණිය 13/2 යි.)

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද වාර්තා වුණු කොවිඩ් ආසාදිත මරණ ගණන 08යි… කොවිඩ් ආසාදිතයන් 749යි…

Next Post

එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.