ජනවාරි 13 සිට අද (17) දක්වා ප්‍රමාද වූ මරණ ද සහිතව කොවිඩ් ආසාදිත පුද්ගල මරණ (08)ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ජනවාරි මස 13 දා කොලොන්නාව ප්‍රදේශයේ 63 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණයක්, 14 වැනිදා බොරැල්ල ප්‍රදේශයේ 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මරණයක්, ජනවාරි 15 දා 27 හැවිරිදි උඩු පුස්සැල්ලාව තරුණයෙකුගේ මරණයක් වාර්තා කර තිබිණි.
ජනවාරි 16 වනදා මරණ 02ක් වාර්තා කර තිබිණි. ඒ කෑගල්ල ප්‍රදේශයේ 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා දෙහිවල ප්‍රදේශයේ 72 හැවිරිදි පිිරිමි පුද්ගලයෙකි.
අද දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් වාර්තා වී තිබිණි. පොලොන්නරුව ප්‍රදේශයේ 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 ප්‍රදේශයේ 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, උඩු දුම්බර ප්‍රදේශයේ 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබිණි.
මේ සමග ලංකාව තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 264 දක්වා ඉහළ ගියේය.
එමෙන්ම අද දිනය තුළ කෙවිඩ් ආසාදිත පුද්ගලයන් 749ක් වාර්තා විය. ඉන් දෙදෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය.
මේ පිළිබඳව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.