පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලියේ පළමු තරගය අද පකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේ දි පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය ආරම්භ වන්නේ රට තුළ මෙන්ම කලාපීය වශයෙන් ද යම් ව්‍යාකූළ තත්ත්වයක් ඇති වී තිබෙද්දීය.
පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා ගේ පහළ ඩිර් හි පිහිටි පවුලේ නිවසට ප්‍රහාරයක් එල්ල වූයේය. ඊයේ ( 10) රාත්‍රියේ නාඳුනන ප්‍රහාරකයින් ඔහුගේ පවුලේ නිවසේ ගේට්ටුවට වෙඩි තබා තිබිණි. නිවසේ කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව වාර්තා විය.
ගේට්ටුවට වෙඩි තැබූ වහාම ප්‍රහාරකයින් පලා ගියහ. පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ප්‍රහාරකයින් ඉක්මනින් නීතිය හමුවට පමුණුවන බව පොලිසිය පවසයි.
ESPNcricinfo වාර්තා කර ඇත්තේ මෙම සිදුවීම නසීම් ෂා ගේ ක්‍රීඩා සැලසුම් හෝ තරඟ කාලසටහනට බලපාන්නේ නැති බවය. වේග පන්දු යවන ක්‍රීඩක ෂා සංචිතය සමඟ රැඳී සිටින අතර අවශ්‍ය පරිදි තරඟාවලියට සම්පූර්ණයෙන්ම සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරයි.
පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අද (11 අඟහරුවාදා) රාවල්පින්ඩිහිදී තරඟ තුනකින් යුත් එක්දින තරගාවලියක් ආරම්භ කරයි. නසීම් ෂාට එහි ප්‍රධාන භූමිකාවක් පැවරී ඇත. ඉන් පසුව මෙම මස අගදී සිම්බාබ්වේ ද සහභාගී වන විස්සයි 20 තුන්කොන් තරගාවලියට ද නසීම් නම් කර තිබේ.

අද පැවැත්වෙන තරගය –
රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේ දී අද ආරම්භවන තරගාවලිය ආරම්භ වන්නේ එක්දින ජාත්‍යාන්තර පිටියේ සම දක්ෂතා සහිත කණ්ඩායම් දෙකක් අතරය.
ශ්‍රී ලංකාව දැනට එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ සිව්වන ස්ථානයේ ය. පාකිස්තානය පස්වන ස්ථානයේ පසුවේ. මේ වසරේ කිසිදු කණ්ඩායමකට එක්දින තරග වැඩි ප්‍රමාණයක් ලැබී නොමැත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂාත අතරින් ඉහළ යමින් සිටින එක් දින කණ්ඩායමක් ලෙස ජාත්‍යාන්තර පිටියේ සලකුණු තබා ඇත. මෙම වසරේ ශ්‍රි ලංකා කණ්ඩායම තරඟ 10 න් 07ක් ජයග්‍රහණය කර තිබේ. පාකිස්තානය ඔවුන්ගේ තරඟ 14 න් 10 ක් පරාජය වී ඇත. තමන්ගේ රට තුළ පැවැත්වූ චැම්පියන්ස් කුසලානයෙන් ද පකිස්ථාන කණ්ඩායම ඉවත් වූයේය.
කෙසේ වෙතත්, පකිස්ථාන කණ්ඩායම මේ මස මුලදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී ජයග්‍රහණයක් ලබා ගත්තේය. පසුව තුන්වන එක්දින තරගයේදී ඔවුන්ට එරෙහිව දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනිමින් 2-1 ක තරඟාවලියක් ජයග්‍රහණය කළේය.
එහෙත් එම ජයග්‍රහණය වාර්තා වන්නේ දුර්වල දකුණු අප්‍රිකාවට එරෙහිවය. මෙවර පකිස්ථානයට ශ්‍රී ලංකාව පූර්ණ ශක්තියක් සහිත කණ්ඩායමක් යවා තිබේ.
අද තරගය බොහෝ තරගකාරී එකක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් මෙම තරග සංවිධානය වන්නේ දැඩි ආරක්ෂක රැකවල් සහ ආරක්ෂක විධිවිධාන යටතේය.







