බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව්වො ලකුණු 55කට දැවී යති… එංගලන්තයට කඩුලු 06ක ජයක්…

by editor
ඔක්තෝබර් 23, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති සුපරි වටයේ දෙවැනි තරගය   බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බිඳවැටීම  පිළිබඳ හඬ ගා කී තරගයක් විය. විස්සයි 20 ලෝක කුසලාන තරගාවලීයේ  විශිෂ්ට පෙරළිකාරයන් වූ බටහි ඉන්දීය කොදෙව්වෝ ලකුණු 55කට දැවී ගියහ. එය විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාව වූයේය.

මින් පෙර 2014 දී නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 39කටත්, මෙවර එනම් 2021 දී නෙදර්ලන්ත කණ්ඩායම ම ලකුණු 44කටත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ දැවී ගියේය. ඉන් පසු කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙයය.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව්වන් ඔවුන්ගේ විස්සයි 20 ඉතිහාසය තුළ ලබා ගත් දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙයය.  මින් පෙර වර්ෂ 2019 දී ඔවුන් එංගලන්තය ඉදිරියේම ලකුණු 45කට දැවී ගොස් තිබිණි.

එංගලන්ත කණ්ඩායම පන්දු 50ක දී එම ඉලක්කය පසුකළේ කඩුලු 4ක් දැවෙමිනි. බටහිර ඉන්දීය කොදෙව්වන් පැරදවූ එංගලන්ත කණ්ඩායම කඩුලු 06ක පහසු ජයක් අත් කරගත්හ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමේ වාරය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබා දුන්නේය. එය වටහාගත නොහැකි තරගයක් වී තිබිණි. තණතිල්ල හැසිරුණේ පිතිකරණයට කිසිසේත්ම ඉඩක් නොතබමිනි.  එංගලන්ත පන්දු යවන්නෝ බටහිර ඉන්දීය කොදෙව්වන් ගෙල ග්‍රහයෙන් ගත්හ.

ඉනිම ආරම්භ කළේ ලෙන්ඩි සිම්මොන් සහ එවින් ලෙවිස්ය. ලෙවිස් ලකුණු 6කට දැවී ගියේය. පළමු කඩුල්ල දෙවැනි පන්දු ඕවරයේ දී බිඳ වැටෙන විට ලකුණු සංඛ්‍යාව 8කි.  තවත් එක ලකුණක  දී ලෙන්ඩි සිම්මොන්ස් ලකුණු  03කට දැවී ගියේය. ලකුණු 9ට කඩුලු 2ක් ලෙස දැක්විනි.

ඉනිමේ වැඩිම සම්බන්ධාවය ලකුණු 14කි. ඒ තුන්වන කඩුල්ල වෙනුවෙන් ෂිම්රොන් හෙට්මයර් සහා කිස් ගේල් අතරය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ගේල්ය.  ගේල් ලකුණු 13කි. පන්දු 13ක දී ලබා ගත් ඒ ලකුණු 13ට හතරේ පහර 03ක් ඇතුළත් විය. ලකුණු 10ට වැඩිය රැස් කළ එකම පිතිකරුවා වූයේ ඔහුය. දෙවැනි වැඩිම ලකුණු ගණන 09කි. ඒ ෂිම්රොන් ය. අනෙක් එකම පිතිකරුවෙක්වත් ලකුණු 06කට වඩා වැඩියෙන් රැස් කළේ නැත. බටහිර ඉන්දීය පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 55කට දැවී ගියේය.

විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු ලෙග් බ්‍රේක් පන්දු යවන ආදිල් රෂීඩ් පන්දු ඕවර 2.2 ක දී ලකුණු 02කට කඩුලු 04ක් බිඳ හෙළා තිබිණි. මෙය මෙතෙක් එංගලන්ත පන්දු යවන්නෙක් විස්සයි 20 තරගයක දී කළ හොඳම පන්දු යැවීම විය. මීට පෙර හොඳම පන්දු යැවීම වාර්ත වූයේ ක්‍රිස් ජොර්ඩන්ගෙනි. ඒ වර්ෂ  2019 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව   ලකුණු 6කට කඩුලු 4ක් ලබා ගැනීමයි. විස්සයි 20 ලෝක කුසලාන තරගයක දී ආදිල්ට පෙර කඩුලු 04ක් ලබා ගත්තේ ක්‍රිස් ජොරඩන්ය. ඒ 2016 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 28කට කඩුලු 04ක් වාර්තා කරමිනි.

මොයින් අලි පන්දු ඕවර 4ක් යවා ලකණු 17කට කඩුලු 02ක්, ක්‍රිස් වෝකර්ස් පන්දු ඕවර 02ක් යවා ලකුණු 12කට කඩුල්ලක්, ටිමාල් මිල්ස් පන්දු ඕවර 04ක් යවා ලකුණු 17ට කඩුලු 02ක්, ක්‍රිස් ජෝඩන් පන්දු ඕවර 02ක් යවා ලකුණු 07ට කඩුල්ලක් ලබා ගත්තේය.

ලකුණු 56ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායමේ කඩුලු 04ක් දවා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත් වූහ.  පළමු කඩුල්ල ලෙස ජේසන් රෝයි ලකුණු 11කට දැවී යනවිට ලකුණු පුවරුව ලකුණු 21 කි. ජොනි බ්‍රිස්ටොව්, මොයින් අලි, ලියම් ලිවින්ස්ටන් දැවී යන විට එක් අන්තයක ජොස් බට්ලර් රැඳී සිටියේය. ඔහු පන්දු 22ක දී ලකුණු 24ක් ලබා ගත්තේය. බට්ලර් සහ නායක ඉයන් මෝර්ගන් පන්දු ඕවර 8.2 කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළහ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් එකාල් හොසෙයින් කඩුලු පන්දු ඕවර 04ක් යවා ලකුණු 24ට කඩුලු 02ක්, රවී රම්පාල් පන්දු ඕවර 02ක් යවා ලකුණු 14ට කඩුල්ලක් ලබා ගත්හ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ නිදහස අවසානයේ ආරම්භය කරගන්න එපා! – විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

Next Post

ඉන්දීය ධීවරයාගේ මළ සිරුර නාවික හමුදාව ඉන්දියාවට භාර දෙයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.