බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බංගලාදේශය ඉන්දියාවට නොපැමිණෙයි නම් ලෝක කුසලානයෙන් විසිවන ලකුණු… අවස්ථාව ස්කොට්ලන්තයට?

by editor
ජනවාරි 19, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලෝක කුසලාන මූලික අදියරේ තරග සඳහා බංගලාදේශය ඉන්දියාවට පැමිණීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් තරගාවලියෙන් ඉවත් කර බංගලාදේශය වෙනුවට සුදුසුකම් ලැබීමේ ඊලඟ අදියරේ පසුවන ස්කොට්ලන්තය වෙත අවස්ථාව ලබා දීමට ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝක කුසලාන තරග සඳහා ඉන්දියාවට පැමිණෙනවා ද නැද්ද යන්න දැනුම් දීමට මේ වනවිට ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය බංගලාදේශයට දින නියම කර තිබේ. එම අවසන් දිනය වන්නේ 2026.02.21 වැනිදාය. එනම් තව දින දෙකක් ඇතුළත බංගලාදේශය සිය තීරණය ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයට දැන්විය යුතුව ඇත.

මේ වනවිටත් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සිටින්නේ  ඉන්දියාව සමඟ ඇති දේශපාලන ආතතීන් මධ්‍යයේ ආරක්ෂක ගැටලු හේතුවෙන් ඔවුන්ගේ මූලික වටයේ සියලුම තරඟ ශ්‍රී ලංකාවට ගෙන යන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) නිල වශයෙන් ඉල්ලා ඇති ස්ථාවරයේය.

වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඔහුගේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) කොන්ත්‍රාත්තුවෙන් මතභේදාත්මක ලෙස නිදහස් කිරීමෙන් බලපෑම් ඇති වූ වත්මන් තත්වයන් යටතේ ජාතික කණ්ඩායම ඉන්දියාවට නොයන බවට  බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

මේ තත්ත්වය තුළ බංගලාදේශයේ මෙන්ම අයි.සී.සී යේ ද ස්ථාවරය නොවෙනස්ය.  කොල්කටා සහ මුම්බායි හි නියමිත තරඟ නොවෙනස්ව පවතින බවත්, බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා කළ යුතු බවත් නැතහොත් බංගලාදේශය සම්බන්ධව තීරණයක් ගන්නට සිදුවනු ඇති බවත් දන්වා අයි.සී.සී. ය  තරඟ මාරු කිරීමට බංග්ලාදේශය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත්, එවැනි අවසාන නිවේදනයක් ලැබීම බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ අපේක්ෂාව නොවන බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. බංගලාදේශය පවසන්නේ තමන් ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ දැඩි අභිලාෂයකින් පසුවන බවත් ඒ සඳහා සුදුසු පරිසරයක් සකස් කර දෙන ලෙසත්ය.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

විසඳුමක් සෙවීම සඳහා සාකච්ඡා දිගටම කරගෙන යාමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය  එකඟ වී තිබේ.  බංගලාදේශ ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔවුන්   ක්‍රීඩකයින්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමට කැපවී සිටින බවය.

දෙපාර්ශවයේම අනම්‍ය ප්‍රතිපත්තිය හමුවේ බොහෝ විට සිදුවිය හැක්කේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දැඩි ස්ථාවරයට බංගලාදේශයට යටවීමට සිදුවීමය.  ඉන්දීය ස්වදේශ ඇමතිවරයාගේ පුතා වූ ජේ.ෂා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා හැටියට කරන බලපෑම හමුවේ ඉන්දියාවට හිතවාදී තීන්දුවක් අපේක්ෂා කළ හැකි බව විචාරක මතය ය.

ක්‍රීඩකයෙකුගේ ගැටලුවක් නිසා ඉපදුන ජාතික සංවාදයක්  වෙනුවෙන් ලෝක කුසලානයක් අත් හැරීමට තරම් විශාල පියවරක් ගැනීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇතැයි තක්සේරු කිරීම තරමක් වැඩි ප්‍රවේශයකි.  අනෙක් අතට ඉන්දියාවේ සංචාරයට බංගලාදේශය එකඟ වුවහොත් ඇතිවිය හැකි මහජන විරෝධයක් සම්බන්ධ අවදානමක් ද පවතී. දැනටමත් ගොඩනැගෙමින් ඇති සුළු ජාතික හින්දු විරෝධයට ඉන් ජවයක් ලැබිය හැකි බවට දේශපාලන අදහසක් ද වේ.

වර්ධනය වෙමින් ඇති මේ තත්ත්වය තුළ විස්සයි 20 ලෝක කුසලානයේ ඉන්දියානු අදියර සඳහා බංග්ලාදේශයේ සහභාගීත්වය පිළිබඳ අවසාන තත්ත්වය අවසාන දිනය දක්වා අවිනිශ්චිතව  සහ ඇවිලෙමින් ඇති තියුණු මතභේද රැසක් පසුබිම්කර පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරියානු රැකියා සිද්ධියට අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා මනුෂ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස් කරගනී!

Next Post

Tripadvisor විසින් 2026 ලෝකයේ “හොඳම මධුසමය ගමනාන්ත” 10 ඇතුළට ශ්‍රී ලංකාවේ ගාල්ලත් නම් කරයි…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.