අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පන්දු 06යි… ලකුණු 30යි… බටහිර ඉන්දීය කොදෙව්වන්ට ක්‍රිකට් එපා කළ එංගලන්ත ආරම්භක පිතිකරුගේ ප්‍රහාරය ( වීඩියෝ සහිතයි)

by editor
ජූනි 20, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අප නැති  විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ  සුපිරි අට දෙනාගේ වටය උණුසුම්ය.  බටහිර ඉන්දිය කොදෙව් තණතීරුවල දී ලෝකයට හුරු පුරුදු විස්සයි 20 රිද්මය මතු වෙමින් ඇත.

අද පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය එංගලන්තය කඩුළු 08කින් දිනුම්ය. ඒ පන්දු  15ක් ඉතිරිවී තිබෙද්දීය. ඒ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුළු 04ක් දැවී ලබා දුන් 180ක ඉලක්කය කඩුළු 02ක් පමණක් දැවී පසු කරන්නට එංගලන්ත කණ්ඩායම සමත් වීමත් සමගය.

ෆිල් සෝල්ට්

බටහරි ඉන්දීය කොදෙව්හි ශාන්ත ලූකාස්වල ඩැරල් සමී ක්‍රීඩංගනයේ පැවති තරගයේ  කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පන්දුවට පහර දීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේය.

බටහිර ඉන්දීය කොදෙව්වෝ පන්දු ඕවර 20 අවසානයේ දී ලකුණු 180ක් ලදහ. ජොන්සන් චාල්ස් 38ක්, නිකොලස් පූරාන් ලකුණු 36ක්, රොව්මන් පවෙල්,  ලකුණු 36ක් සහ ෂෙර්ෆාන් රදර්ෆර්ඩ් නොදැවී 28ක් ලැබූහ.

පන්දු යැවීමේ දී ජොෆ්රා ආචර්, අඩිල් රෂිඩ්, මොඉන් අලි, ලිඅම් ලිවින්ග්සටන් කඩුල්ල බැගින් ලැබූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි එංගලන්ත ආරම්භක පිතිකරු ෆිල් සෝල්ට් අද (20)  විචිත්‍ර වර්ණවත් ඉනිමක් ක්‍රීඩා කළේය.  ඔහු පන්දු 47ක දී නොදැවී ලකුණු 87කි. හතරේ පහර 7කි. හයේ පහර පහකි. මෙම ප්‍රහාරයෙන් හතරේ පහර 03ක් හා හයේ පහර 03ක් එල්ල වන්නේ එක් ඕවරයක් තුළය. ෆිල් සෝල්ට් රොමාරියෝ ෂෙෆර්ඩ් යැවූ 16 වැනි පන්දු ඕවරයේ දී ලකුණු 30ක් ලබා ගත්තේය. ඒ පන්දු හයට පිළිවෙළින් 4, 6, 4, 6, 6, 4  වශයෙනි.

මේ දැක්වෙන්නේ ඒ ප්‍රහාරයයි.

නායක ජොස් බට්ලර් ලකුණ 25කටත් මොයින් අලි ලකුණු 13කටත් දැවී යද්දී පිල් සෝල්ට් සමග එක් වුන ජොනී බෙයිස්ටොව්  පන්දු 26ක දී නොදැවී ලකුණු 48ක් සහිතව තුන්වන කඩුල්ල වෙනුවෙන් නොබිඳුන ලකුණු 97ක සම්බන්ධයක් ගොඩනැගූහ.  පන්දු ඕවර 17.3ක දී තරගය නිමා විය. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 10.3කි.

සුපිරි අට දෙනාගේ වටයේ දැනට පවත්වා ඇත්තේ තරග දෙකක් පමණි. දකුණු අප්‍රිකාව ඇමරිකා එක්සත් ජනපදයත්, බටහිර ඉන්දීය කොදෙව් හා එංගලන්තයත් අතරය.

අද එංගලන්තය ලබා ගත් විශිෂ්ඨ ප්‍රවේගකාරී හඹා යෑමෙන් පසු 2 ඛාණ්ඩයේ මුල් තැන ඔවුන්ට හිමි විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

භූ චලනයෙන් පසු මුලතිව් අහසේ දිස්වන නිල් පැහැති ආලෝක වස්තු දෙකක් ගැන යාපනය විශ්වවිද්‍යාලය කොළඹට දන්වයි!

Next Post

චීවරය සහිත ගංජාධාරීන් 02ක් ගංජා සමග අත් අඩංගුවට…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.