අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පඩි අඩු වුණත් වැඩ වැඩි මහේලගේ අයි.පී.එල්. වික්‍රමය

by editor
නොවැම්බර් 15, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මහේල ජයවර්ධන යනු ක්‍රිකට් ක්‍රීඩාවේ අග සිට මුලටම දත් අයෙකි. එහි හොඳ මෙන්ම නරක තැන්ද අභියෝග ජය ගන්නා ආකාරයද  හොඳින්ම ප්‍රගුණ කළ අයෙකි.

මහේල පළමු වරට පළමු පෙළ ක්‍රිකට් තරගයකට සහභගි වූයේ එස්.එස්.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසය. එදා ඔහු බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු හැත්තෑවක් ලබා දැවී ගියේ රුවන් කල්පගේ යවන පන්දුවකටය. ඔහු දැවී ගිය විට නායක අර්ජුන රණතුංග හොඳ වචන දෙකක් කියා ක්‍රීඩාගාරයට නොඑන ලෙසට තරවටු කළේය. අනතුරුව තරගය අවසන් වූ විට මාවන් අතපත්තු ඔහුව ක්‍රීඩාගාරයට රැගෙන ගියේය. එවිට මහේල පාසල් ශිෂ්‍යයෙකි. එදා ලද පන්නරය ඔස්සේ මහේල ක්‍රිකට්වල වැරදි කිරීම කුමක්ද යන්න හොඳින් අවබෝධ කරගනිමින් ලෝක පූජිත ගමනක නියැලුණි.

මහෙල රොහිත් ෂර්මා සමග…

මහේල මේ කාලයේ යළිත් කරළියට එන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තමාගේ පුහුණුකාරීත්වය යටතේ තෙවැනි වරටත් ශූරතාව දිනා දීම නිසාය. එබැවින් මහේලගේ පුහුණුකාරීත්වය සම්බන්ධයෙන් මුම්බායි ඉන්දියන්ස් හී ඔහුගේ ගෝලයන් ලොකු ඇගයීමකින් මෙසේ අදහස් පළ කර සිටියේය

  • .‘හොඳ උපායශීලියෙක්. මම ඔහු සමග ගත කළ පසුගිය අවුරුදු 3 හෝ 4 ක කාලයේදී ඔහුගේ සැලසුම් සහ උපාය මාර්ග ඉතා හොඳ බව තේරුම් ගත්තා.’ (රෝහිත් ෂර්මා),
  • ‘දුෂ්කර කර්තව්‍යයකට අති දක්ෂයා’ (සහීර් ඛාන්).
  • උපායශීලි මිනිසා…. ඒ විතරක් නෙමෙයි,  ගොඩක් සැලසුම් තියෙනවා.’ (ජස්ප්‍රිට් බුම්රා).
  • ‘ඔහු සමූහයක්. මම ඔහුගේ පිතිකරණයට ප්‍රිය කළා. ඉතින් ඔහු සම්භාව්‍යයි. (අදිත්‍ය ටාරේ), ‘
  • ඔහු නිහතමානියි’ (කෘරනල් පාණ්ඩ්‍යා).
  • “කෝපාවිෂ්ට ගොල්ෆ් ක්‍රීඩකයෙක් (ක්‍රිස් ලයින්),.
  • ‘උපායශීලියා’ (කිරන් පොලාර්ඞ්), .
  • ඔහුට හොඳ බුද්ධිමත් මොළයක් තියෙනවා සහ විශිෂ්ඨ ලෙස පුද්ගලයන්ව පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා’ (ටේ‍රන්ට් බෝල්ට්).  

මේ ඔහු ගැන මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ සාමාජිකයන් කී කතාය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මහේල අයි.පී.එල්. තරගාවලියේ සංවිධායකයන්ටද ස්තුති වන්ත වෙමින් මෙසේ පැවසීය.

පුහුණු කිරීම් අතරතුර

‘කොරෝනා වසංගතය හමුවේ තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධව සංවිධායකයන්ට සහ කණ්ඩායම් හිමිකරුවන්ට ස්තූතිය පුද කරන්න ඕන. ජෛව ආරක්ෂික බුබුළක් යටතේ තරගාවලියක් සංවිධානය කිරීම පහසු කටයුත්තක් නෙමෙයි. ඒක ඇත්තටම විශිෂ්ඨ අත්දැකීමක් වුණා. මේක ඉතාමත් තද තරගාවලියක්. ඒ තරගාවලියේදී මගේ රාජකාරිය සාර්ථකව කිරීම ගැන සතුටුයි.’

මෙවර අයි.පී.එල්. තරගාවලියේ අඩුම වැටුප හිමි පුහුණුකරුවාද මහේලය. නමුත් දක්ෂතම පුහුණුකරුද ඔහුය. ඒ වරක් නොව තෙවරක්ම තමාගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි පිලට ශූරතාව දිනා දුන් හෙයිනි. නමුත් ඔහු පවසන්නේ වැඩක් කිරීමට තමාට පහසු පරිසරයක් නිර්මාණය විය යුතු බවයි.

“මම වැඩ කරන්නේ මට පහසු පරිසරයක පමණයි. මම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරියට රැගෙන යන්නේ ඔවුන් මට ලබාදී ඇති නිදහස සහ මගේ අදහස්වලට සහයෝගය ලබා දෙන නිසයි. ඒක තමයි වැදගත්ම දෙය. මට පහසු නැති පරිසරයකට සම්බන්ධ වීමට මා කැමැති නැහැ. වැටුපට වඩා වැදගත් වන්නේ කරන රාජකාරිය නිදහසේ කිරීමට අවශ්‍ය වීමයි.”

හර්දිකි පාණ්ඩ්‍යා සමගින්..

ශ්‍රී ලංකාවේ නිසි ක්‍රමවේදයක් නොමැති බව පවසන මහේල ඉදිරියේදී ස්ථිර වැඩපිළිවෙලක් සකස් කිරීමට ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් මේ වන විටත් ක්‍රියාත්මක වී තිබේ.

“මම නිතරම කිව්වේ අපට නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි කියලා. නමුත් වසර ගණනාවක් තිස්සෙ මෙය අපි දැක නැහැ. මම ක්‍රීඩාවෙන් ලබාගත් දේ ආපසු ලබාදීමට කැමැති වගේම වෘත්තීමය නොවන දේවල්වලට සම්බන්ධ වෙන්න කැමැති නැහැ. කොහොම වුණත් මට දැන් වගකීමක් භාර දීලා තියෙනවා ක්‍රීඩා සභාවේ සභාපතිවරයා විදිහට. ඒ නිසා ඉදිරියේදී ලංකාවේ සියලුම පාසල්වල දක්ෂතා දක්වන ළමයින්ගේ ‘ඬේටා බේස්” එකක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා.

“විශ්‍රාම ගැනීමෙන් පසුව මම කවදාවත් පුහුණුකරුවකු වශයෙන් කටයුතු කරයි කියලා හිතුවෙ නැහැ. නමුත් මම දැන් එහි සෑම මොහොතක්ම සතුටින් භුක්ති විඳිනවා. මෙය ඉහළ වෘත්තීමය වාතාවරණයක් සමග සම්බන්ධ වීමට ඇති හොඳ අවස්ථාවක්.”
“මට පුහුණුකරුවකු වශයෙන් මුම්බායි කණ්ඩායමේ ගත කළ අවුරුදු හතරේදී ලොකු අභියෝගයක් තිබ්බා. ඒක මම සතුටින් බාර අරගෙන හොඳින් කළා කියලා හිතනවා. මුම්බායි කණ්ඩායමට ඕනෑම වෙලාවක තදින් පහර දිය හැකි පිතිකරුවන් ඉන්නවා. ඕනෑම වෙලාවක විස්සයි විස්ස තරගවල එළියට පහරවල් එල්ල කළ හැකි ක්‍රීඩකයන් හතක් ඉන්නවා. ඔවුන්ගේ පුහුණුකරු ලෙස මෙතෙක් අත්කර ගෙන ඇති දේ ගැන සතුටු වෙනවා.”

රිකී පොන්ටින්ව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් කරමින් මහේල ජයවර්ධනට අදාළ රාජකාරිය 2017 දී ලබාදුණි. නමුත් පසුගියදා පැවැති අයි.පී.එල්. අවසන් සටනේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රතිවාදියා වූ දිල්ලි කැපිටල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූයේද රිකී පොන්ටින්ය. මහේල පොන්ටින් සම්බන්ධවයෙන් පවසන්නේ මෙවැනි අදහසකි.

“රිකී මගේ හොඳ මිත්‍රයෙක්. ඔහු දක්ෂ පුහුණුකරුවෙක් වගේම හොඳම මහත්මයෙක්. අයි.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කරන සෑම කණ්ඩායමක්ම සමබරයි. එහි ඉදිරියට යන්නේ සැලසුම් සහ උපාය මාර්ග ඔස්සේය. ක්‍රීඩක වෙන්දේසියේ සිට අවසන් මොහොත දක්වා බොහෝ දේ සිදුවී තියෙනවා. අපේ කුසලාන ආරක්ෂා කර ගන්න ක්‍රීඩකයන්, සහාය කාර්ය මණ්ඩලය ඇතුළු බොහෝ දෙනා දුන් සහයෝගයට ගෞරවය දැක්විය යුතුයි.”

“මෙවැනි මට්ටමක පුහුණු කිරිමේදී සෑම ක්‍රීඩකයෙක්ම කළමණාකරණය කරමින් ඔවුන්ට උපරිමය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුයි. සෑම තරගයක් සඳහාම සෑම විරුද්ධ ක්‍රීඩකයෙකුටම එරෙහිව උපාය මාර්ග සකස් කිරීම වැනි බොහෝ දේවල් තිරය පිටුපස තියෙනවා.”

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ටත් අයි.පී.එල් වැනි වෙනත් තරගාවලි ක්‍රීඩා කිරීමට ලබාදීමෙන් ජාතික කණ්ඩායමට ඔවුන්ගේ උපරිම හැකියාව ලබාගත හැකි බවද මහේල ජයවර්ධන වැඩිදුරටත් පැවසීය.

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් සංදර්ශනකාරයන් පොලිස්පති තනතුරට එපා…

Next Post

කොළඹ කොවිඩ් ගමට යෑමේ අවදානම වළක්වන්න….

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.