අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තරගාවලිය පරාදයි… පෙනි පෙනී තිබූ ශ්‍රී ලංකා ජයග්‍රහණය දීපාක් චහාර් උදුරා ගනී.. ඉන්දියාවට කඩුළු 03ක ජයක්

by editor
ජූලි 20, 2021 - Updated on ජූලි 21, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

තරගය පැරදුණ බව සැබෑය. නමුත් කලකට පසු ක්‍රීඩා ලෝලීහු ක්‍රිකට් තරගයක් නැරඹුහ. මුලින්ම ඒ බව ලියා තැබිය යුතුය.

ඉන්දියාව කඩුලු තුනකින් ජයග්‍රහණය ලබා ගත්තේය. ඒ තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබිය දී ලංකාවේ දී ඉන්දියාව තරගාවලියම ජයග්‍රහණය කරමිනි. වාර්තාගත තරග පරාජයට තවත් තරගයක් එක් විය.

ජයග්‍රහණය තිබුණේ ලංකාවේ අත් මායිමේය. ඉන්දියාව ලකුණු 193කට කඩුලු 7ක් බිඳවැටුණු අසරණ අඩියක සිටියේය. එහෙත් අටවන කඩුල්ල වෙනුවෙන් දීපාක් චහාර් සහ බුවනේෂ් කුමාර් කදිම ඉනිමක් ක්‍රීඩා කළේය. ඒ 8 වන කඩුල්ල වෙනුවෙන් ඉනිම හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 විශිෂ්ට සම්බන්ධතාවයක් පවත්වමිනි. ක්‍රිකට් එසේය.

තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු ගෙනා පන්දු යවන්නා වනිඳු හසරංගය. වනිඳු ආරම්භක කඩුලු දෙක අතුළු කඩුළු තුනක් ලබා ගන්නේ ලකුණු 37කටය. ඔහුට අවශ්‍ය ගෞරවය දෙමින් අවබෝධාත්මකව පිතිකරණයේ යෙදුණු චහාර් අනෙක් පන්දු යවන්නන්ගේ දුර්වල පන්දුවලට දිය යුතු පිළිතුරු ලබා දුන්නේය.


චහාර් පන්දු 82කදී ලකුණු 69ක් නොදැවී රැස් කළේය. ඒ ඉන්දීය ඉනිමේ එකම හයේ පහර සහ හතරේ පහර 7ක් සමගිනි. බුවනේෂ් කුමාර් පන්දු 28ක දී ලකුණු 19ක් ලබා ගත්තේය.


ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තියුණු අවස්ථා මගහැරිනි. දුෂ්මන්ත චමීර වෙනුවෙන් නිසි ලෙස පිටිය සකස් කර තිබුණා දැයි සැක ඇති විය. පිත්තේ අතරින් පතර වැදෙන පන්දු හතරේ සීමාව ඉක්මවා ගියේ පන්දු යවන්නාට කළ හැක්කක් නොතබමිනි. වාසනාව ඉන්දියානු පිල පැත්තේ තිබෙනු පෙනුණි. ඕවර 49යි පන්දු 1 තිබිය දී තරගය නිමා විය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!


මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 276ක් ලබා ගත්තේය. කදිම ආම්භයක් ලබා දුන් ආරම්භක පිතිකරුවන් වූ අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භාණුක පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සම්බන්ධයක් ගොඩනැගූහ. 13 වැනි පන්දුවාරයේ දී මිනෝද් ලකුණු 36කට දැවී යන්නේය. ඔහු ඒ ලකුණු ප්‍රමාණය රැස් කරන්නේ පන්දු 42කටය.

අනතුරුව පිටියට පැමිනෙන භාණුක රාජපක්ෂ තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේය.

චරිත් අසලංක පන්දු 68ක දී ලකුණු 65ක් ලබා ගත්තේය. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 71ක දී ලකුණු 50ක් ලබා ගත්තේය. චාමික කරුණාරතන් පන්දු 33ක දී ලබා ගත් ලකුණු 44 ලංකාව බලාපොරොත්තු සහගත තැනක තැබුවේය. ඔහු දෙවන තරගයේ දීත් අර්ධ ශතකයට පැමිණියේය.

ඉන්දියාව වෙනුවෙන් ලකුණු 54කට කඩුළු 03ක් ලබා ගැනීමට බුවනේෂ් කුමාර්ට හැකි විය. දීපාක් චහාර් ලකුණු 53කට කඩුළු 2ක්, යුස්වේන්ද්‍ර චහාල් ලකුණු 50ට කඩුළු 03ක් ලබා ගත්තේය.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක යෙදුණු සූරියකුමාර් යාදේව් ලකුණු 53ක් ලබා ගත්තේය. හර්දික් පාන්ඩ්‍ය ලකුණු 35ක්, මනිෂ් පාණ්ඩ්‍ය ලකුණු 37ක් කෘනාල් පාන්ඩ්‍ය ලකුණු 35ක් හා ශිකර් දවාන් ලකුණු 29ක් ලබාගත්තේය.

කෙසේ වෙතත් තුන්ඉරියවු ක්‍රීඩකයෙක් යනු කවරෙක් ද, වගකීම් සහිත මැද පෙළ පිතිකරුවෙක් තරගයක් නිමා කරන්නේ කුමණ ආකාරයෙන් ද යන්න දීපාක් චහාර් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් විටෙක අවිනීත පන්දු යැවීමක් කළා දැයි සිතෙන්නේ තරගය අවසානයේ අතිරේක ලකුණු දකින විටය. ලකුණු 21ක් අතිරේක ලකුණු විය. ඉන් 16ක්ම වයඩ් පන්දුය.

රට තුළ දී විලි ලජ්ජාවෙන් බේරෙන්නට තව එක් අවස්ථාවක් තිබේ. ඒ අවස්ථාව දෙස ක්‍රීඩා ලෝලීහු බලාගෙන සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දියණිය ගින්නට බයයි… සියදිවි නසා ගත්තා නොව ඇයව මරා දාලා…

Next Post

කප්පම් ඉල්ලුවෙ නෑ.. ඉල්ලුවෙ වැසිකිලි හදන්න ආධාර… රාජ්‍ය ඇමති සනත් නිශාන්ත කියයි…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.