බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කෙල්ලනේ… මේ ගේම ඉන්දියාවටත් ගහපල්ලා….

by editor
මැයි 2, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කෙල්ලෝ විශිෂ්ට ජයග්‍රහණයකය. දකුණු අප්‍රිකාව පරදවා කඩුළු 05 ජයග්‍රහණයක් ලබා ගන්නේ පන්දු 22ක් තව ඉතිරිව තිබිය දීය. කුජීත වෙන්න ඉන්දියාවට පැරදී පටන්ගත් තරගාවලියේ දෙවැනි තරගයේ දී සටන්කාමී ලෙස යළි ඉදිරියට එන්නට කෙල්ලන්ට හැකි වී ඇත. ඒ ජාත්‍යාන්ත කාන්තා එක්දින තරගවල දී සිවු වන කඩුල්ල සඳහා වාර්තාගත ලකුණු 128ක සම්බන්ධතාවයක් ගොඩ නගමිනි.

හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි අතර ඇතිවන මේ වාර්තාගත සම්බන්ධය බිඳ දමන්නේ වසර 23ක් තිස්සේ පැවති වාර්තාවකි. ඔවුහු සිවුවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 128ක් රැස් කළහ. මෙතෙක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සිවු වන කඩුල්ල සඳහා ගොඩනැගී තිබුණු විශාලම සම්බන්ධතාවය ලකුණු 118කි. ඒ සම්බන්ධය ගොඩනැගෙන්නේ වර්ෂ 2002 දී පකිස්ථානයට එරෙහිව හිරෝෂි අබේසිංහ සහ චාමනී සෙනවිරත්න අතරය.

කවීෂා සහ හර්ෂිතා අතර 4වන කඩුල්වාලට ර්තාගත සම්බන්ධයක්…

මේ තරගයේ හොඳම කෑල්ල ඊටත් වඩා එහා ගිය එකකි. චමරි ගැහුවෙ නැතිනම් මැච් පරාදයි කියන තියරිය මේ කෙල්ලෝ වෙනස් කළහ. චමරි අතපත්තු දැවී යන්නේ ලකුණු 06ක් ලබා සිටියදී ය. ඇය මුහුණ දුන්නේ පන්දු 08කි. පිටියේ රැඳී සිටියේ විනාඩි 10කි. ඇය දැවී ගිය පසු ආරම්භක පිතිකාරිනිය හසිනි පෙරේරා, අංක දෙක පිතිකාරිණිය වූ විෂ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි එක මිටට නැගී සිටිමින් තරගය ගොඩ දැමූ ආකාරය බලා සිටියේ ආශ්වාදයෙනි. කාලය කළමනාකරණය කරමින් තාක්ෂණය උපරිම ලෙස යොදාගෙන මේ තරුණියන් දියත් කළ රිද්මයානුකූල පිතිකරණය නර්තනයක චමත්කාරය මැවූ බව ආඩම්බරයෙන් ලියා තබමු.

දකුණු අප්‍රිකානු පිල

කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. හඹා යෑම පිළිබඳ විශ්වාසය තැබූ ශ්‍රී ලංකා නායිකා චමරී අතපත්තු පන්දු රැකීම තේරුවේය. දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් අත් නොහැරි අභියෝගාත්මක පිතිකරණයක නිරත වූයේය. මුල් කඩුළු දෙක ලකුණු 27ක දී දැවී යන්නේ ආරම්භක පිතිකාරිණියන් දෙපලවන දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වොල්වාඩ්ට් ඉනිම ලකුණු 10කටත්, ටස්මින් බ්‍රිට්ස්ගේ ඉනිම ලකුණු 14කටත් සීමා වෙමිනි. අනතුරුව කඩුළු රකින ක්‍රීඩිකා කරබෝ මෙසෝ ලකුණු 09කට දැවී යන්නීය. දැන් ලකුණු 59ට කඩුළු 03කි.

අනතුරුව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලාරා ගූඩල් සහ සුනේ ලූස් අතර ලකුණු 54ක සම්බන්ධයක් ගොඩනැගෙන්නේය. සිවු වන කඩුල්ල වෙනුවෙන් ලාරා ලකුණු 46කට දැවී යන්නීය. සුනේ ලූස් ලකුණු 31කට පස්වන කඩලුල්ල ලෙස දැවී යන විට දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 120කි. පෙනී ගියේ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් ලකුණු 200ක් නොඉක්මවන ලකුණුය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

එහෙත් දකුණු අප්‍රිකානු මැද පිල තරගයක් දිය හැකි ලකුණු මට්ටමකට කණ්ඩායම ඔසවා තැබුවේය. අංක 06 ක්‍රීඩිකා ක්ලෝයි ට්‍රයෝන් හතරේ පහර 4ක් සමග ලකුණු 35ක්, අංක 07 ක්‍රීඩිකා ඇනරි ඩර්ක්සන් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 61ක්, රැස් කළහ. දකුණු අප්‍රිකානු ඉනිමේ හොදම පිතිකරණය ඇනරි ඩර්ක්සන්ගේය. ඇය නොදැවී රැස් කළ ලකුණු 61කට වැය වන්නේ පන්දු 60කි.

මල්කි මදාරා පන්දු ඕවර 10 යවමින් ලකුණු 50කට කඩුළු 04ක් බිඳ හෙළුවාය

ඕවර 50 අවසානයේ දී දකුනු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 235කට දැවී ගියහ. පන්දු යැවීමේ දී මනරම් පන්දුකරණය මේ තරගාවලියට එක්දින වරම් ලැබූ යොවුන් ක්‍රීඩිකා මල්කි මදාරාගෙනි. ඇය පන්දු ඕවර 10 යවමින් ලකුණු 50කට කඩුළු 04ක් බිඳ හෙළුවාය. දෙව්මි විහංගනා පන්දු ඕවර 10 යවමින් ලකුණු 41කට කඩුළු 3කි. සුගන්ධිකා කුමාරි, සහ ඉනෝකා රණවීර කඩුල්ල බැගින් ලැබූහ.

ශ්‍රී ලංකා ඉනිම

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව තුන්වන ඕවරයේ මුල්ම පන්දුවෙන් බිඳ වැටිනි. චමරි අතපත්තු ලකුණු 06කට දැවී ගියාය. එහෙත් අනතුරුව පිතිකරණ වගකීම පරිණත ලෙස සියතට ගත් ආරම්භක පිතිකාරිණිය හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, එකිනෙකා නොපරදින ජවයක් සහිතව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට රැගෙන ගියහ.

මුල් කඩුල්ල බිඳ වැටෙන්නේ ලකුණු 09 දී ය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් විශ්මි ගුණරත්න සහ හසිනි පෙරේරා අතර ගොඩනැගෙන සම්බන්ධය ලකුණු 69කි. විශ්මි ලකුණු 29ක් ලැබුවාය. ඊට හතරේ පහර 5කි. දෙවැනි කඩුල්ල ලෙස විශ්මි දැවී යනවිට මුළු ලකුනු සංඛ්‍යාව ලකුණු 78කි.

තවත් ලකුණු 12ක් තුළ අර්ධ ශතකය පෙනි පෙනී සිටි හසිනි පෙරේරා ලකුණු 42කට දැවී ගියාය. ඒ වන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 90කි.

කවීෂා ලකුනු 61 යි…

වාර්තාගත සම්බන්ධතාවය බිහි වන්නේ ඉන් පසුය. ඒ හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි අතරය. ඔවුන් දෙදෙනා අතර ගොඩනැගෙන වාර්තාගත සම්බන්ධය ලකුණු 128කි. ජයග්‍රහණයේ එළිපත්තටම ශ්‍රි ලංකා කණ්ඩායම කැඳවාගෙන ගිය මේ ක්‍රීඩිකාවෝ දෙපළම අර්ධ ශතක ලැබූහ. සිවුවන කඩුල්ල බිඳ වැටෙන්නේ ලකුණු 218දී ය. ඒ කවීෂා දිල්හාරි ලකුණු 61කට දැවී යෑමෙනි. කවීෂා පන්දු 65ක් තුළ හතරේ පහර 06ක් සහ එක් හයේ පහරක් ලකුණු 61ට ඇතුළත් විය.

ජයග්‍රාහී ඉලක්කය ලකුණු 236කි. විශිෂ්ට පිතිකරණයක යෙදෙමින් කවීෂා සමග ශ්‍රී ලංකා ඉනිම ගොඩදැමූ හර්ෂිතා සමරවික්‍රම හතරේ පහර 08ක් සමග ලකුණු 77ක් ලබා සිටියදී දැවී යන්නේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 232ක් ලබා සිටිය දීය.

හර්ෂිතා ලකුණු 77යි…

කඩුළු 05ක් පමණක් දැවී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවො 47 වැනි ඕවරයේ 3 වැනි පන්දුවේ දී ජයග්‍රහණය සනිටුහන් කළහ. තරගේ දක්ෂතම ක්‍රීඩිකාව හර්ෂිතා ය. පන්දු යැවීමේ දී නොන්කුලුලෙකෝ ම්ලාබා කඩුලු 02ක් සහ සුනේ ලූස් කඩුල්ලක් ලැබූහ.

දැන් අප බලාගෙන ඉන්නේ මේ ගේම ඉන්දියාවට එරෙහිවත් අපේ කෙල්ලන් ගහන තුරුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විනය හදන්න පොරොන්දු වී බලය ගත්තු NPP ආණ්ඩුවේ රට හදන මැයි රැළියට ආපු හැත්ත බුරුත්ත පොලිසිය තුට්ටුවට දමා නීතිය කුඩු කළ හැටි…

Next Post

මැයි දිනයට කතා කළේ පක්ෂ නායකයා හා ප්‍රේමදාසගේ පුතා නිසා… අවසන් කම්කරුවා දක්වා පිටව යන තුරු රැඳී ඉන්නට බැරිනම් මින් පසු කිසිම මැයි දිනයකට එන්න එපා… ආනන්ද පාලිත සජිත්ට කියයි!

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.