සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉතිහාසගත පරාජයන් වැලට තවත් අන්ත පරාජයක්… තරුණ ඉන්දියානුවෝ ලංකාවේදී ලංකාව නොකවුට් කරති….

by editor
ජූලි 18, 2021
in ක්‍රීඩා
India
Share on FacebookShare on Twitter

ඉතිහාසගත පරාජය වැලට තවත් පරාජයක් එක් විය. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ පැවති ඉන්දියා ශ්‍රී ලංකා පළමු එක්දින තරගයෙන් ලංකාව කුජීත කරමින් ඉන්දියාව කඩුළු 07ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමිනි.

ශ්‍රී ලංකාව පන්දු ඕවර 50 ලබා දුන් ලකුණු 262ක ඉලක්කය ඉන්දියාව පන්දු ඕවර 36 පන්දු 04කදී ඉක්මවා ගියේය. ඒ කඩුළු තුනක් පමණක් ලබා දෙමිනි.

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවි ලකුණු 262ක් රැස් කළේය. කවුරුත් හිතුවේ ඉන්දියාවට කදිම ඉලක්කයක් අප ලබා දුන් බවය.

එහෙත් පිතිකරුවෝ මේ තරගයක් සෙල්ලමක් කරගත්හ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ වේග පන්දු යවන චාමික කරුණාරත්නය. ඔහු වේගවත් පිතිහරඹයක නිරිත වෙමින් පන්දු 35කදී හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 43ක් රැස්කළේය. නායක දසුන් ශානක ලකුණු 39ක් සහ චරිත් අසලංක ලකුණු 38ක් රැස් කළහ. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 35කදී ලකුණු 33ක් ලබා ගත්තේය.

අද තරගයේදී එක්දින වරම් දිනු භානුක රාජපක්ෂ පන්දු 22කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 24ක් රැස් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාර දෙකේදී ලකුණු 32ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී දිපක් චහර්, යුෂ්වේන්ද්‍ර චහල් සහ කුල්දීප් යාදෙව් කඩුලු දෙක බැගින් දවා ගත්හ. හර්දික් පාන්ඩ්‍යා සහ කෘනාල් පාන්ඩ්‍යා එක් කඩුල්ල බැගින් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දියානු ක්‍රීඩකයෝ තරගය තමන්ට තරගයක් නොවන බව ආරම්භයේ සිට පෙන්වා දුන්හ. පිතිකරණය ආරම්භ කළේ ශිකර් දවාන් සහ ප්‍රීත්වි ෂා ය. ප්‍රිත්වි ෂා ශ්‍රී ලංකා පන්දු යවන්නන් නන්නත්තාර කළේය. මේ තරුණ ක්‍රීඩකයා පන්දු 24කදී ලකුණු 43ක් රැස් කළේය. ඒ හතරේ පහර 9ක් සමගිනි. ඔහු ලකුණු 43කට දැවී යනවිට ඉන්දීය කණ්ඩායම පන්දුවාර 5යි පන්දු 3ක දී ලකුණු 58ක් රැස්කර සිටියේය. ඕවරයක සාමාන්‍ය තිබුණේ ලකුණු 10 සීමාවේ ය.

ෂා ගේ දැවීයාමෙන් පසු පිටියට පැමිණියේ ඉෂාන් කිෂාන්ය. මේ තරුණ ක්‍රීඩකයන් ජාත්‍යාන්තරයේ ඒ තරම් ප්‍රකට වූ අය නොවේ. ඉෂාන් පන්දු 42ක දී ලකුණු 59ක් රැස් කළේය. ඔහු එක් හයේ පහරක් සමග හතරේ පහර 8ක් එල්ල කළේය. ඉෂාන් දැවී ගියේ ඉන්දියාවේ ජයග්‍රහණයට අවශ්‍ය පදනම සහතික කරමිනි. ඒ ලකුණු 143 දී ය. ඒ වනවිට ලංකාව යවා තිබුණේ පන්දු ඕවර 17. පන්දු 5ක් පමණි.

ඔහුගෙන් පසු පිටියට පැමිණි මනිෂ් පාන්ඩ්‍යා ලකුණු 26ක් රැස් කළේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට යම් පීඩනයක් පතිත කළ හැකි වූයේනම් ඒ පාන්ඩ්‍යාට පමණි. ඔහු ලකුණු 26 ලබා ගැනීමට පන්දු 40ක් වැය කර තිබිණි.

මේ කාලය පුරාම ආරම්භක පිතිකරු මෙන්ම නායක ශිකර් දවාන් කඩුල්ලේ රැඳී සිටියේය. ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ක්‍රිකට් පාඩමක් උගන්වමින් එක් අන්තයක් ආරක්ෂා කරගෙන නොදැවී ලකුණු 86ක් ලබාගෙන තරගය නිමා කළේය. ඔහු සමග තරය අවසන් කළ සූරියකුමාර් යාදේව් පන්දු 20ක දී ලකුණු 31 රැස් කළේය.

ඉන්දියානු කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තතනමින් ලබා ගත් ලකුණු 262ක ඉලක්කය කඩුළු 03ක් පමණක් දැවී පන්දු ඕවර 36 පන්දු 4කදී පසුකර ගියහ. පන්දු ඕවරයක දී දල ලකුණු ලබා ගැනීමේ වේගය 7.17ක් විය.

මේ තරගාවලිය සඳහා පැමිණියේ ඉන්දියානු ජාතික කණ්ඩායමේ සාරය නොවේ. කෝලිලා ගෙදර ඉඳ එවූ කොල්ලන් ලංකාවේ දී ලංකාවට ක්‍රිකට් ගුටි දෙන ආකාරය බලා සිටියෙමු.

මේ පරාජිත මානසිකත්වයෙන් බේරෙන්නට හැකි දිනය පිළිබඳ අදහසක් නැති තරමට අප කණ්ඩායමක් ලෙස බිඳවැටී ඇති ආකාරය මේ තරගයේදීත් පෙනුණේය.
බිඳවැටුණු මානසිකත්වය ගොඩ නගාගෙන පාසල් ක්‍රිකට් නොව ජාත්‍යාන්තර පිටියේ ක්‍රීඩා කිරීමේ පරිචය ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත යුතු බව ජාත්‍යාන්තර විස්තර විචාරකයෝ නොකියා කීහ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බ්‍රිතාන්‍යයේ සංචරණ සීමා ලිහිල් කිරීමට පැය කිහිපයක් තිබියදී අගමැති ස්වයං හුදෙකලා වෙයි

Next Post

එල්.ටී.ටී.ඊ. චිත්‍රපට විකිණූ නුවරඑළිය ව්‍යාපාරිකයා අත් අඩංගුවට…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.