ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය ගැන කතාවක්… තුරඟ තරග පිටියේ අප දුටුවේ අනාගත රගර් ක්‍රීඩාවේ සහන් එළිය ය…

by editor
ඔක්තෝබර් 20, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

කොළඹ තුරග තරග පිටිය කොළඹ ඉතිහාසයේ කොටසකි.  ඒ ඉතිහාසය අද අලුත් වු බව සිතමි. උද්‍යෝගීමත් දේශීය ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ, ඔක්තෝබර් 18-19 දින කොළඹ තුරඟ තරග පිටියේ රග්බි ක්‍රීඩාංගනයේ  පැවති 2025 ආසියානු රග්බි එමිරේට්ස් සත් සාමාජික තරගාවලියේ දෙවන අදියරේදී ශ්‍රී ලංකා ජාතික රග්බි සත් සාමාජික කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වමින් තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

චීන ජාතික රග්බි සත් සාමාජික කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ඔවුන්ගේ තීරණාත්මක   තරගයේදී අප දකින්නේ වෘත්තීය තරග ප්‍රවේශයකි.  ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වේගවත්ව පිටියේ ආදිපත්‍ය හසුරුවමින් උන්හ. ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ තියුණු උත්සාහක දිනුමකින් ශ්‍රී ලංකා කණ්ඩායම මුල්ම ඉදිරි ප්‍රවේශය ලබා ගත්තේය.  චීන කණ්ඩායමේ පසුපෙළ ආරක්ෂකයින් අභිබවමින් ලබා ගත් එම තියුණු උත්සාහක දිනුම  ප්‍රේක්ෂකයින් විමතියට පත් කරන අයුරු දුටුවෙමි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ චීනයට අමත නොවන තරගයක් ලබා දුන්හ. එය ශ්‍රී ලංකාව ලබා ගත් අද්විතීය ජයග්‍රහණයකි. චීන සත් සාමාජික ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාව ඉදිරියේ ලකුණු   34–7ක් ලෙස තියුණු පරාජයකට ලක් විය.

මෙම ඒත්තු ගැන්වෙන ජයග්‍රහණය පිළිමළුන් පිටුදැකීමේ අදියර කරා යන ඔවුන්ගේ විශ්වාසය වැඩි කළේය.

අවසන් පූර්ව තරගය පැවතුනේ ශ්‍රී ලංකාව සහ  ජපානයට අතරය. ජපානය ලෝක මට්ටමේ රග්බි වර්ණනය කළ කණ්ඩායමකිය. ජපාන ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායම අතර පැවති තරගය මේ තරගාවලියේ උනුසුම්ම තරගයක් බව කිව යුතුය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ගෞරවණීය පරාජය

ආසියාවේ ශක්තිමත්ම කණ්ඩායමක් ලෙස පුළුල් ලෙස සැලකෙන ජපාන කණ්ඩායමට එරෙහිව ශ්‍රි ලංකා ක්‍රීඩකයින් ප්‍රකට කළේ  දැඩි සටන්කාමී ක්‍රීඩා විලාශයකි. නායක කවිඳු පෙරේරා ලකුණු ලබා ගැනීම උත්සාහක දිනුමකින් ආරම්භ කළේය.   ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය. නමුත් ජපානය වහාම ප්‍රතිචාර දැක්වූ අතර විවේකයට පෙර 5-5ක් ලෙස සම කළේය. තරගය ගියේ කරට කරය.

දෙවන කාල පරිච්චේදය තුළ යළිත් වරක් ශ්‍රි ලංකා කණ්ඩායම උත්සාහක දිනුමක් සහ එහි ප්‍රවර්ථනය ලබා ගත්තේය. අවාසනාවන්ත සිදුවීම වන්නේ දෙවන අර්ධයේ අවසන් අවස්ථාවේ දී ගයාන් පෙරේරා කහ කාඩ් පත් අවවාදය සමග පිටියෙන් ඉවත් කිරීමය. එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායමට තරග කරන්නට වූයේ ක්‍රීඩකයින් හය දෙනෙක් සමගිනි. ඒ අමතර ඉඩ ප්‍රයෝජනයට ගනිමින් තරගයේ අවසන් අවස්ථාවේ දී ජපානය උත්සාහ දිනුම් දෙකක් වාර්තා කළේය. අවසානයේ දී ජපානය ශ්‍රී ලංකා කණ්ඩායම 15-12ක් ලෙස පරාජයට පත් කළේය.

පරාජය වේදනාකාරී වුවද, සත්කාරක කණ්ඩායම ඉහළ පෙළේ ප්‍රතිවාදියෙකුට එරෙහිව ධෛර්යය සහ විශ්වාසය පෙන්නුම් කිරීම ආශ්වාදයක් විය.

තුන්වන තැන හෙවත් අනාගත බලාපොරොත්තුව

යළිත් ශ්‍රි ලංකාවට චීනය හමුවන්නේ තරගාවලියේ තුන්වන ස්ථානය වෙනුවෙන් පැවති තරගයේ දී ය.  තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රභාමත් ලෙස ඇරඹූහ. පළමු අර්ධය නිම වන්නේ තියුණු සටනක් සමග ලකුණු 7 -7 ලෙසය.

දෙවන භාගයේදී ශ්‍රී ලංකාව නැවතත් තරගයේ  පාලනය ලබා ගත්තේය.   සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි වරටත් චීනය පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නේ 19-14ක් ලෙසය.

ශ්‍රි ලංකාවේ මේ නිමාව ආකාර්ශනීය එකකි. ඉදිරිගාමී ප්‍රවේශයකි. අප දකින්නේ වැඩිදියුණු කළ ක්‍රීඩාවක ශක්තිමත් ව්‍යුහාත්මක සැලැස්මකි.   වේගය සහ විශ්වාසානීය සන්සුන් භාවය වෘත්තීය රගර් ක්‍රීඩකයින්ගේ ගුණ ප්‍රභාව පෙන්නුම් කරනු දුටුවෙමි. විශේෂයෙන් චීනයට එරෙහි විශිෂ්ට ජයග්‍රහණයේදී සහ ජපානයට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී ලබා දුන් තියුණු තරගයේ දී මේ රටේ රගර් ක්‍රීඩාව  බොහෝ දුරක් පැමිණ ඇති බවත් ඒ පැමිණි දුර වෙනුවෙන් ක්‍රීඩා කාමී පරපුරක් නිහඬවම බොහෝ කැප කිරීම් කර ඇති බවත් සිහි කළ යුතුව තිබේ.

අවසාන ඉලක්කය කුසලාන ශූරතාව බව සැබෑය. නමුත් ශක්තිමත් ක්ෂේත්‍රයක තුන්වන ස්ථානය විශාල ගමනක් යෑම සඳහා වූ බලාපොරොත්තු උපදවන ජයග්‍රහණයක් බව කිව යුතුය. ලබාගත් අත්දැකීම් ප්‍රමාණය ක්‍රීඩාව තියුණු කරනු ඇත. ඔවුන් පසුපස රැඳී සිටින දේශීය ප්‍රේක්ෂක පවුර    ඔවුන් පිටුපසින් සිටිනු ඇත.

අප දකින්නේ අනාගතය වෙනුවෙන් සුබදායී ප්‍රවේශයකි. මේ ජවසම්පන්න ක්‍රීඩාව ඈත ගම්බිම් දක්වා ව්‍යාප්ත වුවහොත් අප ලෝකයේ වෙනස්ම ලකුනක් තබන ක්‍රීඩාවක් කරනු ඇති බව විශ්වාසය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගල්කිස්සේ පොලිස් පොඩ්ඩා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තාරක නානායක්කාර මාතර නීතිඥ සංගමයේ විධායක කමිටුවෙන් ඉවත් වෙයි…

Next Post

අදත් අනෝරා වැස්සක්…

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.