සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අපට දුක හිතෙන්නේ මැච් බලන්නට දඹුල්ලේ ගස් බඩගෑ මිනිස්සු ගැනය…

by editor
ජූලි 14, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඊයේ රාත්‍රිය ගෙවී ගියේ වචනයක් ලියාගත නොහැකි පීඩනයක් සහිතවය. දඹුල්ලට රැස්වී ගස් අතුවල එල්ලීගෙන මැච් එක බලන්න පැමිණි ආදරණීය මිනිස්සු පවුය.

අප හැම විටම කියන කතාවක් තිබේ. පරාජය පිළිගත හැකිය. එහෙත් එය පිළිගත හැකි පරාජයක් විය යුතුය. එක තරගයක පට්ට පලු යන්න දිනනකොට අනෙක් තරගය හිතාගන්නටත් බැරි තරම් කුජීත වි පරදින්නට අප මේ බූරු ගහනවා නොවේ. රටක් නියෝජනය කිරීම සඳහා තෝරාගත් රස්සාවට ක්‍රිකට් ගහන සෙට් එකක් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාව පැත්තකට තබා පිච් එක මැද බූරු ගහනවා බලන්නට සිදුවීමේ ඛේදවාචකය කොපමණදැයි මේ රටේ ක්‍රිකට්වලට ආදරය කරන මිනිස්සුන්ගෙන් අසා දැනගත යුතුය. මේ කුණුහරපය කුමක්දැයි තේරෙන බාසාවෙන් කියා දෙන මෙන් චරිත් අසලංකට ආරාධනා කරමු.

ඊයේ මැච් එක බැලුවා නම් තව සති දෙකකින් මෙරට සංචාරයක් සැලසුම් කරමින් සිටින බව කියන ඉන්දියාව ගෙදරට වී ක්ලබ් මැච් එකක් ගහන් ඉඳීම වඩාත් යහපත් බව නොසිතනවා පුදුමය. කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහරදීමට ආරාධනා කළ ශ්‍රී ලංකා කණ්ඩායම බංගලියන්ගෙන් අප්‍රමාණ ලෙස ගුටි කෑවේය. ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය අප ලකුණු 100ක් ලබා ගත්තේ නැත. පන්දු ඕවර 15ක් තුළ දී ලකුණු 94කට සියල්ලෝ දැවී ගියහ. පැත්මු නිශ්ශංක ලකුණු 32කි. දසුන් ශානක ලකුණු 20කි. අනෙක් එකෙක්වත් ලකුණු 10 ඉක්මවූයේ නැත. බංගලාදේශය ස්වකීය පිට පිට අන්තර්ජාතික එක් දින තරග 06ක පරාජය, ලකුණු 83කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ලැබු වාර්තාගත ජයග්‍රහණයකින් අනතුරුව නිමා කළේය.

තරග තුනක තරගාවලිය 1-1ක් ලෙස සමානය.

මුලින්ම පන්දුවට පහර දුන් බංගලි කණ්ඩායම වෙනුවෙන් ලිටන් දාස් පන්දු 50 කින් ලකුණු 76 ක් ලබා ගත්තේය. ඔහු අර්ධ ශතකයක් නොමැතිව තරග 13 ක් පසුකර පැමිණ අවසානයේ අපට රිදෙන්න ගුටි දී සිය රිද්මය සොයා ගත්තේය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

අනතුරුව ලංකාව කුඩු කළේ ෂමිම් හොසේන්ගේ විනාශකාරී ලකුණු 48 ය. ඊට පන්දු 27කි. හතරේ පහර 05කි. එක් හයේ පහරකි. කණ්ඩායමට ලකුණක් ලබා දීම වෙනුවෙන් ඔහු සිය අර්ධ ශතකය කැප කරන ආකාර දුටුවෙමු. මැද පෙළ ශක්තිය කුමක්දැයි ඔහු පෙන්නුවේය.

ලකුණු 178 ක් හඹා ගිය ශ්‍රී ලංකාවේ ඉදිරි පෙළ පිතිකරුවන් බිඳ වැටුන ආකාරය දරා ගත්තාට දඹුල්ලේ මිනිසුන්ට තෑග්ගක් දිය යුතුය. පන්දු යැවීමෙන් මෙන්ම සහ පිටියේ පන්දු රැකීමෙන් ද බංගලාදේශ කණ්ඩායම ප්‍රකට කළ තරගකාරීත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇප කැන්සල් කළේය. 12 වන ඕවරයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 73 ක් පමණක් ලබා සිටියදී අවසන් පිළිගත් පිතිකරුවා දසුන් ශානක දැවී ගියේය. ශ්‍රී ලංකා ඉනිම ඕවර 15.2 කට සීමා විය.

ෂමිම්ගේ දස්කම්

පැවතියේ පිතිකරණයට උචිත තණ තීරුවකි. එහෙත් බංගාලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනා තම කඩුලු විසි කළහ. ලකුණු 07ට කඩුළු 02ක් බිඳ වැටුනේය. අනතුරුව ලිටන් දස් සහ ටවුහිඩ් හ්‍රිඩෝයි කණ්ඩායම බිඳවැටීම වළක්වා ගනිමින් විශාල පදනමක් දැමුහ. තුන්වන කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ගොඩනැගු සම්බන්ධතාවය ලකුණු 69කි. ලකුණු 76 දී හිඩ්‍රෝයි ලකුණු 31කට දැවී ගියේය. එහෙත් එක් අන්තයක් රැකගෙන නායක ලිටොන් දාස් සිටියේය. ඔහු සමග එක්ව 5වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය. ඒ සම්බන්ධතාවය තරගයේ හැඩය මුලුමනින්ම වෙනස් කර බංගලාදේශය දෙසට හරවා ගත්තේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ හඹා යාම කඩාකප්පල් කිරීමේ තීරණාත්මක සාධය වූයේ ෂමිම් ය. ඔහු විශිෂ්ඨ පන්දු රැකීමකින් කුසල් මෙන්ඩිස් දුවද්දී දවා ගත්තේය. ඒ පන්දුව කෙලින්ම කඩුල්ල වෙත යොමු කිරීමෙනි. එමෙන්ම ෂම්මි හොසේන් අවිෂ්ක ප්‍රනාන්දු ඉවත් කිරීමට‍ රැක ගත් විශිෂඨ උඩපන්දුවත් එවැන්නකි.

ලිටන් දාස්

ලිටන් මේ වසරේ පසුගිය කාලය පුරාම විස්සයි 20 තරග රටාවට කිසිදු විශිෂ්ට ස්වරූපයකින් පැමිණ නොතිබුණි. මේ වසරේ ඔහු දෙවරක් ලකුණු 40ක් බැගින් රැස් කළ බව සැබෑය. නමුත් ලිටන් දාස් ඔහුගේ අවසන් විස්සයි20 ලකුණු 50ට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ අවුරුද්දකට පෙරය. එනම් 2024 ජුනි මාසයේදීය. ඔහුගේ නායකයා හොඳම තත්ත්වයේ නොසිටි බව ඔහුගේ පුහුණුකරුට පවා පිළිගැනීමට සිදු විය.

මේ තරගයේ දී ලකුණු 30ක් ලබා සිටිය දී ජෙෆ්රි වැන්ඩර්සේගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස්ට අත් හැරුණ ස්ටප් කිරීමේ අවස්ථාවකින් ලිටන් වරප්‍රසාදයක් ලැබුවේය. ඒ මග හැරුණ අවස්ථාවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතුවක් බව පෙනෙන්නට තිබිණි. දෙවැනි අවස්ථාවත් ඔහු ලැබුවේය. ඒ මිඩොෆ් හි පන්දු රැකි මහීෂ් තීක්ෂණ විසින් අත්හැර දැමූ උඩ පන්දුවකිනි. ඒ වනවිට ඔහු ලකුණු 56කි.

ශ්‍රී ලංකා කණ්ඩායම හඹා යන්නට ගොස් ළදරුවන් මෙන් බිඳ වැටුනේය. එක් අන්තයක් බිඳී යනවිට රිද්මය වෙනස් කරන්නට පැතුම්ට සිදුවිය. අවසානයේ දී පැතුම්ගේ සංයමය බිඳී ගිය මොහොතේ ස්ටම් කිරීමකට හසුවී ඉනිම නිමා කළේය. ලෝකයේ හොඳම කණ්ඩායමකට අභියෝග විය හැකි බව කී මැද පෙළ හිඟන ලෙසින් කුඩු වී ගියේය.

විශිෂ්ට පන්දු රැකීමක් හමුවේ කුසල් අනපේක්ෂිතව දැවී යෑමත් සමග එල්ල වු බංගලි පීඩනය ඉදිරියේ ප්‍රතිප්‍රහාරයක් නොවුනි. අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා හෝ චරිත් අසලංක කළ කිසිවක් නොවීය. චාමික කරුණාරත්න සහ දසුන් ශානක වැනි පහළ පෙළ බලගැන්වීම්කරුවන් දුබල බෙලහීන වන අයුරු දුටුවෙමු. අන්තිමට දඹුල්ලේ ගස්වල නැගගෙන හිටපු උන්ට ඕවර 20ක් බෝලයට ගහන කණ්ඩායමක ක්‍රීඩාව හෝ අහිමි වූයේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හම්බන්තොට කුරුළු උයනෙන් හමුවුන කෝටි ගණන් වටිනා යතුරුපැදි පන්නන්න රේගුවෙන් සහාය ලැබුණාදැයි සොයන්න විශේෂ විමර්ශනයක්…

Next Post

රන් ආලේපිත ගිනි අවියේ නඩුව – දුමින්ද ඇප පිට නිදහස්!

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.