බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට කුරුළු උයනෙන් හමුවුන කෝටි ගණන් වටිනා යතුරුපැදි පන්නන්න රේගුවෙන් සහාය ලැබුණාදැයි සොයන්න විශේෂ විමර්ශනයක්…

by editor
ජූලි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • කුරුළු උයනේ කෝටි ගණන් වටිනා නීති විරෝධී යතුරුපැදි ඇති බව අවුරුදු 05ක් තිස්සේ නිලධාරීන් දැනගෙන ඉඳලා… මේ යතුරුපැදි විටින් විට කුරුළු උයන භූමියේ ධාවනය කර ඇති බවටත් වාර්තා…

හම්බ­න්තොට පිහිටි කුරුළු උයන නමින් හඳු­න්වන ස්ථානයේ කන්ටේ­නර් සහ ගබ­ඩා­වල සඟවා තිබි­යදී සොයා ගත් රුපි­යල් කෝටි 25ක් පමණ වටිනා යතු­රු­පැදි 21 මෙර­ටට නීති විරෝ­ධීව රැගෙන ඒමට ශ්‍රී ලංකා රේගුවේ දූෂිත නිල­ධා­රී­න්ගෙන් සහ­යක් ලැබුණේ දැයි සොයා මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.

මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශ­යට ලද තොර­තු­ර­කට අනුව එහි අධ්‍යක්ෂ, පොලිස් අධි­කාරී කමල් ආරි­ය­වංශ ගේ මෙහෙ­ය­වී­මෙන් කුරුළු උයන තුළ පෙරේදා (12) කළ වැට­ලී­ම­කදී නීති විරෝ­ධීව මෙර­ටට රැගෙන ආ මේ යතු­රු­පැදි 21 සොයා­ගෙන ඇත.

මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශය ස්ථාපිත කරන්නේ ඉකුත් පෙබ­ර­වාරි මාස­යේ­දීය.මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශය ස්ථාපිත කිරී­මෙන් පසු කළ විශා­ලම වැට­ලීම වන්නේ මෙයය.

මෙම කාර්යාංශයේ ප්‍රථම අධ්‍යක්ෂ ලෙස පත්ක­රන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ශානි අබේ­සේ­කරය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ලෙස මෑත­කදී ඔහු ස්ථාන මාරු­වී­මක් ලැබී­මත් සමඟ කමල් ආරි­ය­වංශ එහි අධ්‍යක්ෂ ලෙස පත්ක­රනු ලැබීය. එම පත්කි­රී­මෙන් සති දෙකක් ඉක්ම යෑමට මත්තෙන් මේ වැට­ලීම ක්‍රියා­ත්මක කර තිබේ.

මෙහිදී සොයා ගත් යතු­රු­පැදි අතර අමෙ­රි­කාවේ නිෂ්පා­දිත හාර්ලි ­ඩේ­වි­ඩ්සන් වර්ගයේ 1000 සීසීට වැඩි යතු­රු­පැදි 08ක් ද, එම වර්ග­යේම 1000 සීසීට වැඩි ට්‍රයි­සි­කල් 04ක් ද සොයා­ගෙන තිබේ. ඒ අතර බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ යතු­රු­පැ­දි­යක් ද වන බව මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශය සඳ­හන් කළේය. මේ යතු­රු­පැදි රුපි­යල් කෝටිය ඉක්ම­වන බවත්, ඇතැම් යතු­රු­පැදි රුපි­යල් කෝටි එක­හ­මා­රක් පමණ වටිනා බවත් පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කළේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මීට අම­ත­රව හොන්ඩා වර්ගයේ ස්කූටර් 03ක්, එම වර්ග­යේම 90 සී.සී. යතුරු පැදි 05ක් ද චීනයේ නිෂ්පා­දිත ට්‍රයි­සි­කල් 01ක් මෙහි තිබී සොයා­ගෙන ඇත.

හම්බ­න්තොට නාග­ර­වැව ප්‍රදේ­ශයේ අක්කර 34ක් පමණ වූ භූමි භාග­යක් පුරා­වට මේ කුරුළු උයන විහිදී තිබේ. යතු­රු­පැදි තොගය හමු වූයේ කුරුළු ආහාර ගබ­ඩාවේ සහ කන්ටේ­නර් තුළ සඟවා තිබි­යදී බව මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශය සඳ­හන් කරයි.

මේ කුරුළු උද්‍යා­නයේ විදේ­ශීය කුරු­ල්ලන් දහස් ගණ­නක් සිටින බවත්, එම කුරු­ල්ලන්ට කුරුළු ආහාර මෙර­ටට ගෙන්වන අව­ස්ථා­ව­ලදී කන්ටේ­නර් තුළ සඟවා මේ යතු­රු­පැදි රැගෙ­න­විත් ඇති බවත් විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණ­යවී තිබේ. කුරුළු ආහාර ගෙන එන විට කන්ටේ­න­රයේ කෙළ­ව­රේම යතු­රු­පැදි සඟවා ඉදි­රි­පස කුරුළු ආහාර උර අසුරා විටෙන් විට මෙර­ටට රැගෙ­න­විත් ඇති බව ද විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වූ බව මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශයේ අධ්‍යක්ෂ පොලිස් අධි­කාරී කමල් ආරි­ය­වංශ වැඩ බලන පොලි­ස්ප­ති­ව­ර­යාව දැනු­ම්වත් කර ඇත.

මේ යතු­රු­පැදි මෙර­ටට ගෙනැ­විත් ඇත්තේ පසු­ගිය වසර 05ක කාල­යේදී බවත්, මේවා කුරුළු උයන පරි­ශ්‍රයේ විටින් විට ධාව­නය කර ඇති බවට තොර­තුරු ඇති බවත් මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශය සඳ­හන් කරයි. මේ පරි­ශ්‍රයේ මෙවැනි යතු­රු­පැදි ඇති බව පොලී­සිය මෙන්ම වග­කි­ව­යුතු අංශ­වල බොහෝ අය දැන සිටි­යත් පසු­ගිය කාලය පුරා­වට ඒ ගැන සොයා බැලී­මට ඒ කිසි­වෙක් ඉදි­රි­පත් වී නැති බව ද මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශ­යට පෙනී ගොස් තිබේ.

කුරුළු ආහාර ආන­ය­නය කිරී­මේදී මේ ආය­ත­න­යට අයත් කන්ටේ­නර් නිසි ලෙස පරීක්ෂා කළේ නම් මේ තරම් යතු­රු­පැදි මෙර­ටට ගෙන්වී­මට හැකි­යා­වක් නොලැ­බෙන බව ද මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශයේ මත­යවී ඇත. ඒ අනුව ඒ සම්බ­න්ධ­යෙන් මේ වන විට කරුණු සොය­මින් ඇති බව ද මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශය සඳ­හන් කරයි.

මේ කුරුළු උය­නට කුරු­ල්ලන් ආන­ය­නය කිරීම සම්බ­න්ධ­යෙන් ද ලැබී ඇති තොර­තුරු කිහි­ප­යක් කෙරෙහි ද විශේෂ අව­ධා­න­යක් යොමු කර­මින් විම­ර්ශන පැවැ­ත්වෙන බව මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශය සඳ­හන් කළේය.
මේ සම්බන්ධව අත්අ­ඩං­ගු­වට ගත් මේ සැක­ක­රු­වන් දෙදෙනා හම්බ­න්තොට මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තිබේ. මේ කුරුළු උයනේ හිමි­කරු ප්‍රධාන සැක­කරු වන බැවින් ඔහු අත්අ­ඩං­ගු­වට ගැනී­මට විම­ර්ශන පව­ත්වන බව පොලී­සිය අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් ඔහුට එරෙ­හිව විදෙස් ගමන් තහ­න­මක් ද ලබා­ගෙන ඇත. ඔහුගේ බැංකු ගිණුම් සහ දුර­ක­තන වාර්තා ලබා ගැනී­මට අධි­ක­රණ නියෝ­ග­යක් ගත් බව ද සඳ­හන් කළේය. (ගයාන් කුමාර වීර­සිංහ – දිනමිණ)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෝටි එක හමාරක කේරල ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා අත් අඩංගුවට…

Next Post

අපට දුක හිතෙන්නේ මැච් බලන්නට දඹුල්ලේ ගස් බඩගෑ මිනිස්සු ගැනය…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.