කොවිඩ් එන්නත ජනගහණයෙන් 70%වත් ලබාදිය යුතුයි… රටකට එය ඉතා අසීරුයි…

The task is difficult says Secretary to the Ministry of Environment Dr. Anil Jasinghe

dr anil jasinghe

නතාෂා නෙත්මිණි –                                        

කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට රටක ජනතාවගෙන් සියයට 70කගේ ශරීය තුළ ප්‍රතිශක්තිය ගොඩනැගිය යුතු බැවින් ඒ සඳහා ඔවුන්ව එන්නත් කිරීම රටකට ඉතාමත් අසීරු කටයුත්තක් යැයි පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  සඳහන් කරයි.

වෛද්‍ය විද්‍යාත්මක මතය වන්නේ  යම් රෝගකාරක වෛරසයකට එරෙහිව ශරීරය තුළ ප්‍රතිශක්තියක් ගොඩ නැගීමට නම් රටක ජනගහනයෙන් සියයට 70ට එන්නත ලබා දීම හෝ  සියයට 70ක පිරිසකට රෝගය වැලදීම මගින් රෝගයට එරෙහිව ශරීරය තුළ ප්‍රතිශක්තිය ගොඩනැගීම බව   හෙතෙම පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් 19රෝගය පාලනය වීමට නම් රටේ  ජනගහනයෙන්  අවම වශයෙන් සියයට 50ට ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම හා සමස්ත ජනතාව  සෞඛ්‍ය මාර්ගෝපදේශ  උපදෙස් අකුරටම පිලිපැදි මගින් පමණකැයි  ලේකම්වරයා අවධාරණය කරයි.


 

 

Exit mobile version