බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැලණිය විශ්ව විද්‍යාලයේ AIESEC සංවිධානය Wavez 2025 ඉදිරිපත් කරයි…

WAVEZ 2025,  a youth-led environmental initiative combining an Ocean Awareness Walk and a Beach Cleanup on July 20, 2025, at Wellawatte Beach.

by editor
ජූලි 19, 2025
in පුවත්, ව්‍යාපාර, සමාජ
Share on FacebookShare on Twitter

වර්තමානයේ ප්ලාස්ටික් භාවිතය හේතු කොටගෙන සිදුවන පරිහානියේ සිට දේශගුණික විපර්යාස දක්වා අපගේ මහ සයුර මුහුණ දෙන තර්ජන වඩ වඩාත් වර්ධනය වන විට,මෙලෙස යෞවනයන් විසින් මෙහෙයවනු ලබන මෙහෙවරක් ලෙස Wavez 2025 ඉස්මතු වේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ AIESEC සංවිධානය විසින් ප්‍රථම වරට ඉදිරිපත් කරනු ලබන මෙම මුලපිරීම, 2025 ජූලි 20 වන දින වැල්ලවත්ත වෙරළ තීරයේදී දැනුවත් කිරීමේ පාගමනක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ලෙස සංවිධානය කෙරේ.එහි මූලික අරමුණ ලෙස සාගර ජීවීන් ආරක්ෂා කිරීම සහ සාගර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සිදුවේ.

විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වන 13: Climate Action සහ 14: Life Below Water යන ඉලක්ක මෙමඟින් සෘජුවම ආවරණය කෙරේ. ගෝලීය තරුණ ස්වේච්ඡා සේවකයන්, විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින්, පාසල් සිසුන් සහ මහජනතාව ඇතුළුව 150 කට අධික ස්වේච්ඡා ඉදිරිපත් වන්නන් රැසක සහභාගීත්වය අපේක්ෂා කරන WAVEZ 2025 හි තවත් එක් ඇරමුණක් වන්නේ පාරිසරික වගකීම සහ තරුණ සහභාගීත්වය පිළිබඳ දෘශ්ඨාංතයන් ලොවට ඉදිරිපත් කිරීමයි.

මෙම ස්වෙච්ඡා ක්‍රියාදාමයේ මූලික අධියර ලෙස එදින පෙ.ව. 8:00 ට දැනුවත් කිරීමේ පා ගමනක් සිදු වේ. මෙහිදී දේශීය සහ විදේශීය ස්වේච්ඡා සහභාහීකරුවන් එක්ව සමුද්‍රීය ආරක්ෂණයේ වැදගත්කම සහ ඒ පිළිබද නිරන්තරයෙන්ම ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සහයෝගිත්වය පෙන්නුම් කෙරෙනු ලැබේ. මෙම පා ගමන සමාජ ආකල්පයන්ගේ වෙනසක් ඉල්ලා සිටින තරුණ හඬවල් පිළිබඳ මහජන නිරූපණයක් ලෙස සේවය කරනු ඇත.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පා ගමනින් පසුව, සියලුම සාමජිකයන් වැල්ලවත්ත වෙරළ තීරය ඔස්සේ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වීම ආරම්භ කරනු ලැබේ.එලෙසම පිරිසිදු කිරීමේ කටයුතු ආරක්ෂිතව සහ ඵලදායී ලෙස සිදු කිරීම සහතික කිරීම සඳහා, The Pearl Protectors කණ්ඩායම විසින් නිසි වෙරළ පිරිසිදු කිරීමේ ශිල්පීය ක්‍රම සහ පාරිසරික හිතකර පිළිවෙත් පිළිබඳ පුහුණු සැසියක් පවත්වනු ඇත. මෙම මුලපිරීමට තවත් අගයක් එක් කරමින්, Climate Intelligence Network පාර්ශවකරුවන් විසින් #TrackTheTrash Challenge වැඩසටහන ද මෙම අවස්ථාවට ඒකාබද්ධ කෙරේ. මෙලෙස තරූණ්‍ය සහයෝගයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාරය පාරිසරික පවිත්‍රතාව ප්‍රවර්ධනය කරනවා පමණක් නොව, අපද්‍රව්‍ය සහ සන්නාම විගණන, නිර්මාණාත්මක සමාජ මාධ්‍ය ප්‍රචාරය සහ දත්ත මත පදනම් වූ පාරිසරික උපදේශනය ද දිරිමත් කරයි. සාම්ප්‍රදායික පිරිසිදු කිරීම් වලින් දිගුකාලීන බලපෑමක් නොමැතිබව සහ යාවත්කාලීන වාර්තාකරණය සහ දැනුවත් කිරීම සඳහා මෙවලම් සහ වේදිකාවක් සැපයීමෙන් සන්නාම වගවීම නොමැතිකම වැනි ප්‍රධාන අභියෝග එය ආමන්ත්‍රණය කරයි

මීට අමතරව, Neptune Recyclers සමාගම, WAVEZ 2025 සඳහා නිල ප්‍රතිචක්‍රීකරණ හවුල්කරු ලෙස එක්වීමට එකඟ වී ඇති අතර පිරිසිදු කිරීමේදී එකතු කරන ලද අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ඔවුන් වගකීමෙන් යුතුව කටයුතු කරනු ලැබේ. වැඩසටහන අවසානයේ එකතු කරන ලද අපද්‍රව්‍ය ප්‍රමාණය තහවුරු කරන නිල සහතිකයක් ද ඔවුන් විසින් නිකුත් කරනු ඇත. එමඟින් මෙම සමසථ මෙහෙවර සඳහා අපගේ වගවීම තහවුරු කෙරේ.

මෙලෙස පාරිසරික ක්‍රියාකාරකම් සඳහා නව යෞවනයන් සම්බන්ධ කර ගැනීම, සමාජීය ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා වන ප්‍රධානතම මෙවලම්වලින් එකකි. එය තරුණ පුද්ගලයින් තුළ වගකීම සහ නායකත්වය පිළිබඳ හැඟීමක් ගොඩනඟනවා පමණක් නොව, අනාගත පරම්පරාවන් දැනුවත්, ක්‍රියාශීලී සහ තිරසාරභාවය සඳහා කැපවී සිටින බව සහතික කරයි.

WAVEZ 2025 හා එක් වන තරුණ්‍ය හුදෙක් සහභාගිවන්නන් පමණක් නොව,සමාජමය වෙනසක් ඇති කරන්නන්, උපදේශකයින් සහ පාරිසරික නායකයින් වේ.

මෙම සමසථ කර්යයභාරය සඳහා Alliance Finance Company PLC, Aroma Bliss Ceylon සහ Freelan Enterprises (Pvt) Ltd විසින් අනුග්‍රහය දක්වනු ලබන අතර, ඔවුන්ගේ සහයෝගය හේතුකොටගෙන පුළුල් සහභාගීවන්නන් ප්‍රමාණයක් වෙත ළඟා වීමට සහ මෙම ක්‍රියන්විතයේ බලපෑම වැඩි දියුණු කිරීමටත් මෙම වැඩසටහනේ පරිමාණය ඉහළ නැංවීමටත් උපකාරී වී ඇත.

“Leaving footprints but with impact” යන ආදර්ශ පාඨය සමඟින්, WAVEZ 2025 තරුණයින්ට සහ මහජනතාවට පාරිසරික කටයුතු බැරෑරුම් ලෙස සලකා බැලීමටත්, ඔවුන් බලගැන්වීම සඳහාත් නිර්මාණය කර ඇත. මහ සයුර යනු අත්‍යවශ්‍ය ජීව ප්‍රභවයක් වන අතර,එය දේශගුණය නියාමනය කරයි, ජෛව විවිධත්වයට සහාය වේ, සහ මිලියන ගණනක ජීවනෝපායන් සකස් කරයි. එය ආරක්ෂා කිරීම තවත් එක් සාමන්‍ය විකල්පයක් පමණක් නොව, එය වගකීමකි. WAVEZ 2025 වැනි සමාජමය වැඩසටහන් මගින් තරුණ නායකත්වයෙන් යුත් ක්‍රියාවලීන් පිළිබඳ දැනුවත්භාවය, සාමූහික උත්සාහය සහ අර්ථවත් හවුල්කරුවන් පිළිබඳ ඇවබෝධය තුළින් කල් පවතින වෙනසක් ඇති කළ හැකි ආකාරය ඉස්මතු කරයි.

ඒ අනුව 2025 ජූලි 20 වන දින වැල්ලවත්ත වෙරළ තීරයේ පැවැත්වෙන දැනුවත් කිරීමේ පාගමන සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට එක්වන ලෙස තාරූණ්‍ය වෙත සාදරයෙන් ආරාධනා කෙරේ. ස්වේච්ඡා සේවකයෙකු, උපදේශකයෙකු හෝ ආධාරකරුවෙකු ලෙස ඔබේ පැමිණීම පිවිතුරු මහ සයුරක් සහ පාරිසරික ආරක්ෂාව සඳහා ශක්තිමත් ප්‍රජා හඬකට දායක වනු ඇත.

Share69Tweet43
Previous Post

ශාරුක් ලංකාවට එන්නේ නැත්තේ රූ ගත කිරීම් අතර සිදුවූ අනතුරක් නිසා… දැන් ඇමරිකාවේ ප්‍රතිකාර ලබනවා….

Next Post

හරක්කටාගෙන් මිලියන ගණන් අල්ලස් ගත් බව කියන CID එකේ හිටපු තවත් නියෝජ්‍ය පොලිස්පතියෙක් අත් අඩංගුවට ගන්න අල්ලස් කොමිසම මෙහෙයුම් අරඹලා!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.