වර්තමානයේ ප්ලාස්ටික් භාවිතය හේතු කොටගෙන සිදුවන පරිහානියේ සිට දේශගුණික විපර්යාස දක්වා අපගේ මහ සයුර මුහුණ දෙන තර්ජන වඩ වඩාත් වර්ධනය වන විට,මෙලෙස යෞවනයන් විසින් මෙහෙයවනු ලබන මෙහෙවරක් ලෙස Wavez 2025 ඉස්මතු වේ.
කැලණිය විශ්ව විද්‍යාලයේ AIESEC සංවිධානය විසින් ප්‍රථම වරට ඉදිරිපත් කරනු ලබන මෙම මුලපිරීම, 2025 ජූලි 20 වන දින වැල්ලවත්ත වෙරළ තීරයේදී දැනුවත් කිරීමේ පාගමනක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ලෙස සංවිධානය කෙරේ.එහි මූලික අරමුණ ලෙස සාගර ජීවීන් ආරක්ෂා කිරීම සහ සාගර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සිදුවේ.
විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වන 13: Climate Action සහ 14: Life Below Water යන ඉලක්ක මෙමඟින් සෘජුවම ආවරණය කෙරේ. ගෝලීය තරුණ ස්වේච්ඡා සේවකයන්, විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින්, පාසල් සිසුන් සහ මහජනතාව ඇතුළුව 150 කට අධික ස්වේච්ඡා ඉදිරිපත් වන්නන් රැසක සහභාගීත්වය අපේක්ෂා කරන WAVEZ 2025 හි තවත් එක් ඇරමුණක් වන්නේ පාරිසරික වගකීම සහ තරුණ සහභාගීත්වය පිළිබඳ දෘශ්ඨාංතයන් ලොවට ඉදිරිපත් කිරීමයි.

මෙම ස්වෙච්ඡා ක්‍රියාදාමයේ මූලික අධියර ලෙස එදින පෙ.ව. 8:00 ට දැනුවත් කිරීමේ පා ගමනක් සිදු වේ. මෙහිදී දේශීය සහ විදේශීය ස්වේච්ඡා සහභාහීකරුවන් එක්ව සමුද්‍රීය ආරක්ෂණයේ වැදගත්කම සහ ඒ පිළිබද නිරන්තරයෙන්ම ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සහයෝගිත්වය පෙන්නුම් කෙරෙනු ලැබේ. මෙම පා ගමන සමාජ ආකල්පයන්ගේ වෙනසක් ඉල්ලා සිටින තරුණ හඬවල් පිළිබඳ මහජන නිරූපණයක් ලෙස සේවය කරනු ඇත.
පා ගමනින් පසුව, සියලුම සාමජිකයන් වැල්ලවත්ත වෙරළ තීරය ඔස්සේ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වීම ආරම්භ කරනු ලැබේ.එලෙසම පිරිසිදු කිරීමේ කටයුතු ආරක්ෂිතව සහ ඵලදායී ලෙස සිදු කිරීම සහතික කිරීම සඳහා, The Pearl Protectors කණ්ඩායම විසින් නිසි වෙරළ පිරිසිදු කිරීමේ ශිල්පීය ක්‍රම සහ පාරිසරික හිතකර පිළිවෙත් පිළිබඳ පුහුණු සැසියක් පවත්වනු ඇත. මෙම මුලපිරීමට තවත් අගයක් එක් කරමින්, Climate Intelligence Network පාර්ශවකරුවන් විසින් #TrackTheTrash Challenge වැඩසටහන ද මෙම අවස්ථාවට ඒකාබද්ධ කෙරේ. මෙලෙස තරූණ්‍ය සහයෝගයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාරය පාරිසරික පවිත්‍රතාව ප්‍රවර්ධනය කරනවා පමණක් නොව, අපද්‍රව්‍ය සහ සන්නාම විගණන, නිර්මාණාත්මක සමාජ මාධ්‍ය ප්‍රචාරය සහ දත්ත මත පදනම් වූ පාරිසරික උපදේශනය ද දිරිමත් කරයි. සාම්ප්‍රදායික පිරිසිදු කිරීම් වලින් දිගුකාලීන බලපෑමක් නොමැතිබව සහ යාවත්කාලීන වාර්තාකරණය සහ දැනුවත් කිරීම සඳහා මෙවලම් සහ වේදිකාවක් සැපයීමෙන් සන්නාම වගවීම නොමැතිකම වැනි ප්‍රධාන අභියෝග එය ආමන්ත්‍රණය කරයි
මීට අමතරව, Neptune Recyclers සමාගම, WAVEZ 2025 සඳහා නිල ප්‍රතිචක්‍රීකරණ හවුල්කරු ලෙස එක්වීමට එකඟ වී ඇති අතර පිරිසිදු කිරීමේදී එකතු කරන ලද අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ඔවුන් වගකීමෙන් යුතුව කටයුතු කරනු ලැබේ. වැඩසටහන අවසානයේ එකතු කරන ලද අපද්‍රව්‍ය ප්‍රමාණය තහවුරු කරන නිල සහතිකයක් ද ඔවුන් විසින් නිකුත් කරනු ඇත. එමඟින් මෙම සමසථ මෙහෙවර සඳහා අපගේ වගවීම තහවුරු කෙරේ.
මෙලෙස පාරිසරික ක්‍රියාකාරකම් සඳහා නව යෞවනයන් සම්බන්ධ කර ගැනීම, සමාජීය ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා වන ප්‍රධානතම මෙවලම්වලින් එකකි. එය තරුණ පුද්ගලයින් තුළ වගකීම සහ නායකත්වය පිළිබඳ හැඟීමක් ගොඩනඟනවා පමණක් නොව, අනාගත පරම්පරාවන් දැනුවත්, ක්‍රියාශීලී සහ තිරසාරභාවය සඳහා කැපවී සිටින බව සහතික කරයි.
WAVEZ 2025 හා එක් වන තරුණ්‍ය හුදෙක් සහභාගිවන්නන් පමණක් නොව,සමාජමය වෙනසක් ඇති කරන්නන්, උපදේශකයින් සහ පාරිසරික නායකයින් වේ.
මෙම සමසථ කර්යයභාරය සඳහා Alliance Finance Company PLC, Aroma Bliss Ceylon සහ Freelan Enterprises (Pvt) Ltd විසින් අනුග්‍රහය දක්වනු ලබන අතර, ඔවුන්ගේ සහයෝගය හේතුකොටගෙන පුළුල් සහභාගීවන්නන් ප්‍රමාණයක් වෙත ළඟා වීමට සහ මෙම ක්‍රියන්විතයේ බලපෑම වැඩි දියුණු කිරීමටත් මෙම වැඩසටහනේ පරිමාණය ඉහළ නැංවීමටත් උපකාරී වී ඇත.
“Leaving footprints but with impact” යන ආදර්ශ පාඨය සමඟින්, WAVEZ 2025 තරුණයින්ට සහ මහජනතාවට පාරිසරික කටයුතු බැරෑරුම් ලෙස සලකා බැලීමටත්, ඔවුන් බලගැන්වීම සඳහාත් නිර්මාණය කර ඇත. මහ සයුර යනු අත්‍යවශ්‍ය ජීව ප්‍රභවයක් වන අතර,එය දේශගුණය නියාමනය කරයි, ජෛව විවිධත්වයට සහාය වේ, සහ මිලියන ගණනක ජීවනෝපායන් සකස් කරයි. එය ආරක්ෂා කිරීම තවත් එක් සාමන්‍ය විකල්පයක් පමණක් නොව, එය වගකීමකි. WAVEZ 2025 වැනි සමාජමය වැඩසටහන් මගින් තරුණ නායකත්වයෙන් යුත් ක්‍රියාවලීන් පිළිබඳ දැනුවත්භාවය, සාමූහික උත්සාහය සහ අර්ථවත් හවුල්කරුවන් පිළිබඳ ඇවබෝධය තුළින් කල් පවතින වෙනසක් ඇති කළ හැකි ආකාරය ඉස්මතු කරයි.
ඒ අනුව 2025 ජූලි 20 වන දින වැල්ලවත්ත වෙරළ තීරයේ පැවැත්වෙන දැනුවත් කිරීමේ පාගමන සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට එක්වන ලෙස තාරූණ්‍ය වෙත සාදරයෙන් ආරාධනා කෙරේ. ස්වේච්ඡා සේවකයෙකු, උපදේශකයෙකු හෝ ආධාරකරුවෙකු ලෙස ඔබේ පැමිණීම පිවිතුරු මහ සයුරක් සහ පාරිසරික ආරක්ෂාව සඳහා ශක්තිමත් ප්‍රජා හඬකට දායක වනු ඇත.







