සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩ්ඩේක් කළ හරිය…

by editor
මැයි 16, 2026
in පුවත්
train-derailment-wanawasala-hunupitiya-injured
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

හිතුවා හරියටම හරිය. වැඩේ පස්සේ ඉන්නේ කාලකණ්ණි කුඩ්ඩෙකි.  අද උදෑසන (මැයි 16 )   කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරතුර ප්‍රදේශයේ දී මගී දුම්රියක් පිලී පැන මැදිරියක් ගැලවී විසීවී 12 දෙනෙක් තුවාල ලැබූ අසාමාන්‍ය අනතුර පසුපස ඉන්නේ  මත්ද්‍රව්‍ය භාවිතය සඳහා රේල්පීලිවල ඇන ගැලවූ ඊට ඇබ්බැහි වූ එකෙකි.  දැනට  සැක පිට එකෙක් අත් අඩංගුවට ගෙන තිබේ. පොලිසිය කියන්නේ මේකාම මේ වැඩේ කළා දැයි තවම නිශ්චිතව කිව නොහැකි බවය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. වනවාසල දුම්රිය ස්ථානය පසුවී මීටර 200ක් පමණ යනවිට   විශේෂ  අංගනයක්  වෙත  දුම්රිය මාර්ගයක් හදා තිබුණේය . මේ දුම්රිය මාර්ගය හැදුවේ ඊට නුදුරින් තනා ඇති   කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානනය වන සොලිඩ් බේස්  (Solid Base) අංගනය  වෙත දුම්රිය ගමන් කරවීමයට.  පසුගිය රජය සමයේ මෙම අංගනය සහිත වැඩ පිළිවෙළ සකස් කරනු ලැබුවේ දිප්පිටිගොඩ පාර හරහා ලොරිවලින් රැගෙන එන කුණුවල ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කොටස්   අරුවක්කාලු වෙත   දුම්රියෙන් ගෙනයෑම සඳහාය.

දැනට නිරීක්ෂණය වී ඇත්තේ ‘සොලිඩ් බේස්’ (Solid Base) අංගනයට ඇතුළු වන මාර්ගය සහ ප්‍රධාන දුම්රිය මාර්ගය එකිනෙක සම්බන්ධ වන, පීලි මාරු කරන ස්ථානයේ (Point) තිබූ යකඩ බාර් (Lock bars)  කුඩ්ඩන් විසින් ගලවා ඉවත් කර ඇති ආකාරය ය.

එම කොටස් ගැලවීම හේතුවෙන් පීලි මාරු කරන ස්ථානය ලිහිල් වී තිබේ.  ඒ  නිසා ධාවනය වූ දුම්රියේ ඉදිරි මැදිරි ප්‍රධාන මාර්ගයේත්, පසුපස මැදිරි සොලිඩ් බේස් මාර්ගයේත් ගමන් කර ඇත. මෙලෙස මැදිරි පීලි දෙකකට බෙදී ධාවනය වීම හේතුවෙන් මෙම බලවේග කට්ටල දුම්රියේ දෙවන මැදිරිය පීලි පැන පෙරළීමට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් විසින් පොලිසියට පැමිණිලි කළේය.  පොලිස් විශේෂ විමර්ශන ඒකකයක් මඟින් මේ වන විට ස්ථානීය පරීක්ෂණ ඇතුළු පුළුල් විමර්ශනයක් ආරම්භ කර මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ එකෙක් මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇත්තේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

පීලි පනින්නේ    අලුයම 3.25ට  පොල්ගහවෙලින් දකුණු කළුතර දක්වා ගමන් කරන මන්දගාමී දුම්රියය.  එම දුම්ර්ය කොළඹ කොටුවට ලඟා වන්නට නියමිතව ඇත්තේ අළුයම 5.38 ටය. මීට ආසන්න වෙලාවලදී දුම්රිය තුනක් මේ මාර්ගයේ ගමන් කරන්නේය.  එනම්  2.46 ට පොල්ගහ වෙල පසුකර එන සීඝ්‍රගාමී දුම්රිය, 3.09ට පොල්ගහවෙල සිට මොරටුව දක්වා ගමන් කරන සීඝ්‍රගාමී දුම්රිය, 3.47ට පොල්ගහවෙලින් පිටත් වී මන්දගාමී දුම්රිය ඉස්සරකරමින් පැමිණ 5.17ට ගමන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ගමන් ගන්නා සීඝ්‍රගාමී දුම්රිය ය.

කෙසේ වෙතත් මේ දුම්රිය තුනම අනතුරට ලක් වූයේ නැත.  ඒ දුම්රියක් අනතුරට පත් වුවා නම් සිදුවන විනාශය සිතාගන්නටවත් නොහැකි වනු ඇත. මේ මන්දගාමි දුම්රිය වනවාසල දුම්රියපලේ  ද නවත්වා ඒ ප්‍රදේශය පසුවනවිට ධාවනය කරන්නේ මද වේගයෙනි

පෑලියගොඩ පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම සැකකරු දුම්රිය මාර්ගයෙන් ගැලවූ යකඩ  වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කර ඇතිදැයි සොයා බලන බවය. ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව ද පොලිසිය සනාථ කර ඇත. මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙක්  අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කණ්ඩායමක් අනතුර සිදුවූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරේ. හානිවූ රේල් පාරේ දිග සහ වර්ග ඵලය, අදේශක ද්‍රව්‍යවල  මිල ගණන්, මැදිරියේ හානිය, දුම්රිය සේවා අඩපණ වීම හේතුවෙන් සිදුවූ අලාභය, තුවාල ලැබ බරපතල තත්ත්වයේ පසුවන අසරණ මගීන්ට සිදුවන ආර්ථික හානිය ගණනය කළ හොත් මේ මිල කොපමණදැයි  අපට වැටහෙන්නේ නැත.  කුඩු වඩියක් සඳහා රේල් පාරේ ඇණ ගැලවූ එකාද වින්දිතයෙකි. ඌ  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමත් සමාජ ව්‍යසනයක කතාවකි.  මහා සමාජ සංකීර්ණයක කතාවක් පමණක් ඛේදවචාකයක් ලෙස ප්‍රකාශ වී ඇත. ප්‍රශ්නය එතනමය.  හෙටත් මේ දේ සිදු නොවනු ඇතැයි කිසිවෙකුට සහතිකයක් නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සනත් නිශාන්ත හිටියනම් ඔහුත් දැන් හිරේ! අවුරුදු 18ක් නඩු අසා සනත් නිශාන්තගේ සොයුරු ජගත් සමන්ත  මහඋළු ගෙදරට යැවූ කතාව…

Next Post

වාහන ආනයනයට 50%ක අතිරේක බද්ද  නිසා වෙන්න යන්නේ කුමක් ද?

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.