බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

W15 හෝටලයට වෙඩි තිබ්බා… CCD වැඩබලන අධ්‍යක්ෂගේ නියෝගම මත දැන දැනම ඒ අපරාධය කළා… CCD හිටපු ස්ථානාධිපති හෙළි කරයි…

පොලිසියේ කුපාඩි පොලිස් අපරාධ නිරුවත් වෙන හැටි...

by editor
ජූනි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඉහළ නිළධාරීන් අපිට ලබාදෙන තීන්දු තීරණ නිසයි මාව වැඩතහනමට ලක්වෙලා තියෙන්නේ. අද මට විශ්‍රාම වැටුපවත් ගන්න විදියක් නැහැ. අනෙක් සියලු නිළධාරීන් මේක ආදර්ශයක් කරගන්න. මේ වගේ නියෝග ක්‍රියාත්මක නොකර ස්ථාන මාරුවීමක් අරන් ගියත් මීට වඩා හොඳයි – කොළඹ අපරාධ කොට්ඨාශයේ   හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සෙල්ම් ද සිල්වා

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ කුප්‍රකට අපරාධය සිදුවන්නේ එවකට CCD හි වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී (ASP) නෙවිල් ද සිල්වාගේ නියෝගයක් මත සිදුකළ මෙහෙයුමකදී බවත් එම මෙහෙයුම සිදු කිරීමට තමන්ට සහ තමන්ගේ කණ්ඩායමට උපදෙස් ලැබුණු බවත් කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සෙල්ම් ද සිල්වා බදාදා (11) පොලිස්පති බලතල අවභාවිතා කිරීම සම්බන්ධව පොලිස්පති දේශබන්දු තෙනන්කෝන්ට එරෙහිව ආරම්භ කර ඇති විමර්ශන මණ්ඩලය ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටියේය.

24 වැනි සාක්ෂිකරු ලෙස නම් කර ඇති දැනට වැඩතහනමකට ලක්ව සිටින කොළඹ අපාරධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඈන්ස්ලම් ද සිල්වා සාක්ෂි දෙමින් කීවේ ඇඟ හිරිවැටෙන කතාවකි.

“2023 දෙසැම්බර් 30 වැනිදා, එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා මට එන්න කිව්වා නිලධාරීන් කණ්ඩායමක් සමඟ වැලිගමට යන්න. එහි හෝටලයක පාතාලයට සම්බන්ධ පිරිසකගේ සාදයක් තිබෙන බවත්, එම ස්ථානයට ගොස් තාප්පයට සහ නම සඳහන් බෝඩ් එකට වෙඩි තබා එන ලෙසත් කිව්වා. ඒ සඳහා පිටත්ව ගිය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ මම. වෙඩි තැබුවාට පස්සේ අපි පොඩ්ඩක් ඉස්සරහට ගියා. එහෙම ඉස්සරහට යනකොටම තවත් වෙඩි සද්දයක් ඇහුණා. එතකොට අපි දැක්කා අපිත් එක්ක ගිය උපුල් කියන නිලධාරියා වෙඩි වැදිලා වැටිලා ඉන්නවා. මම එතකොටම මා සමග සිටි අයට ‘ඉක්මණට පලයන්’ කියලා කිව්වා. එතන STF එකේ 20ක් විතර හිටියා බස් එකක. ඒ බස් එක ස්ටාර්ට් වෙන්න පරක්කු වුණ නිසයි අපිත් අද ජීවතුන් අතර ඉන්නේ. නැත්නම් උපුල් එක්ක අපිත් මැරිලා.

ස්වාමීනි නෙවිල් ද සිල්වා අපිට කළේ බොරුවක්. අපි වෙඩි තියන්න යන එක වැලිගම පොලීසිය ඇතුළු පොලිස් ස්ථානවලට දැනුවත් කරලා තිබුණා කියලයි ඔහු අපිට කිව්වේ ”

මේ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඇන්ස්ලම්ද සිල්වා ප්‍රශ්න කළේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“මරණ පරීක්ෂණය සිදුකරන වෙලාවේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුල් අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණයේදී ඔබ සඳහන් කරලා තියෙනවා තුන්වැනි පාර්ශ්වයක් වෙඩි තිබ්බා කියලා. එතකොට මේ කතාව කවුද නිර්මාණය කළේ?”

නීතිමය ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා, තෙවන පාර්ශවීය වෙඩික්කරුවෙකු යැයි කියන ඔවුන්ගේ මුල් ප්‍රකාශය, ASP නෙවිල ද සිල්වාගේ උපදෙස් මත ගොතන ලද එකක් බව ඔහු පිළිගත්තේය.

“සිද්ධියෙන් පස්සේ නෙවිල් ද සිල්වා වැලිගමට ආවා. මේ විදියේ කතාවක් කිව්වොත් අපිට අවුලක් නැතිවෙයි කියලා කිව්වා. ඒ අනුව තමයි අපි මේ කතාව අධිකරණයට කියමු කියලා සාමූහික ස්ථාවරයකට ආවේ. ඒ නිසා අපි කතාව ඒ විදිහට කිව්වා. මරණ පරීක්ෂණයේදිත්, මහේස්ත්‍රාත් අධිකරණයේදීත්, පළමු වරට ප්‍රකාශ ලබාදීමේදී අපි කිව්වේ නිර්මාණය කළ කතාවක්. අපිට තේරුණා මේ ප්‍රශ්නය දිගටම යනවා කියලා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණයට ගිහින් මම ඇත්ත කතාව කිව්වා” ඇන්ස්ලම් ද සිල්වා කිවේ එසේය.

අනතුරුව වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ එස්.වීරවික්‍රම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය.

නීතිඥ එස්.වීරවික්‍රම – “වැලිගම W 15 හෝටලයට වෙඩි තබන්නැයි නියෝග ලබාදුන් විටත් දණ්ඩ නීති සංග්‍රහය අනුව කිසිම දේපළකට වෙඩි තියන්න බැහැ කියලා පොලිස් නිලධාරියෙක් විදියට ඔබ දැනසිටියේ නැද්ද ?

ඇන්ස්ලම් ද සිල්වා – “අපි දැනුවත්ව තමයි ඒ දේ කළේ. නෙවිල් ද සිල්වා මහතාගේ නියෝගයක් නිසා අපි වරදක් කරන්නේ කියලා දැන දැනම මේ දේ කළා.”යනුවෙන් පිළිතුරු ලබාදුන්නේය.

නීතිඥ එස්.වීරවික්‍රම- “නීති විරෝධී නියෝගයක් විට ඇයි ඒ බව පොලීසියේ ප්‍රකාශ සටහන්වල නොලිව්වේ?”

ඇන්ස්ලම් ද සිල්වා – “ඉහළින් ලැබෙන සියලු වැරදි නියෝග ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා නැහැ. හැබැයි පොලීසිය ඇතුළේ ඉන්නනම් අපිට ඉහළින් ඉන්න නිලධාරින් කියන දේවල් කරන්න වෙනවා. නැත්නම් අපිට පොලීසියේ රැඳීඉන්න බැහැ”

නීතිඥ එස්.වීරවික්‍රම – “නෙවිල් සිල්වා කියන අධ්‍යක්ෂවරයාට ඉහළින් ඉන්න පොලිස්පති හෝ නිලධාරීන්ට ඇයි මේ බව නොකිව්වේ?

ඇන්ස්ලම් ද සිල්වා – “එහෙම කිව්වත් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසයි මම කිව්වේ නැත්තේ”

නීතිඥ එස්.වීරවික්‍රම – ඔබත් එක්ක වෙඩි තියන්න ගිය කණ්ඩායමේ 08 දෙනාගෙන් එක්කෙනෙක් මැරුණා. 06 දෙනෙක් විතරයි මෙතන ඉදිරිපත්වෙලා තියෙන්නේ. එතකොට අනෙක් කෙනාට මොකද වුණේ?

ඇන්ස්ලම් ද සිල්වා – ඔහු පසුගිය දෙසැම්බර් මාසයේදී විදෙස්ගත වුනා.

නීතිඥ එස්.වීරවික්‍රම – එදින වැලිගමට යෑමේදී ව්‍යාජ අංක තහඩු දෙකක් රැගෙන ගියේ ඇයි?

ඇන්ස්ලම් ද සිල්වා – “අපි ගියේ පොලීසියේ වාහනයකින්. ඒක නිසා අංක තහඩු සියල්ල සටහන් වෙනවා. ඒ නිසා අපි ව්‍යාජ අංක තහඩු දෙකක් අරන් ගියා. ඒ හඳුනා ගැනීම වළක්වා ගන්න…”

“ඉහළ නිළධාරීන් අපිට ලබාදෙන තීන්දු තීරණ නිසයි මාව වැඩතහනමට ලක්වෙලා තියෙන්නේ. අද මට විශ්‍රාම වැටුපවත් ගන්න විදියක් නැහැ. අනෙක් සියලු නිළධාරීන් මේක ආදර්ශයක් කරගන්න. මේ වගේ නියෝග ක්‍රියාත්මක නොකර ස්ථාන මාරුවීමක් අරන් ගියත් මීට වඩා හොඳයි”

කොළඹ අපරාධ කොට්ඨාශය (CCD), වැලිගම පොලිසිය සහ විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය මෙහෙයවීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් ට චෝදනා එල්ල වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස CCD නිලධාරියෙකු මිය ගොස් තවත් අයෙකුට තුවාල සිදුවිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිලි මීටර 100 ඉක්මවූ ධාරාණිපාත වර්ෂාවක්…

Next Post

විදේශ සේවාවේ දේශපාලන පත්වීම් විවේචනය කර බලයට පැමිණි මාළිමා ආණ්ඩුව පත් කර ඇති දූත මණ්ඩල ප්‍රධානීන් 08න් 07ක්ම දේශපාලන පත්වීම්…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.