බ්‍රහස්පතින්දා, ජූනි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වනජීවී නිලධාරීන්ගේ බලපෑම්වලට එරෙහිව වැලිකන්දේ ගොවීන්ගෙන් දැවැන්ත විරෝධතාවක්!

by editor
ජූනි 18, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

සත්ව පාලන හා වී වගා කටයුතුවලදී වනජීවී නිලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් වහාම නතර කර, තමන්ට ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වැලිකන්ද ප්‍රදේශයේ ගම්මාන නවයක සිංහල, දෙමළ සහ මුස්ලිම් ගොවීහු වැලිකන්ද නගරයේදී දැවැන්ත විරෝධතාවක නිරත වූහ.

දීර්ඝ කාලයක සිට සත්ව පාලනය, වී වගාව, ධීවර කටයුතු සහ වේවැල් කැපීම වැනි ජීවනෝපාය මාර්ගවල නිරත වන තමන්ට, වනජීවී නිලධාරීන්ගෙන් නිරන්තරයෙන් එල්ල වන බාධා කිරීම් හේතුවෙන් ස්වයං රැකියා සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව විරෝධතාකරුවෝ පවසති.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර පවතින මායිම් ගැටලුවක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත. පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සත්ව පාලන කටයුතු සඳහා වන ඉඩම් වහාම නිදහස් කරන ලෙස අදාළ නිලධාරීන්ට මීට පෙර උපදෙස් දී තිබුණද, බලධාරීන් මෙතෙක් එම තීරණ ක්‍රියාත්මක කර නොමැති බව ගොවි නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.

මෙම ගැටලුව හේතුවෙන් මුතුවැල්ල, කුඩාපොකුණ, කටුවන්විල, සේනපුර, මුතුගල, කරපොළ, තිව්චේන සහ මදුරංගල ඇතුළු ගම්මාන නවයක පවුල් 2,500කට අයත් 10,000කට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටින බව කුඩාපොකුණ ගම්මානයේ ප්‍රජා ක්‍රියාකාරිකයෙකු වන එම්.එම්. රාෆික් ප්‍රකාශ කළේය.

RelatedPosts

මහනුවර තෙල් දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළින් හමුවන මිය ගිය තරුණිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය යි… පෙම්වතා ඇයව ඝාතනය කළා දැයි සැකයක්!

“මගේ දේපල ගැන කාටවත් ප්‍රශ්නයක් තියනව ද?..එහෙනම් නීතිමය පියවර ගන්න…” ලාල් කාන්ත කියයි!

රජයේ ආයතන දෙකකින් වැටුප් ගත් ගෝඨාගේ පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට!

වැලිකන්ද නගරයෙන් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන වැලිකන්ද මහවැලි ‘බී’ කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය දක්වා ගමන් කළ අතර, එහි ප්‍රධාන ද්වාරයන් දෙකම අවහිර කරමින් පැය එකහමාරකට ආසන්න කාලයක් ගොවීහු එහි රැඳී සිටියහ.

වැලිකන්ද සහ මනම්පිටිය පොලිස් නිලධාරීන් පිරිසක්ද සාමය සුරැකීම සඳහා එම ස්ථානයට පැමිණ සිටි අතර, උසස් පොලිස් නිලධාරීන් මැදිහත් වී ගොවි නියෝජිතයින්ට මහවැලි ‘බී’ කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරු හමුවීමට අවස්ථාව සලසා දෙන ලදී.

එහිදී දින පහක් ඇතුළත මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන බවට නේවාසික ව්‍යාපාර කළමනාකරු පොරොන්දු වූ බවත්, එම එකඟතාව මත විරෝධතාව අවසන් කිරීමට පියවර ගත් බවත් ගොවි නියෝජිතයෝ මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කළහ.

Share69Tweet43
Previous Post

රජයේ ආයතන දෙකකින් වැටුප් ගත් ගෝඨාගේ පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට!

Next Post

“මගේ දේපල ගැන කාටවත් ප්‍රශ්නයක් තියනව ද?..එහෙනම් නීතිමය පියවර ගන්න…” ලාල් කාන්ත කියයි!

Related Posts

පුවත්

මහනුවර තෙල් දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළින් හමුවන මිය ගිය තරුණිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය යි… පෙම්වතා ඇයව ඝාතනය කළා දැයි සැකයක්!

ජූනි 18, 2026
පුවත්

“මගේ දේපල ගැන කාටවත් ප්‍රශ්නයක් තියනව ද?..එහෙනම් නීතිමය පියවර ගන්න…” ලාල් කාන්ත කියයි!

ජූනි 18, 2026
පුවත්

රජයේ ආයතන දෙකකින් වැටුප් ගත් ගෝඨාගේ පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට!

ජූනි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මහනුවර තෙල් දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළින් හමුවන මිය ගිය තරුණිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය යි… පෙම්වතා ඇයව ඝාතනය කළා දැයි සැකයක්!

ජූනි 18, 2026

“මගේ දේපල ගැන කාටවත් ප්‍රශ්නයක් තියනව ද?..එහෙනම් නීතිමය පියවර ගන්න…” ලාල් කාන්ත කියයි!

ජූනි 18, 2026

වනජීවී නිලධාරීන්ගේ බලපෑම්වලට එරෙහිව වැලිකන්දේ ගොවීන්ගෙන් දැවැන්ත විරෝධතාවක්!

ජූනි 18, 2026
ADVERTISEMENT
  • අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිත අත් අඩංගුවට… ඔහුව අත් අඩංගුවට ගන්නේ ඇයි?

    172 shares
    Share 69 Tweet 43
  • අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

    172 shares
    Share 69 Tweet 43
  • බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහනුවර තෙල් දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළින් හමුවන මිය ගිය තරුණිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය යි… පෙම්වතා ඇයව ඝාතනය කළා දැයි සැකයක්!
  • “මගේ දේපල ගැන කාටවත් ප්‍රශ්නයක් තියනව ද?..එහෙනම් නීතිමය පියවර ගන්න…” ලාල් කාන්ත කියයි!
  • වනජීවී නිලධාරීන්ගේ බලපෑම්වලට එරෙහිව වැලිකන්දේ ගොවීන්ගෙන් දැවැන්ත විරෝධතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.