තමන්ගේ දේපල සම්බන්ධව ඕනෑම අයෙකුට ප්‍රශ්නයක් තිබේ නම් තැන් තැන්වල ප්‍රකාශ කරමින් නොසිට නීතිමය පියවර ගත හැකි බව ඇමති කේ.ඩී. ලාල් කාන්ත අද (18) ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ ගැන පැවසුවේ පසුගිය 15 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ ජන හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් ලාල් කාන්ත ඇමතිවරයාට කඩුවෙල සහ මහරගම ප්‍රදේශවල ඇති සුඛෝපභෝගී නිවාස පිළිබඳව කළ ප්‍රකාශය ගැන විමසීමක් කළ මාධ්‍යවේදියෙකුට පිළිතුරු දෙමිනි.
“මගේ නිවාස තියෙන තැනක තිබුණාවේ. මගේ නිවාස තියෙන්නේ කොහේද කියලා කාටවත් කියන්න අවශ්‍ය නැහැ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔවුන්ට පුළුවන් නීතිමය පියවර ගන්න.”
ඒකාබද්ධ විපක්ෂ සම්මන්ත්‍රණයකදී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා චෝදනා කළේ ආණ්ඩුවේ ඇමතිවරුන් සුපිරි නිවාසවල සුපිරි වාහන පදිමින් ජීවත්වන බවය. එය මහජන පොරොන්දු කඩ කිරීමක් බව ද චාමර සම්පත් පැවසුවේය.








