පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත පසුවන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ රැඳී සිටිමින් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, ඔහු මේ වන විට සාමාන්‍ය ආහාර ලබා නොගන්නා අතර, ඒ වෙනුවට ශරීරයට අවශ්‍ය පෝෂණ අතිරේක අඛණ්ඩව ලබා දීමට පියවර ගෙන ඇත. මෙම පෝෂණ අතිරේක එන්නත් මාර්ගයෙන් සහ නල මාර්ගයෙන් ඔහු වෙත ලබා දෙන බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.
විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ සෘජු අධීක්ෂණය යටතේ ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.









