මෝටර් රථ දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන ආයතන covid-19 පැතිරීම වර්ධනය වීම හේතුවෙන් මේ දිනවල සේවා සැපයීම් පහත පරිදි සීමා කර ඇත.
මෝටර් රථ දෙපාර්තමේන්තුව
වේරහැර සහ නරාහේන්පිට කාර්යාලය මගින් සපයනු ලබන සියලුම සේවාවන් අද(3) සිට සතියක කාලයක් තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව 011 2677877 දුරකතනය ඔස්සේ ලබා ගන්නා ලද වේලාවන් වෙන් කිරීම් ද සියල්ල අවලංගු කර ඇත. දිවයින පුරා පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල මගින් රියැදුරු බලපත්‍රවලට අදාළව පවත්වන ලිඛිත සහ ප්‍රායෝගික පරික්ෂණ පමණක් නොපවත් වේ. අනෙකුත් කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ උපදෙස් අනුව සිදු කරනු ලබයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
සියලු මහජන සේවා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ. මෙය බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා පිහිටි පළාත් කාර්යාලවලට බලපවත්වේ. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා දිවයින පුරා පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය කාර්යාල හරහා අයදුම්පත් භාර ගැනීම තවදුරටත් කි‍්‍රයාත්මක ය. විභාග කටයුතු, සම්මුඛ පරීක්‍ෂණ කටයුතු, විදෙස් ගමන් බලපත‍්‍ර ලබාගැනීම වැනි හදිසි හා අත්‍යවශ්‍ය කටයුතු සඳහා ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය ඉල්ලූම්කරුවන්ට තම හදිසි අවශ්‍යතාව සඳහා දෙපාර්තමේන්තුව දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී හැඳුනුම්පත් කඩිනමින් ලබාදීමට පියවර ගෙන ඇත. ප‍්‍රධාන කාර්යාලය 011-5226126, 011-5226100, දකුණු පළාත් කාර්යාලය 091-2228348, වයඹ පළාත් කාර්යාලය 037-2224337, නැගෙනහිර පළාත් කාර්යාලය 065-2229449 උතුරු පළාත් කාර්යාලය 024-2227201 යන අංකවලින් විමසීම් කළ හැක.