බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 සාගරිකා දුම්රිය පීලි පැනීම: කාර්ය මණ්ඩලයේ වැඩ තහනම් කෙරේ! පසුගිය වසර 05 තුළ පමණක් දුම්රිය පීලි පැනීම් 585ක්…

by editor
අප්‍රේල් 26, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

2026 අප්‍රේල් 24 වන දින සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමේ සිදුවීමට අදාළව, එම දුම්රියේ සේවය කළ මෙහෙයුම් කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා දුම්රිය අප්‍රේල් 24 වනදා පෙරවරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වාඩුුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්විය. මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි, මෙම දුම්රියේ රියදුරු, නියාමක, සහාය රියදුරු සහ සහාය නියාමක යන සිව්දෙනාට මෙලෙස සේවය වාර්තා කිරීම තහනම් කර ඇත.

මෙම තීරණය 2026 අප්‍රේල් 26 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. සාගරිකා දුම්රියේ මෙහෙයුම් කාර්ය මණ්ඩලය රාජකාරිවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය බලධාරීන් පෙන්වා දෙන්නේ, මෙය දණ්ඩනාත්මක පියවරක් නොව ඕනෑම අනතුරකදී අනුගමනය කරනු ලබන සම්මත පටිපාටියක් බවය.

දුම්රිය මාර්ගයේ පවතින දෝෂයක් අනතුරට හේතුව බවට සැක පවතින පසුබිමක වුවද, පරීක්ෂණ නිමවන තෙක් රියදුරු සහ නියාමක ඇතුළු පිරිස සේවයෙන් බැහැරව තැබීම සාමාන්‍ය ක්‍රියාවලියකි. අනතුරේ නිශ්චිත හේතුව තවමත් තහවුරු වී නොමැති බැවින්, මාර්ග දෝෂයන්ට අමතරව දුම්රියේ වේගය, සංඥා පිළිපැදීම සහ තිරිංග භාවිතය වැනි තාක්ෂණික කරුණු පිළිබඳවද නිරපේක්ෂ විමර්ශනයක් සිදු කිරීම මෙහි අරමුණයි.

විශේෂයෙන්ම විමර්ශන කටයුතු සිදුවන අවස්ථාවකදී අදාළ නිලධාරීන් සේවයේ රැඳී සිටීම සාක්ෂි ලබාගැනීමට සහ විමර්ශනයේ අපක්ෂපාතීත්වයට බාධාවක් විය හැකි බැවින් මෙම තීරණය ගෙන තිබේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

දුම්රිය ආරක්ෂාව සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයටද වගකීමක් පැවරෙන බැවින්, විමර්ශන වාර්තාව මගින් මාර්ග දෝෂය පමණක් අනතුරට හේතුව බව තහවුරු වුවහොත්, මොවුන් නැවත සේවයේ පිහිටුවීමට නියමිතය. මේ වන විට පත්කර ඇති තිදෙනෙකුගෙන් යුතු  විශේෂ කමිටුව හරහා මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පීලි පැනීම හේතුවෙන් අනතුරට පත් ද්විත්ව බලවේග කට්ටලයට (Power Set) සහ දුම්රිය මාර්ගයට සැලකිය යුතු හානියක් සිදුව ඇති අතර, එම හානියේ මුළු වටිනාකම තවමත් තක්සේරු කර නොමැත.

දුම්රිය පීලි පැනීමේ මෑත කාලීන කතාව

සාගරිකා දුම්රිය පීලි පැනීම මෙවැනි පසුබිමක වාර්තා වන අතරතුර, ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවකින් මෙරට දුම්රිය අනතුරුවල බියකරු තත්ත්වයක් අනාවරණය කර තිබේ.

එම වාර්තාවට අනුව 2020 සිට 2024 දක්වා ගතවූ වසර පහක කාලය තුළ පමණක් මෙරට දුම්රිය පීලි පැනීම් 585ක් වාර්තා වී ඇත. මීට අමතරව එම කාලය තුළ දුම්රිය මැදිරි වෙන්වීම් (විභේදනය වීම්) 13ක් සහ දුම්රිය ගැටීම් 62ක් සිදුව ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම පසුගිය පස් වසරක කාලය තුළ දුම්රිය හරස් මාර්ගවල අනතුරු 385ක් සිදුවී ඇති අතර, ඉන් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 105 දෙනෙකු තුවාල ලබා තිබේ.

මුදල් රෙගුලාසි 104 ප්‍රකාරව වාර්තා වූ අනතුරු 572ක් සම්බන්ධයෙන් වසර එකත් හතරත් අතර කාලයක් ගතවී තිබුණද, විමර්ශන අවසන් කර ඇත්තේ අනතුරු 88ක පමණක් බව විගණන කාර්යාලය පෙන්වා දෙයි. එම නිම කරන ලද පරීක්ෂණ වාර්තාවලට අනුව පමණක් රුපියල් දෙකෝටි හාර ලක්ෂ පනස් හයදහස් නවයක (20,456,009) අලාභයක් තක්සේරු කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ගේ පවතින දැඩි පුරප්පාඩු හේතුවෙන් පීලි පැනීම්, ගැටීම් සහ අනෙකුත් හානි පිළිබඳ මූලික විමර්ශන කටයුතු අධික ලෙස ප්‍රමාද වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පිළිගෙන තිබේ. සාගරිකා දුම්රිය පීලි පැනීම සම්බන්ධ විමර්ශන කටයුතු ද මෙවැනි පසුබිමක සිදුවන බැවින් එහි අවසන් වාර්තාව නිකුත් කිරීම කෙරෙහි මහජන අවධානය යොමුව පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නමක් ගෑවුන ඥාතීන් ඉන්නෙත් හැංගිලා… මරණ බයේ හැංගී සිට කුලියට මිනී මරවන “පාතාල ගෝඩ් ෆාදර්ලාගේ” හිඟන ජීවිතවල ඇතුළු පැත්ත!

Next Post

සිසටම් එක හැක් කරලා නැති බව හොඳටම විශ්වාසයි… මේ වෙලා තියෙන්නේ වෙන දෙයක්…. හර්ෂ කියයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.