සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නමක් ගෑවුන ඥාතීන් ඉන්නෙත් හැංගිලා… මරණ බයේ හැංගී සිට කුලියට මිනී මරවන “පාතාල ගෝඩ් ෆාදර්ලාගේ” හිඟන ජීවිතවල ඇතුළු පැත්ත!

by editor
අප්‍රේල් 26, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

ලංකාසර – බලපිටිය විශේෂ –

දකුණේ පාතාලයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්දව්‍ය ජාවාරම්කරුවෙකුවන කරන්දෙණියේ රාජු නැමැත්තාගේ අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපස සඟවා තිබූ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක් සොයා ගැනීමට පොලිසිය ඊයේ (25) සමත් විය. පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සොයා ගන්නා ලද මෙම පිස්තෝලය රුසියාවේ නිෂ්පාදිත එකක් බවත්, ඊට යොදන මැගසින් එකක් තුළ ජීව උණ්ඩ 15ක් තිබූ බවත් පොලිසිය සඳහන්  කළේය.

නාරාහේන්පිට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන කරන්දෙණියේ රාජුගෙන් ලද තොරතුරු මත ඔහුගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂාවේදී, ගෙවත්තේ වළලා තිබූ මෙම ගිනිඅවිය සහ උණ්ඩ සොයාගත් බව එම කාර්යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. විමර්ශන නිලධාරීන් නිවස පරීක්ෂා කිරීමට පැමිණියහොත් ඔවුන් පැමිණෙන වාහනවල රෝද සිදුරු කිරීම සඳහා ඇණ සවිකළ ලෑලි ද නිවසේ දමා තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

ගිනි අවියක් අතට හුරු වූ පමණින්. මිනී මරන්නට ලයිෂන් ගත් බව හිතාගෙන වැඩ කළ තුට්ටු දෙකේ  “චන්ඩියා” දැන් කරපු ජඩකම් පෝලිමේ වමාරමින් ඇත. නිවසින් සොයා ගත් පිස්තෝලය ඒ වමෑරීමේ එක් පුංචි කෑල්ලක් පමණය. මේ අමනයින් කළ අපරාධ සහ එම අපරාධ හේතුවෙන් උන්ගේ නමක් ගෑවුන පවුලක එකෙකුටවත් නිස්කාංසුවේ ජීවත් වීමට නොහැකි වීමේ සාපය පිළිබඳව මේ ලිපිය පෙළ ගැසෙන්නේය.

ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන සහ අත්අඩංගුවට ගැනීම

ඉන්දියාවේදී අත්අඩංගුවට ගැණුනු මෙරට දරුණු ගණයේ අපරාධකරුවකු වන කරන්දෙණියේ රාජු නොහොත් සොබනාහන්දි සනත් ද සිල්වා (43), අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් 18 වන දින ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් මෙරටට රැගෙන එනු ලැබීය. විවෘත වරෙන්තු 16ක් මෙන්ම ගුවන් ගමන් තහනම් 24ක් රාජුට එරෙහිව පනවා තිබූ අතර, ඔහු ඝාතන ඇතුළු අපරාධ සිද්ධි 15කට අධික සංඛ්‍යාවකට සම්බන්ධ බවට තහවුරු වී ඇති අයෙකි. ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන ලැබූවෙකු වන මොහු, සංවිධානාත්මක අපරාධකරු සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දාගේ (45) සොහොයුරාය.

ඩුබායි හි සැඟව සිට ග්‍රීසිය හෝ ඉතාලිය බලා පලා යෑමේ අරමුණින් ඉන්දියාවට පැමිණ සිටියදී, නවදිල්ලි ගුවන් තොටුපළේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට ලැබුණු තොරතුරකට අනුව ශ්‍රී ලංකා පොලිසිය ඉන්දීය බුද්ධි අංශ වෙත ලබාදුන්  තොරතුරක්  මත  මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

රාජු කුදලාගෙන ආ අයුරු…

STF සහ යුද හමුදා පසුබිම

එස්ටීඑෆ් රාජු, එස්එෆ් රාජු නොහොත් මීටියාගොඩ රාජු නමින් හඳුන්වන සොබනාහන්දි සනත් ද සිල්වා 1983 මැයි 21 දින අම්බලන්ගොඩ මීටියාගොඩදී උපත ලබා තිබේ. අකුරල වේරගොඩ විජයබා විදුහලේ අපොස (සාමාන්‍ය පෙළ) දක්වා අධ්‍යාපනය ලැබූ ඔහු, අංක 39166 යටතේ පොලිස් විශේෂ කාර්ය බලකායට (STF) එක්ව ඇත.  කෙසේ වෙතත්, රාජු පදිංචිව සිටි මීටියාගොඩ මහවත්තේ ඉඩමේ වැට මායිමකට අදාළ ආරවුලක තොරතුරු ගම්වාසීන් පොලිසියට ලබාදීම හේතුවෙන් ඔහුගේ එම රැකියාව අහිමි වී ඇත. ඉන් අනතුරුව ඔහු යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවට එක්ව තිබේ. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන කරන්දෙණියේ සුද්දා ද යුද හමුදාවේ එස්එෆ් (SF) බලකායේ සෙබළෙකු ලෙස සේවය කර ඇත.

බිහිසුණු ඝාතන සහ අපරාධ මෙහෙයවීම්

කරන්දෙණියේ සුද්දාගේ නියෝග මත මෙරටදී සිදුකළ සියලුම ඝාතන මෙන්ම අපරාධ සැලසුම් කිරීම සහ අවි ආයුධ ප්‍රවාහනය රාජු විසින් සිදුකර ඇති බව පොලිසිය තහවුරු කරගෙන ඇත. රාජු විසින් මෑතකදී මෙහෙයවන ලද බිහිසුණුම ඝාතනය වන්නේ පසුගිය පෙබරවාරි 13 දින තලංගම අකුරේගොඩදී සිදුවූ ද්විත්ව ඝාතනයයි. එහිදී ඇල්පිටිය පිටිගල පදිංචිව සිටි නීතිඥ බුද්ධික මල්ලවාරච්චි (44) සහ ඔහුගේ බිරිඳ (42) ඝාතනයට ලක් විය.

නීතිඥ බුද්ධික මල්ලවාරච්චි (44) සහ ඔහුගේ බිරිඳ (42)

ටී-56 ගිනි අවියක් සහ පිස්තෝලයක් යොදාගෙන සිදුකළ මෙම ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් පොල්ගස්ඕවිට ඩිලා ඇතුළු සිව් දෙනෙකුගෙන් ලද තොරතුරු මත මෙම මෙහෙයුම රාජු විසින් මෙහෙයවා ඇති බව තහවුරු විය. කරන්දෙණියේ සුද්දාගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික මල්ලවාරච්චි පසුව ඔහුට විරුද්ධ පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටීම මෙම ඝාතනයට හේතුව වී ඇත. මීට අමතරව බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික ඝාතනය ද එස්එෆ් රාජු විසින් මෙහෙයවා ඇති අතර, සුද්දා බන්ධනාගාරගතව සිටියදී එම අධිකාරීවරයා ඔහුව දැඩි ලෙස පරීක්ෂා කිරීම ඊට හේතුව ලෙස අනාවරණය වී තිබේ.

අදකුණේ පාතාලයේ පසමිතුරන් වන කොස්ගොඩ සුජී (ජගමුණි සුජිත් ද සොයිසා) සහ රත්ගම විදුර (පුබුදුමුණි විදුර ලක්ෂාන් ද සොයිසා) යන කණ්ඩායම් අතරින් කරන්දෙණියේ සුද්දා සහ රාජු අයියා මලෝ පසුවන්නේ කොස්ගොඩ සුජීගේ පාර්ශවයේය.   මුන් දෙදෙනා අපරාධ ලෝකය තුළ ප්‍රසිද්ධියට පත්වන්නේ 2011 වසරේදී සිදුකළ ඔවුන්ගේ ප්‍රථම ඝාතනයත් සමඟිනි. ඒ වන විට මොවුන් දෙදෙනාම කරන්දෙණිය යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සාමාන්‍ය සෙබළුන්ය.

වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ඝාතනය

2011 සැප්තැම්බර් 25 වන දින රාත්‍රී කාලයේදී කරන්දෙණිය බොරකන්ද රෝහලේ සේවය කළ වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ වෙඩි තබා ඝාතනය කිරීම මොවුන්ගේ පළමු අපරාධයයි. කරන්දෙණිය මහඒදණ්ඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සිය බෙහෙත් ශාලාව හරහා සහනදායී සේවාවක් සැපයීම හේතුවෙන් මෙම වෛද්‍යවරයා ප්‍රදේශයේ ‘හිතහොඳ දොස්තර’ ලෙස අතිශය ජනප්‍රියව සිටියේය.

Priyankara-prasad
වෛද්‍ය ප්‍රියංකර ප්‍රසාද් – හිත හොඳ දොස්තර…

මෙම ඝාතනයට අදාළව කරන්දෙණියේ සුද්දා සහ රාජු සමඟ චින්තක රුවන් ජයසේන, චන්දන වික්‍රමසිංහ හෙවත් ‘සුදු මල්ලී’ සහ මීටියාගොඩ දේමුණි විජිත් ආනන්ද සොයිසා හෙවත් ‘රංජි’ යන අය පොලිස් අත්අඩංගුවට පත් විය. ඝාතනයට මුල් වූ හේතුව ලෙස අනාවරණය වූයේ වෛද්‍යවරයාගේ බෙහෙත් ශාලාව අසලම පෞද්ගලික රසායනාගාරයක් පවත්වාගෙන ගිය චින්තක රුවන් නැමැත්තා, වෛද්‍යවරයාගේ සහනදායී සේවාව නිසා තමන්ට සිදුවන පාඩුව දරාගත නොහැකිව ඇති කරගත් වෛරයයි. ඒ අනුව ඔහු විසින් වෛද්‍යවරයා ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව එවකට කරන්දෙණිය හමුදා කඳවුරේ කපිතාන්වරයෙකු වූ චන්දන වික්‍රමසිංහ වෙත ලබා දී තිබුණි. චන්දන වික්‍රමසිංහ විසින් තමන් යටතේ සේවය කළ කීකරුම සෙබළුන් වූ සුද්දා සහ රාජු ලවා මෙම වෙඩි තැබීම මෙහෙයවා තිබුණි.

අපරාධ දාමය සහ පොඩි ලැසී සමඟ සබඳතාව

රාජු සහ ඔහුගේ සහෝදරයාගේ දෙවන ඝාතනය ලෙස වාර්තා වන්නේ 2012 අගෝස්තු 19 වන දින පානදුර මොරොන්තුඩුවේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමය. පසුව 2016 ජනවාරි 09 වන දින අම්බලන්ගොඩ ගලගොඩ මාර්ගයේ ‘යුනර්ලයිට්’ හෝටලය පිටුපසදී කිරින්ද ගමගේ සුසන්ත මෙන්ඩිස් හෙවත් ‘ගලගොඩ සුසා’ ඝාතනය කිරීමට අදාළව ද සුද්දා, රාජු, වසන්ත සොයිසා හෙවත් ‘වසා’ සහ සජිත් සමන් ප්‍රියන්ත හෙවත් ‘සමන් කොල්ලා’ අත්අඩංගුවට පත් විය.

දකුණේ ප්‍රබල පාතාල නායකයෙකු වන හික්කඩුව තෙල්වත්තේ ‘පොඩි ලැසී’ (අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා) සමඟ සමීප සබඳතාවක් ගොඩනගා ගැනීමට මොවුන්ට හැකි වූයේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ යුද හමුදාවේදී ලැබූ පුහුණුව උපයෝගී කරගනිමින් පොඩි ලැසීගේ ආයුධ අලුත්වැඩියා කර දීම හරහාය.

2008 නොවැම්බර් 09 වන දින පොඩි ලැසීගේ පියා වූ අරුමාහන්දි වසන්ත හෙවත් ‘පැන්නා’ සිය බිරිඳ සමඟ යතුරුපැදියකින් යමින් සිටියදී තෙල්වත්ත සුනාමි ස්මාරකය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කෙරිණි. මනෝජ් මෙන්ඩිස්ගේ ගෝලයන් වූ රත්ගම විදුරගේ කණ්ඩායමේ දසන්ත මැන්ඩිස්, දේමුණි සුදත් ප්‍රියන්ත සහ ජනත් නිශාන්ත හෙවත් ‘තනි ඇටයා’ විසින් එය සිදු කර තිබුණි. මීට පළිගැනීමක් ලෙස 2015 මාර්තු 23 වන දින මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරීමට පොඩි ලැසීට සහාය වූයේ කරන්දෙණියේ සුද්දා සහ රාජුය.

ඉඩන්තොට ත්‍රිත්ව ඝාතනය සහ තවත් අපරාධ

2016 දෙසැම්බර් 05 වන දින මාදම්පාගම ඉඩන්තොටදී තිරිමාදුර ඉන්දික ද සොයිසා, අගම්පොඩි දේවිකා ද සොයිසා සහ ඔවුන්ගේ එකම පුතු රන්දික ද සොයිසා යන තිදෙනා ඝාතනය කරනු ලැබුවේ ද පොඩි ලැසී, සුද්දා සහ රාජු ඇතුළු පිරිස විසිනි. මෙම ඝාතන පිළිබඳ පොලිසියට තොරතුරු ලබා දුන්නේ යැයි සැකපිට 2016 දෙසැම්බර් 12 වන දින මීටියාගොඩ වෙළෙන්දෙකු වූ විපුල් ප්‍රියන්තට ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළේ කරන්දෙණියේ සුද්දා විසිනි. වාර්තාවන තොරතුරු අනුව  එම අවස්ථාවේදී යතුරුපැදිය පදවා තිබුණේ රාජුය.

පසුව 2017 වසරේදී දකුණේ තවත් ප්‍රබල ඝාතන රැසක් වාර්තා විය. 2017 මැයි 23 වන දින හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මුද්‍රණ ආයතනයක් තුළදී සුසාන් ධනුද්දර සහ සජිත් ගිහාන් යන දෙදෙනා ඝාතනය කෙරිණි. ඉන් දින කිහිපයකට පසු මැයි 30 වන දින අහුන්ගල්ලේදී  ප්‍රියන්ජන ද සිල්වා ඝාතනය කරන ලදී. මෙම ඝාතන සම්බන්ධයෙන් ‘කොස්ගොඩ රණා’ (ලසන්ත පද්මලාල්) සහ රාජු අත්අඩංගුවට පත් විය.

මීට අමතරව, පොඩි ලැසීගේ පියාගේ ඝාතනයේ සැකකරුවන් වූ රත්ගම විදුරගේ කණ්ඩායමේ ‘කළු’ (දේමුණි සුදත් ප්‍රියන්ත) 2017 මැයි 06 වන දිනත්, ‘තනි ඇටයා’ (නල්ලාහන්දි ජනිත් නිශාන්ත) 2018 සැප්තැම්බර් 23 වන දිනත් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ ද කොස්ගොඩ රණා සහ එස්ටීඑෆ් රාජු විසින් බව විමර්ශන අංශ අංශ හෙළි කළේය.

කරන්දෙණියේ රාජු සහ ඔහුගේ සගයන් සම්බන්ධ වූ තවත් බිහිසුණු අපරාධ රැසක තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතී. 2018 ඔක්තෝබර් 19 වන දින මීටියාගොඩ පොලිසිය සිදුකළ මත්දව්‍ය වැටලීමකදී හෙරොයින් කිරමින් සිටි දේමුණි විජිත් ආනන්ද හෙවත් ‘රංජිත්’ සහ අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත හෙවත් ‘සමන් කොල්ලා’ අත්අඩංගුවට පත් විය. මොවුන් දෙදෙනා ‘හිතහොඳ දොස්තර’ සහ ‘ගලගොඩ සුසා’ ඝාතන නඩුවල ද ප්‍රධාන සැකකරුවන් වේ.

එම වැටලීම සිදුවන අවස්ථාවේදී මාර්ගයේ රැඳී සිටි බන්ධනාගාර ජේලර්වරයෙකු වූ මෙරෙක්ඥ තිලිණ රුවන් තිහාර ජයරත්න (44) ද පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, පසුව 2019 අගෝස්තු 03 වන දින මාදම්පාගමදී ඔහුව වෙඩි තබා ඝාතනය කෙරිණි. එම ඝාතනයේ සුලමුල අදටත් අභිරහසකි.

එඩිතර පොලිස් නිලධාරීන් දඩයම් කිරීම

පාතාල මර්දනයට සක්‍රීයව දායක වූ එඩිතර නිලධාරියෙකු වූ අම්බලන්ගොඩ පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඩී. බාලේන්ද්‍රසීහ (47) ඝාතනය කිරීමට කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත සැලසුම් සකස් කර තිබුණේ ද රාජු විසිනි. 2023 ඔක්තෝබර් 09 වන දින රත්ගම දේවිනිගොඩදී, බළපිටිය මහාධිකරණයේ නඩුවකට පෙනී සිට ආපසු එමින් සිටි බාලේන්ද්‍රසීහ ඝාතනය කරන්නේ  මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමෙනි.

එසේම, කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව සිටි රොෂාන් කුමාර විතානාච්චි (51) 2024 පෙබරවාරි 26 වන දින ඝාතනය කිරීමේ සැලසුම ද රාජු සහ සමන් කොල්ලා විසින් මෙහෙයවා තිබුණු බව අනාවරණය වූයේය. මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් නැමැත්තා, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා   වෙත පාපොච්චාරණය කරමින් පවසා තිබුණේ තමන්ට ඡායාරූපයක් පෙන්වා මෙම ඝාතනයට උපදෙස් ලැබුණු බවය.

කරන්දෙණිය හිටපු පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර විතානාච්චි (51)

පළිගැනීම් සහ සිවිල් වැසියන් ඉලක්ක කිරීම

රාජුගේ දරුණු පළිගැනීමේ චේතනාවන් හමුවේ අහිංසක සිවිල් වැසියන් ද ගොදුරු විය. 2016 වසරේදී ඝාතනය කෙරුණු විපුල් ප්‍රියන්තගේ සහෝදරයාට   2023 සැප්තැම්බර් 28 වන දින අම්බලන්ගොඩ පනියන ප්‍රදේශයේදී රාජු විසින් වෙඩි තබනු ලැබූ අතර ඉන් ඔහු බරපතල තුවාල ලැබීය.

2024 මාර්තු 11 වන දින පිටිගල සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලදී පුද්ගලයන් සිව් දෙනෙකු (සතිෂ් මධුශංක, කවීෂ අංජන, හළඹ උදේෂ් මධුරංග සහ විකුම් රංජන) වෙඩි තබා ඝාතනය කිරීම ද සුද්දාගේ උපදෙස් මත රාජු සහ සමන් කොල්ලාගේ මෙහෙයවීමෙන් සිදුවූවකි. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ හිටපු හමුදා කමාන්ඩෝ සෙබළා ද රාජු සමඟ එකම බලකායේ සේවය කළ අයෙකු බව අනාවරණය වී තිබේ.

මීට අමතරව 2024 නොවැම්බර් 10 වන දින අම්බලන්ගොඩ ඌරවත්තේදී හේවායමන් රංජිත් සහ ඔහුගේ බිරිඳ නාමල් මල්ලිකා වෙඩි තබා ඝාතනය කිරීමේ මෙහෙයුම ද ක්‍රියාත්මක කර තිබුණේ රාජු විසිනි.

ලේ නෑකම් මත දිග හැරුණු මිනීමරු මාවත

2025 වසරේදී ද මෙම කණ්ඩායම මිනීමැරුම් මාලාවක් දියත් කළහ:

  • ජනවාරි 30: හිනිදුම ලැගුම්හල් හිමිකරු ඉඳුනිල් සමන් කුමාර ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමේ සැලසුම.
  • මැයි 03: මීටියාගොඩ අවන්හලකදී නලින් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීම.
  • නොවැම්බර් 17: මීට පෙර ඝාතනය වූ නලින් වසන්තගේ සහෝදරිය වන රොෂිකා ශ්‍යාමෙන් ඝාතනය කිරීම (මෙය සුද්දාගේ මස්සිනා වූ මිරන්ත වරුෂවිතාන ඝාතනය කිරීමට ප්‍රතිප්‍රහාරයක් ලෙස සිදුවූවකි).
  • නොවැම්බර් 18: පාතාල නායක ‘උණාකූරුවේ ශාන්ත’ හට සහාය දුන් බවට සැකපිට ඔහුගේ ඥාතීන් වූ ජුවානාහැන්නදිගේ විජිතදාස සහ පසින්කු හැන්නදිගේ පුෂ්පා තංගල්ලේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම.
  • දෙසැම්බර් 22: අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමනාකරු සන්තියාගෝ හිරාන් කෝසල ඝාතනය.

පවුල් පසුබිම සහ සමාජ ඛේදවාචකය

සොබනාහන්දි සනත් ද සිල්වා හෙවත් රාජුගේ පියා සිරිසේන ද සිල්වා වන අතර මව තිලකාවතී වේ. මොවුන්ගේ බාල පුතු රාජු වන අතර වැඩිමහල් පුතු කරන්දෙණියේ සුද්දාය. මෙම සොහොයුරන් දෙදෙනාගේ සාහසික අපරාධ හේතුවෙන් ඔවුන්ගේම පවුලේ සාමාජිකයන්ට ද අත් වී ඇත්තේ කනගාටුදායක ඉරණමකි.

සුද්දාගේ සහ රාජුගේ වැඩිමහල් සහෝදරිය වන ඩයනා සමන්ති මේ වන විට කණවැන්දුම් වී සිටින්නේ ඇගේ සැමියා වූ මිරන්ත වරුෂවිතාන   ඝාතනය වීම නිසාය. මේ වන විට ඔවුන්ගේ සෙසු ඥාතීන් ද ආරක්ෂාව පතා රහසිගතව විවිධ ස්ථානවල දිවි ගෙවති. කිසිදු වරදක් නොකළ ඥාතීන්ට පවා මෙම අපරාධකරුවන් නිසා සැඟවී ජීවත් වීමට සිදුවීම බරපතල   ඛේදවාචකයකි.

මෙම අපරාධ ජාලය මැඬලීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ගේ සෘජු අධීක්ෂණයෙන්, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු ගේ මෙහෙයවීමෙන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ ඇතුළු නිලධාරීන් පිරිසක් පුළුල් විමර්ශන සිදු කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සියලුම භික්ෂු ප්‍රතිරූපක විෂයෙහි දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න… මහා නායක හිමිවරු නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරති…

Next Post

 සාගරිකා දුම්රිය පීලි පැනීම: කාර්ය මණ්ඩලයේ වැඩ තහනම් කෙරේ! පසුගිය වසර 05 තුළ පමණක් දුම්රිය පීලි පැනීම් 585ක්…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.