බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිසටම් එක හැක් කරලා නැති බව හොඳටම විශ්වාසයි… මේ වෙලා තියෙන්නේ වෙන දෙයක්…. හර්ෂ කියයි!

by editor
අප්‍රේල් 26, 2026
in පුවත්
harsha
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

  • විදේශ ණය වාරිකයක් අවභාවිත වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) ලබන අඟහරුවාදා (අප්‍රේල් 28) විශේෂ තීරණයක් ගැනීමට සූදානම්…

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට එල්ල වූ බව කියන සයිබර් ප්‍රහාරයක් හරහා ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් මිලියන 750කට අධික) විදේශ ණය වාරිකයක් අවභාවිත වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) ලබන අඟහරුවාදා (අප්‍රේල් 28) විශේෂ තීරණයක් ගැනීමට නියමිතය.

පසුගිය අප්‍රේල් 22 සහ 23 යන දිනවල මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වූ හැකර්ලා කණ්ඩායමක්    ඔස්ට්‍රේලියානු ණය හිමියෙකු වෙත ගෙවීමට තිබූ ණය වාරිකයක් වෙනත් ගිණුමකට හරවා ගෙන ඇති බව වාර්තා වේ. ඊමේල් පණිවිඩ හුවමාරු දත්ත වෙනස් කරමින් මෙම මංකොල්ලය සිදු කර ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

මෙම සිදුවීමට අදාළව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය මේ වන විට අත්හිටුවා ඇති අතර, අභ්‍යන්තර පරීක්ෂණ මෙන්ම විදේශීය පරීක්ෂණ ආයතනවල සහාය ද ලබා ගැනීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සැකය  

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳ අමාත්‍යාංශයේ පැහැදිලි කිරීම දැඩි ලෙස ප්‍රශ්න කරයි. කිසිදු ස්වාධීන විමර්ශනයකින් තොරව පද්ධතිය “හැක්” වූ බව පැවසීම පිළිගත නොහැකි බවත්, අදාළ ණය හිමියාට මුදල් නොලැබීම හරහා ශ්‍රී ලංකාව ‘තාක්ෂණික ණය පැහැර හරින්නෙකු’ (Technical Default) බවට පත්වීමේ අවදානමක් පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

”මූලික ගැටලුව වී තිබුණේ තාක්ෂණික පැහැර හැරීමක් සිදු වෙලා ද කියලා.  එතනදී ඔහු අපිට කියලා තිබුණා, නෑ එහෙම සිදු වීමක් නොවේ මොකද ආණ්ඩුව ගෙවන්න වුවමනාවෙන් හිටියත් තාක්ෂණික හේතුවක් නිසා මේක ගෙවන්න බැරි වුණ නිසා ඔස්ට්‍රේලියානු  රජයත් එක්ක සාකච්ඡා කරනවා කියලා..”

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

“නමුත් දැන් අපිට මේ ප්‍රශ්නය ගැන අලුත් තොරතුරු එළියට එනකොට දැනෙන දෙයක් තමා පාර්ලිමේන්තුව මේ ගැන දැනුවත් කරන්න තිබ්බා ජනවාරි මාසයේ දී කියන එක.. ලේකම්තුමා ඉදිරිපත් කරපු ලියුමේ මෙහෙම දෙයක් කියනවා… “ඔතෝරිටි එකකින් තොරව මුදල් අමාත්‍යංශයේ පරිගණක ජාලයට හැකර්ලා ඇතුළු වෙලා කියලා..”

“ මම විශ්වාස කරන්නේ නෑ එහෙම වෙලා තියනවා කියලා.. එහෙම නම් මහ විශාල ප්‍රශ්නයක්නේ ඒක.. හැකර්ලා මුදල් අමාත්‍යංශයේ පරිගණක ජාලය හැක් කරලා කියලා මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ.. මෙහෙම වෙලා නෑ කියලා 99%ක්ම මට විශ්වාසය තියෙනවා.. මේ වෙලා තියෙන්නේ වෙන දෙයක්..”

“අමතක කරන්න එපා විශ්වාසය ගැනයි මේ වැඩකටයුත්ත තියෙන්නේ.. මම බලාපොත්තු වෙනවා කමිටුවේ සමාජිකයින්ට දේශපාලන වශයෙන් මේක ගැන හිතන්නේ නැතිව ඒ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අරගෙන හැකි ඉක්මනින් භාණ්ඩාගාර ලේකම්තුමා ඇතුළු සියලු දෙනා පාර්ලිමේන්තුවට කැඳවලා, මුදල් කමිටුව කැඳවලා ඒ අවශ්‍ය තොරතුරු දැනුවත් කරන්න.. ”

මීට පෙර අවස්ථා තුනකදී සූදුව නියාමනය කිරීම සහ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කරුණු විමසීමට මුදල් අමාත්‍යාංශය කැඳවූවත්, එම නිලධාරීන් කාරක සභාව හමුවේ පෙනී නොසිටි බව සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. මීට පෙර මහ බැංකුව යටතේ තිබූ රාජ්‍ය ණය කළමනාකරණ කටයුතු නිසි ප්‍රවීණතාවයකින් තොරව භාණ්ඩාගාරය යටතට පවරා ගැනීම මෙවැනි අවදානම්වලට හේතු වී ඇති බවට ද ඔහු චෝදනා කළේය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ඉදිරි ක්‍රියාමාර්ග

ලබන අඟහරුවාදා පැවැත්වෙන තීරණාත්මක රැස්වීමේදී පහත පියවර ගැනීමට අපේක්ෂිතය:

  • පක්ෂග්‍රාහීත්වයෙන් තොර තීරණ: දේශපාලන භේදයකින් තොරව සියලු සාමාජිකයන්ගේ එකඟතාවයෙන් සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන ස්ථාවරයකට පැමිණීම.
  • මුදල් ලේකම් කැඳවීම: අඟහරුවාදා රැස්වීමේ ප්‍රතිඵල මත පදනම්ව, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවා මේ සම්බන්ධයෙන් සෘජුව කරුණු විමසීම.
  • විමර්ශන වාර්තා ඉල්ලීම: බිඳ වැටුණු අභ්‍යන්තර පාලන පද්ධති, අරමුදල් යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ සිද්ධියේ සැබෑ ස්වභාවය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ලබා ගැනීම.
  • ජාත්‍යන්තර බලපෑම: මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලට සහ අයි.එම්.එෆ් (IMF) වැඩසටහනට එල්ල කරන බලපෑම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම.

මෙම ක්‍රියාවලිය හරහා රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණය තහවුරු කිරීමටත්, මහජන විශ්වාසය යළි ගොඩනැගීමටත් අපේක්ෂා කෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 සාගරිකා දුම්රිය පීලි පැනීම: කාර්ය මණ්ඩලයේ වැඩ තහනම් කෙරේ! පසුගිය වසර 05 තුළ පමණක් දුම්රිය පීලි පැනීම් 585ක්…

Next Post

 කටුනායක මත්ද්‍රව්‍ය තොගයේ මහමොළකරු කොටු වෙයි: තරුණ හිමිවරුන් 21ක් සහ පිරිවෙන් ගුරුවරයෙකු රැවටූ මහා ජාවාරමේ සුලමුල මෙන්න

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.