සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නම නිසා දිවි බේරාගත් ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’  මී හරකාගේ කතාව!… බිලි පූජාවෙන් නිදහස් කර   ජාතික සත්වෝද්‍යානයට!

by editor
මැයි 28, 2026
in පුවත්
donald-trump

ඩොනල්ඩ් ට්‍රම්ප් නම නිසා බිලි පූජාවෙන් බේරුන සුදු මී හරකා...

Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවරැල්ල –

බංග්ලාදේශයේ බාලිවර්ඩ් (Albino) විශේෂයට අයත්, ශරීරයේ පවතින සුවිශේෂී රන්වන් පැහැති රෝම කලඹ හේතුවෙන් “ඩොනල්ඩ් ට්‍රම්ප්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන දුර්ලභ සුදු මී හරකෙකු එළඹෙන ඉද්-උල්-අදහා (Eid al-Adha) උත්සවයේ බිලි පූජාවෙන් නිදහස් කිරීමට එරට රජය අවසන් මොහොතේ මැදිහත් වී තීරණය කර තිබේ.

බංග්ලාදේශ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු ඊයේ  (27 බදාදා ) දින මේ බව තහවුරු කළේය.

කිලෝග්‍රෑම් 700 කට (රාත්තල් 1,543 ක්) ආසන්න බරකින් යුත් මෙම සත්වයා සාම්ප්‍රදායික ආගමික බිලි පූජාව සඳහා ඒ වන විටත් අලෙවි කර අවසන්ව තිබුණි. කෙසේ වුවද, අද  දින පැවැත්වීමට නියමිත උත්සවයට පෙර මෙම සත්වයා කෙරෙහි මහජනතාව තුළ ඇති වූ දැඩි උනන්දුව සහ ආකර්ෂණය හේතුවෙන් මතුවිය හැකි ආරක්ෂක ගැටලු සැලකිල්ලට ගනිමින් බලධාරීන් වහාම ක්‍රියාත්මක වී මෙම මැදිහත්වීම සිදුකර ඇත.

බංග්ලාදේශ ස්වදේශ කටයුතු අමාත්‍ය සලාහුද්දීන් අහමඩ් විසින් ලබාදුන් නියෝගයකට අනුව, මෙම මී හරකා බිලි පූජාවෙන් නිදහස් කිරීමටත්, සත්වයා මිලදී ගත් පුද්ගලයාට ඔහු ගෙවූ මුදල් නැවත ලබා දීමටත් කටයුතු කර තිබේ. එමෙන්ම සත්වයා ඩකා අගනුවර පිහිටි ජාතික සත්වෝද්‍යානය වෙත ආරක්ෂිතව රැගෙන යාමට ද අමාත්‍යවරයා නියෝග කර ඇත.

donald-trump
මුහුණුවර ස්වරූපය නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් අන්වර්ථ නාමය ලැබූ සුදු මී හරකා…

“මහජනතාව තුළ ඇති වූ අසාමාන්‍ය උනන්දුව සහ ආරක්ෂක හේතුන් මත අවසන් මොහොතේ දී මෙම මී හරකා බිලි පූජාවෙන් නිදහස් කිරීමට තීරණය කරනු ලැබුවා” යැයි අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

සාමාන්‍ය උත්සව සමයක සිදුකරන සත්ව මිලදී ගැනීමක් ලෙස ආරම්භ වූ මෙම සිදුවීම, සත්වයාගේ දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් ප්‍රචාරය වීමත් සමඟ මුළු රටේම අවධානය දිනාගත් කතුහලයක් බවට පත් විය. සත්වයාගේ හිස මත පවතින රන්වන් පැහැති රෝම සිලුව සහ සන්සුන් හැසිරීම දැකබලා ගැනීම සඳහා දුර බැහැර ප්‍රදේශවලින් පවා විශාල ජනතාවක් එම ගොවිපළ වෙත පැමිණීමට පටන් ගෙන තිබුණි.

ගොවිපළේ අයිතිකරු වන සියාඋද්දීන් මෘධා පවසා සිටියේ, ඇමරිකානු හිටපු ජනාධිපතිවරයාගේ පෙනුමට පවතින සමානකම මුලින්ම හඳුනාගත් තමන්ගේ බාල සහෝදරයා විසින් මෙම සත්වයාට “ඩොනල්ඩ් ට්‍රම්ප්” යන නම තැබූ බවය.

මෘධා විසින් වැඩිදුරටත් සඳහන් කළේ මෙම සත්වයා අතිශයින්ම අහිංසක සහ සන්සුන් සත්වයෙකු වන අතර, නිතර නිතර ආහාර ලබාදීම සහ නිතිපතා නෑවීම ඇතුළු ඉතා ප්‍රවේශම්සහගත නඩත්තුවක් සහ රැකවරණයක් මේ වෙනුවෙන් අවශ්‍ය වන බවයි.

 

බංග්ලාදේශයේ වෙසෙන ගවයන් සහ මී හරකුන් බහුතරයක් තද කළු හෝ අළු පැහැති වන බැවින්, මෙවැනි ඇල්බිනෝ (සුදු) මී හරකුන් දැකගත හැක්කේ ඉතා කලාතුරකිනි.

එබැවින් ඉද් උත්සවයේ සත්ව වෙළඳපොළ තුළ මෙම සත්වයා කැපී පෙනෙන ආකර්ෂණයක් බවට පත්ව තිබුණි. කෙසේ වුවද, අවසානයේ දී සත්වයාගේ ජීවිතය බේරා ගැනීමට ප්‍රධානතම හේතුව වූයේ ඌට තබා තිබූ එම අපූරු අන්වර්ථ නාමයයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බක්රිඩ් ආසන්නයේ තමිල්නාඩුවේ ගව ඝාතන සම්පූර්ණයෙන් තහනම් වෙයි! මදුරාසියේ මහාධිකරණ නියෝගය හින්දු වාර්ගික උත්කර්ෂයේ බලපෑමක් ද? විශේෂ විමසුමක්!

Next Post

ඇමෙරිකාවෙන් ඉරානයට එල්ල කළ  ගුවන් ප්‍රහාරය නිසා  ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට… කොටස් වෙළඳපොළවල් කඩා වැටේ

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.