සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකාවෙන් ඉරානයට එල්ල කළ  ගුවන් ප්‍රහාරය නිසා  ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට… කොටස් වෙළඳපොළවල් කඩා වැටේ

by editor
මැයි 28, 2026
in පුවත්
HORMUZ
Share on FacebookShare on Twitter

 උපේක්ෂා උඩුවැරැල්ල –

ඇමෙරිකානු හමුදා විසින් ඉරාන ප්‍රහාරක ඩ්‍රෝන යානා හතරක් වෙඩි තබා බිම හෙළීම සහ ඩ්‍රෝන පාලන මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ අද ( 28 බ්‍රහස්පතින්දා ) දිනයේදී ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් කොටස් වෙළඳපොළ අගයන් පහත වැටී තිබේ.

මෙය දින තුනක් ඇතුළත දෙරට අතර ඇති වූ දෙවන සන්නද්ධ ගැටුම ලෙස සටහන් වේ. ඇමෙරිකානු නිලධාරියෙකු ප්‍රකාශ කළේ මෙය ස්වයං ආරක්ෂාව උදෙසා එල්ල කළ ප්‍රහාරයක් බවය. හෝර්මුස් සමුද්‍ර සන්ධියට ඉහළින් ඉරානය විසින් දියත් කරන ලද ප්‍රහාරක ඩ්‍රෝන යානා විනාශ කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර ඇත.

මින් පෙර එනම් 25 දා  සඳුදා, එක්සත් ජනපදය මිසයිල දියත් කිරීමේ ස්ථාන සහ බිම්බෝම්බ ස්ථානගත කිරීමට උත්සාහ කරන ඉරාන බෝට්ටුවලට පහර දුන්නේය.    එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරි කපිතාන් ටිම් හෝකින්ස් එවකට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ . ප්‍රහාරවලට පෙර පැය 24 තුළ  තමන්ට තර්ජනයක් විය හැකි බවට එක්සත් ජනපද බුද්ධි විශ්ලේෂකයින් අනාවරණය කර ගැනීමෙන් පසුව දකුණු ඉරානයේ ඉලක්ක වෙත දුන් බවය. එමෙන්ම  ඉරාන වේග ප්‍රහාර යාත්‍රා දෙක්ක ද ගිල්වා දමන ලද අතර ඉරාන පාර්ශවයෙන් දන්වා සිටියේ හමුදා සමාජිකයින් සිවු දෙනෙක් ජිවිතක්ෂයට පත් වූ බවය.

ඇමෙරිකානු නිලධාරියෙකු උපුටාදෙක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කරන්නේ  අද මෙම ප්‍රහාරයට හේතු වූයේ   ඉරාන ඩ්‍රෝන යානා මඟින් කලාපයේ සිටින ඇමෙරිකානු බලකායන්ට මෙන්ම, තෙල් සහ ගෑස් ප්‍රවාහනය කරන ප්‍රධානතම සමුද්‍රීය මාර්ගය වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තවමත් ගමන් කරන සීමිත වාණිජ නැව්වලට ද දැඩි තර්ජනයක් එල්ල වී තිබූ  නිසා බවය.

ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයේ නිලධාරීන් සාම ගිවිසුමක් ඉතා ආසන්න බවට දිගින් දිගටම සහතික වුවද, මෙම නවතම ගැටුම හේතුවෙන් සාම සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳව නැවත වරක් සැක සංකා මතු වී තිබේ.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

ලෝක තෙල් මිල දර්ශකයක් වන ‘බ්‍රෙන්ට්’ (Brent) බොරතෙල් මිල සියයට 4 කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව අගෝස්තු මාසයේ සැපයුම් සඳහා දැනට වඩාත්ම ඉහළ ඉල්ලුමක් ඇති කොන්ත්‍රාත්තුවක් යටතේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 96 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම ඇමෙරිකානු තෙල් මිල දර්ශකය වන ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ (West Texas Intermediate) බොරතෙල් මිල ද සියයට 4 කින් ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේ සැපයුම් සඳහා වන එහි වඩාත්ම ජනප්‍රිය කොන්ත්‍රාත්තුවක් යටතේ බැරලයක මිල ඩොලර් 92 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොටස් වෙළඳපොළ පහළට

බ්‍රහස්පතින්දා දිනයේ ඇමෙරිකාවේ කොටස් වෙළඳපොළ ගනුදෙනු නැවත ආරම්භ වන විට ‘S&P 500’ දර්ශකය සියයට 0.4 ක පහත වැටීමක් පෙන්නුම් කරනු ඇතැයි අනාගත වෙළඳපොළ දත්ත (Futures) මඟින් ඉඟි කර තිබුණි.

විශාල වශයෙන් තෙල් සහ ගෑස් ආනයනය කරනු ලබන ආසියානු කලාපයේ රටවල කොටස් වෙළඳපොළවල් ද සමස්තයක් ලෙස පහත වැටී ඇත. දකුණු කොරියාවේ කොටස් වෙළඳපොළ අගයන් සියයට 5 කින් පමණ කඩා වැටී ඇති අතර හොංකොං, ජපානය සහ තායිවානය යන රටවල කොටස් වෙළඳපොළවල් ද සියයට 2 කින් පමණ පහත වැටී තිබේ.

මේ වනවිට ඉරාන ඇමරිකානු සටන් විරාමයේ තත්ත්වය කුමක් ද?

  • අත්හිටුවා ඇති අරමුදල් ඉරානය ඉල්ලයි: ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින විවිධ ඉල්ලීම් මධ්‍යයේ වුවද, ටෙහෙරානය සිය එකම කොන්දේසියෙන් බැහැර වී නැත. ඒ, විදේශීය බැංකුවල දැනට අත්හිටුවා ඇති තමන්ට අයත් බිලියන සංඛ්‍යාත මුදල් වෙත ප්‍රවේශය ලබා ගැනීමයි.
  • ට්‍රම්ප්ගේ ඉරාන යෝජනාව: ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සිදුවන්නේ මැදපෙරදිග අර්බුද විසඳීම සඳහා ජනාධිපති ට්‍රම්ප් සතු සුපුරුදු ක්‍රමවේදයට අනුවය. එනම්, ප්‍රථමයෙන් සටන් නැවැත්වීමේ ගිවිසුමකට එකඟ වී, වඩාත් දැඩි හා සංකීර්ණ ගැටලුවලට පසුව විසඳුම් සෙවීමය.
  • ඉරානයේ අන්තර්ජාල විසන්ධිය ඉවතට: ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ යුද ප්‍රහාරවලින් පසුව ඉරානය පුරා පනවා තිබූ අන්තර්ජාල තහනම ඉවත් කරමින්, මිලියන සංඛ්‍යාත ජනතාවකට නැවත අන්තර්ජාල පහසුකම් ලබා දීමට පියවර ගනිමින් සිටින බව ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.
  • ඒබ්‍රහම් එකඟතාව (Abraham Accords): ඉරානය සමඟ ඇති කරගන්නා සාම ගිවිසුමක කොටසක් ලෙස මැදපෙරදිග රටවල් ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සාමාන්‍යකරණය කරගත යුතු බව ට්‍රම්ප් ඉල්ලා ඇත. කෙසේ වෙතත්, දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ එය සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අවම බවයි.
Tags: නවතම
Share69Tweet43
Previous Post

නම නිසා දිවි බේරාගත් ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’  මී හරකාගේ කතාව!… බිලි පූජාවෙන් නිදහස් කර   ජාතික සත්වෝද්‍යානයට!

Next Post

අමෙරිකානු අරමුදල් සහිතව යුක්රේනය ජීව විද්‍යාත්මක අවි වැඩසටහනක… සාක්ෂි ඇති බව රුසියාව කියයි!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.