සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් මිල වැඩි කළේ මැදපෙරදිග ප්‍රශ්න හින්දා නෙවෙයි; බාල ගල් අඟුරු ගෙනාපු නිසයි – නාමල් රාජපක්ෂ …

by editor
ජූනි 1, 2026
in පුවත්
namal
Share on FacebookShare on Twitter

තෙල් මිල ලංකාව තුළ වැඩිවීමට හේතුව මැදපෙරදිග ඇති වී තිබෙන ජාත්‍යන්තර අර්බුදකාරී තත්ත්වය නොව, බාල ගල් අඟුරු නිසා සිදුවූ බලශක්ති හිඟය පියවා ගැනීමට වැඩිපුර ඉන්ධන දහනය කිරීමට සිදුවීම සහ ලෝක වෙළෙඳපොළෙන් වැඩිම මිලට ඉන්ධන මිල දී ගැනීම බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (31) සවස් වරුවේ නුගේගොඩ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි. “අලුත්ම ගල් අඟුරු නැවත් රිජෙක්ට් වෙලා කියනවනේ. මොනවා කරන්නද ඉතින් වැඩ බැහැ නේද? හොරකමයි වංචාවයි. ගල් අඟුරු නැව ඊළඟ එකත් බාල වෙච්ච ගමන්, තව දවසකට මාව සීඅයිඩී එකට කැඳවයි.” නාමල් රාජපක්ෂ පැවසුවේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද අදහස් දැක්වීය.

රටේ ජනතාවගෙන් ඇහුවොත් ආණ්ඩුව ගැන ජනතාව හරියට පිළිතුරක් ලබාදෙයි. මොකද පැහැදිලිවම ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නැහැ. සියලුම බර ජනතාව පිට දානවා. කලින් නම් ඇහුවේ මිල වැඩි කරන්න ආණ්ඩු ඕනද කියලා. දැන් ඒ අය බලයට ඇවිල්ලා තමන්ගේ නොහැකියාවන්, වංචා දූෂණයන් සහ පාඩු සියල්ල ජනතාවගේ පිට පටවන බවක් පේනවා.

මාලිමාවේ එකසිය පනස් නම දෙනාටම, පාර්ලිමේන්තුවේ මං කතා කරනකොට ළඟට එනවා. ඒ  වගේ උසාවියට ඇවිල්ලා නඩු දිනයේදීත් වාඩිවෙලා හිටියොත් හොඳයි. මොකද එතකොට දැනගන්න පුළුවන් ඒ අයට ඇත්ත කතාවක්. තැන් තැන්වල කියවන්නේ නැතුව ඔය එකසිය පනස් නමදෙනාම ඔය දවසට උසාවියට එන්න. එහෙම නැත්නම් ඔයාලගේ ජනාධිපතිවරයාගෙන්ම අහන්න. මොකද  එයා වේදිකාවේ  නඩු තීරණ දෙනවා.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මැතිවරණයක් තැබීම මේ වෙලාවේ යහපත් බව ද නාමල් රාජපක්ෂ පැවසුවේය.  එමෙන්ම ආණ්ඩුකාරවරුන් දේශපාලනික පත්වීම් සහිත ද්විත්ව පුරවැසියන් බව ද නාමල් රාජපක්ෂ සිය කතාවේ දී හැඟවූයේය.

“මැතිවරණයක් තිබ්බොත් හොඳයි කියලා මට හිතෙනවා. එක පැත්තකින් ජනතාවට අවස්ථාව දෙන්න ඕන ප්‍රාදේශීය නායකයින් තෝරාගන්න. ඒ වගේම අද පළාත් සභාවල තියෙන බලය සහ මුදල් පරිපාලනය ජනාධිපතිවරයාගේ දේශපාලන නියෝජිතයන් නව දෙනෙක්ට දීලා තියෙනවා. ඒක දේශපාලන නියෝජිතයන් නව දෙනෙක්ට දෙන්නේ නැතුව ජනතා නියෝජිතයින්ට දුන්නා නම් තමයි හොඳ. මොකද ඒ අය ජනතාවට වග කියනවා. එහෙම නැත්නම් දැන් ඊයේ පෙරේදාත් ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වුණානේ, අනිත් අයත් ළං වෙන්න ළං වෙන්න ඉල්ලා අස්වෙවී තම තමන්ගේ රටවල් වලට යයි. හැබැයි අවසානයේ වගකියන්න කෙනෙක් නැතිවෙයි.”

ආණ්ඩුව ඉතිරි කාලය තුළ තිබේ ද නැද්ද යන්න ගැන මාධ්‍ය ඇසූ ප්‍රශ්නයටත් නාම් උත්තර දුන්නේය.

“ආණ්ඩුව අවුරුදු තුන හමාරක් යනවද නැද්ද කියන එක නීත්‍යානුකූලව මැතිවරණ කොමිසම තීරණය කරන්න ඕන කාරණයක් සහ මේ රටේ ජනතාව තීරණය කරන්න ඕන කාරණයක්. හැබැයි ඉතින් ආණ්ඩුව ඔය පුටුවේ වාඩිවෙලා ඉන්නකම් ඒ ආණ්ඩුවෙන් වැඩ ගන්න එක තමයි අපි කරන්නේ. ඉතින් අපි ආණ්ඩුවෙන් වැඩ ගන්නවා, ආණ්ඩුවේ වැරදි පෙන්වලා දෙනවා, ආණ්ඩුවේ නොහැකියාව පෙන්වලා දෙනවා. ආණ්ඩුව මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරනකම් අපි ආණ්ඩුව පිටිපස්සෙන් හැප්පෙනවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන පරිභෝජනය සීමා කිරීම අනිවාර්යයි…   QR කේතය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර! ඉදිරි පියවර ගැන ඇමති පැහැදිලි කරයි…

Next Post

මහියංගන – දිඹුලාගල මාර්ගයේදී වෑන් රථයක් වන අලියෙකුගේ ගැටෙයි: කාන්තාවක මියගොස් 16කට තුවාල!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.