බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලලිත් – කූගන් අතුරුදහන් වීමේ නඩුව: මාර්ගගතව සාක්ෂි දීමට ගෝඨාභය රාජපක්ෂට යාපනය අධිකරණයෙන් අවසර!

by editor
ජූනි 2, 2026
in පුවත්
GOTABHAYA
Share on FacebookShare on Twitter

මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අතුරුදහන් වීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති හබයාස් කෝපුස් (Habeas Corpus) පෙත්සම් විභාගය සඳහා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සාක්ෂි ලබා දීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (02) අවසර ලබා දුන්නේය.

ඒ  ඔවුන් දෙදෙනා අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන්  විසින් ගොනු කරන ලද  නඩුව අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු  ලැබූ අවස්ථාවේදී ය.

ගෝඨාට නොතීසි නිකුත් කළ අතීතය මෙම අතුරුදහන් වීම සිදු වන සමයේ මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ, තමන්ට යාපනය ප්‍රදේශයට පැමිණීමේ දී ආරක්ෂක තර්ජන පවතින බව පවසමින් ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

ලලිත් සහ කූගන් යන සමාජ ක්‍රියාකාරීන් දෙදෙනා අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් ගොනු කරන ලද මෙම නඩුවට අදාළව, 2019 වසරේ දී එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත නොතීසි ද නිකුත් කර තිබිණි.   

එහෙත් එම වකවානුවේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවතීම සහ ආරක්ෂක හේතු මත ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීම මඟහැර සිටි අතර, පසුව අභියාචනාධිකරණ නියෝගයක් මගින් එම නොතීසිය තාවකාලිකව වළක්වා ගැනීමට ද කටයුතු කෙරිණි.

RelatedPosts

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

කෙසේ වෙතත්, වින්දිතයන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් දිගින් දිගටම පෙන්වා දුන්නේ සාක්ෂි දීම මඟහැරීම තුළින් මෙම සිදුවීමට අදාළ තොරතුරු වසන් කිරීමේ සැකයක් මතු වන බවයි.

ගෝඨා ගැන සැකය  දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අතුරුදහන් වූයේ 2011 වසරේ දෙසැම්බර් මස 09 වැනි දින යාපනය, ආවර්න්ගාල්  ප්‍රදේශයේ දී ය.

ඔවුන් දෙදෙනා ‘අතුරුදහන් කරවූවන්ගේ පවුල් එකතුව’ සංවිධානය කරමින්, උතුරේ අතුරුදහන් වූවන් වෙනුවෙන් ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව 2011 දෙසැම්බර් 10 වැනිදා යාපනයේ දී විශාල විරෝධතාවක් සහ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානමින් සිටියදී මෙලෙස පැහැරගැනීමට ලක්විය.

එකල යාපනය අර්ධද්වීපය දැඩි හමුදා රැකවල් සහ ආරක්ෂක මුරපොළවල් මගින් පාලනය වූ සංවේදී කලාපයක් වූ බැවින්, එවැනි වටපිටාවක සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනෙකු අතුරුදහන් වීම රජයේ ආරක්ෂක අංශවල අනුදැනුමකින් තොරව සිදු විය නොහැකි බවට ඥාතීහු  සහ මානව හිමිකම් සංවිධාන චෝදනා කළහ. 2011 වසරේ දී ලංකාවේ සමස්ත ආරක්ෂක යාන්ත්‍රණය සහ බුද්ධි අංශ පාලනය වූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ බැවින්, මෙම අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ඔහුට සෘජු අණදීමේ වගකීමක් (Command Responsibility) ඇති බවට සැකය තදින්ම මතු විය.

මීට පෙර මෙම නඩුව විභාග වූ අවස්ථාවල දී එකල යාපනය ආඥාපතිවරයාව සිටි මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වැනි ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ගෙන් ද සාක්ෂි කැඳවනු ලැබ තිබණි.

එහිදී ප්‍රකාශ වූයේ ලලිත් සහ කූගන් ආරක්ෂක අංශ භාරයේ සිටින බවට තමන් විශ්වාස කරන බවය. මෙවැනි පසුබිමක, සමස්ත රහස්‍ය මෙහෙයුම් පිළිබඳව එකල ආරක්ෂක ලේකම්වරයා දැනුවත්ව සිටින්නට ඇතැයි යන පදනම මත ඔහුගෙන් සාක්ෂි විමසීම අත්‍යවශ්‍ය බව ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් බෝපගේ ඇතුළු පිරිස අධිකරණය හමුවේ අවධාරණය කර සිටියහ.

ඒ අනුව, දීර්ඝ නීතිමය ක්‍රියාවලියකින් පසු යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම මාර්ගගත සාක්ෂි දීමේ අවසරය ලබා දී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කපිල චන්ද්‍රසේනගේ නීතිඥවරුන්ට සිතාසි…

Next Post

ඇමරිකාවෙන් පරිත්‍යාග කළ TH-57 ‘සී රේන්ජර්’ හෙලිකොප්ටර් 10 ලංකාවට ළඟා වෙයි!

Related Posts

Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.