ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක් ලබා ගැනීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන දෙසැම්බරයේ ඉලක්කය අතපසු වුවහොත්, ජනවාරි මාසයේදී එම ඉලක්කය සම්පූර්ණ කර ගත හැකි යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
පසුගිය සතියේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේ යැයි ‘ඩේලි මිරර්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
දෙසැම්බර් මාසයේදී අදාළ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වුවහොත් ලබන මාර්තු වෙන තෙක් අදාළ ගනුදෙනුව සක්‍රීය කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි යැයි පළ වූ වාර්තා ඔහු ප්‍රතික්ෂේප කළේය.
“දෙසැම්බර් මාසයේ ඉලක්කවල සුබවාදී තත්ත්වයක් තියෙනවා. ඒත් මොනයම් හේතුවකට හරි අපිට දෙසැම්බර් ඉලක්ක සපුරා ගන්න බැරි වුණොත් ජනවාරි වෙනකම් අපිට කල් තියෙනවා.. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සතියකට අවම වශයෙන් දින තුනක්වත් තියෙනවා. ඒ න්‍යාය පත්‍රයේ බොහොමයක් කරුණු අඩංගුයි ඒ හින්දා දෙසැම්බර් ඉලක්ක මඟ හැරීම ඒ තරම් දෙයක් නෙමෙයි..” ඔහු සඳහන් කළේය.
සැප්තැම්බර් මස ණයහිමියන් වෙත ඉදිරිපත් කරන ලද ඉදිරිපත් කිරීමකින් ශ්‍රී ලංකා බලධාරීන් විසින් සකස් කරන ලද කාලසටහන් පෙන්නුම් කළේ මූල්‍ය සහතික ලබා ගැනීමෙන් පසු සැප්තැම්බර් මස මුලදී දෙසැම්බර් මැද හෝ 2023 ජනවාරි මස මුලදී එළඹෙන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීමට ඔවුන් අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයවලින් වැඩි ප්‍රමාණයක් පැරිස් සමාජයට අයත් නොවන රටවල් දෙක වන චීනය සහ ඉන්දියාව සතු වේ.
“ඔවුන්ගෙන් රට ගැන සහතකියන් ලබා ගන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් අපිට තියෙනවා. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එම යෝජනාව ඉක්මනින්ම ඉදිරිපත් කරන්න පුළුවන්. ඉදිරි සති දෙක ඇතුළතදී ඒ සහතකිය ලැබේවි කියලා අපි විශ්වාස කරනවා…’ ආචාර්ය වීරසිංහ පැවසුවේ ය.
මේ අතර පුද්ගලික ණය හිමියන්ගේ මූල්‍ය සහතික වලින් අදහස් වන්නේ ශ්‍රී ලංකාව ඔවුන් සමඟ සහයෝගී ගිවිසුමකට එළැඹීමට හොඳ විශ්වාසයකින් උත්සාහයක් ගන්නා බවයි.
ණය හිමියන්ගේ සහතික ලබා ගැනීමට අමතරව මේ ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාව සිය ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍ර කිරීමේ ප්‍රයත්නවල කොටසක් ලෙස බදු ඉහළ නැංවීම, පරිභෝජනය සහ ආයෝජන අඩංගු කිරීම සඳහා පොලී අනුපාත ඉහළ නැංවීම සහ මූල්‍යකරණය අවසන් කිරීම, වැඩි විදේශ විනිමය අනුපාතිකයක් ලබා දීම වැනි පූර්ව ක්‍රියාවලින් යහපත් වීම ද සිදුවේ.