බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැටන් සිසු ගැටුමේ සුලමුල හෙළිවෙයි: දුම්පානය ගැන පැමිණිලි කිරීමේ පළිය ගන්න සිසුවෙකුට පහර දීලා – තිදෙනෙක් අත්අඩංගුවට

by editor
මාර්තු 29, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් ප්‍රදේශයේ ප්‍රමුඛ පාසලක් වන හැටන් ශාන්ත ජෝන් බොස්කෝ  පාසල් සිසුන් පිරිසක් විසින් එම පාසලේම 11 වසරේ ඉගනුම බන  තවත් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට හැටන් පොලිසිය පියවර ගෙන තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙය මීට දින 21කට පෙර, එනම් මාර්තු මාසය ආරම්භයේදී සිදු වූවක් බවයි. පහරදීමට මුල් වී ඇත්තේ පාසල් විනය සම්බන්ධ කරුණකි. පහරකෑමට ලක් වූ සිසුවා විසින් තවත් සිසුවෙකු දුම්පානය කරන බවට පන්ති භාර ගුරුතුමියට දැනුම් දීම මෙම ගැටුමට ආසන්නතම හේතුව වී ඇත. එම වෛරය පිරිමසා ගැනීම සඳහා සිසුන් දෙදෙනෙකු එක්ව මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය තහවුරු කරගෙන තිබේ.

මීට පෙර මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොවීමට හේතුවී ඇත්තේ, අදාළ විදුහල්පතිවරයා මැදිහත් වී දෙපාර්ශවයටම අවවාද කර පාසල් මට්ටමින් ප්‍රශ්නය සමථයකට පත් කිරීමට උත්සාහ කර තිබීමයි.

කෙසේ වෙතත්, පහරදීමේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ පාසල තුළ සහ පිටත මෙම මදාවි සිසුන් පිළිබඳව දැඩි විරෝධයක් මතු වී ආවේය. සිද්ධිය නිසා  තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් පහරකෑමට ලක් වූ සිසුවා සහ ඔහුගේ මව ඊයේ (28) දින පොලිසියට පැමිණිලි කර තිබිණි.

පහරකෑමට ලක් වූ සිසුවා මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ. පහරදීමට සම්බන්ධ වූ සහ එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහළ 16 හැවිරිදි වියේ පසුවන සිසුන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මොවුන් හැටන් සහ දික්ඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හැටන් පොලිසිය මගින් ක්‍රියාත්මකය. මේ එම වෛරල් වූ පහර දීමේ සිද්ධිය ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවට පැන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු කටුනායකදී දැලේ!

Next Post

ගම් වැදුන දළ ඇතෙක් කිරි ගවයින් 08ක් මරා දමා අඹන්පොල ගැටදිවුල දෙවනත් කරයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.