බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

FCID හිටපු ලොක්කාගේ පුතා සුපිරි නිවසක් ගත්තු හැටි

කෝටි පහමාරක් ඉපයූ හැටි ගැන කියන අසේල විද්‍යාලංකාරගේ අරුමපුදුම කටඋත්තරය

by Lanka Sara Editor
ජූලි 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • අම්මා කුප්‍රකට සූර්යා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින බව දන්නෙ නෑ…
  • එම සමාගමේ ලිපිනය විදිහට තමන්ගේ නිවස යොදාගෙන ඇති බවත් දන්නෙ නෑ….
  • තනි අයිතියක් සහිත තමන්ගේ උපදේශන සමාගම මොනාච් රෙසිඩන්සීස් නිවස ලබා දුන් අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවත් හොයා ගන්න නෑ..

පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ (එෆ්.සීඅයි.ඩී) පළමු අධ්‍යක්ෂවරයා වූයේ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරය. මේ වනවිට රවී වෛද්‍යාලංකාර සහ ඔහුගේ බිරිය සම්බන්ධයෙන් එෆ් සී අයි ඩියෙන්ම මූල්‍ය විශුද්ධිකරණයට අදාළ විමර්ශනයක් කෙරෙන්නේය.

එෆ්.සී.අයි.ඩි ය මේ වනවිට රවි වෛද්‍යාලංකාරගේ පුත් අසේල වෛද්‍යාලංකාරගෙන්ද ප්‍රශ්න කර ඇත්තේය. එහිදී අසේල වෛද්‍යාලංකාරට අයත් බව කියන රුපියල් කෝටි 5.2කට අධික වටිනාකමක් ඇති කොල්ලුපිටිය අති සුඛෝපභෝගී මොනාච් රෙසිඩන්සීස්හී නිවසක් හිමි වීම පිළිබඳ ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න කෙරනි. එහිදී අසේල වෛද්‍යාලංකාර කීවේ ඔහු 2015 දී ආරම්භ කළ උපදේශන සේවා සමාගම හරහා සිදු කළ මැණික් අපනයන ව්‍යාපාරයකින් උපයාගත් මුදලින් එම නිවස මිලදී ගත් බවය.

ඔහුගේ ප්‍රකාශයට අනුව අදාල උපදේශන සමාගම ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් තම මව විසින් ඔහුට උපන් දින ත්‍යාගයක් ලෙස ලබා දී තිබේ. එම මුදල රුපියල් ලක්ෂ 60කි. පසුව ඊට රැකියාවෙන් ඉතිරි කර ගත් මුදල් ද ඊට යෙදවූ බව ඔහු මූල්‍ය අපරාධ කොට්ඨාස විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබුණේය. එම විමර්ශනයට අදාළ බී වාර්තාව පසුගියදා අධිකරණය හමුවේ ගොනු කොට ඇති බව පසුගිය ඉරිදා (05) ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළාය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මෙම බී වාර්තාව ගොනු කොට ඇත්තේ මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන ඇමෙරිකාවේ නීතිපති කාර්යාලයෙන් අධි චෝදනාවලට ලක්ව සිටින මූල්‍ය වංචාකරුවකු ලෙසින් සැලකෙන රියෙන්සි එඩ්වඩ්ස් නැමැත්තා සහ ඔහුගේ බිරිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවය.

රියෙන්සි එඩ්වඩ්ස් සහ ඔහුගේ බිරිය පුණ්‍යා එඩ්වඩ්ස් සමඟ තවත් පුද්ගලයන් කිහිප දෙනකු ඇමෙරිකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රමයක් හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට අධික මුදලක් වංචා කොට ඇති බව බව ප්‍රකාශ වුනේය. ඔහු සම්බන්ධයෙන් එරට අධිකරණ ක්‍රියාදාමයක් ආරම්භ කර ඇත්තේය. ඔවුන් විසින් වංචා කරන ද මුදලින් හෙළි නොවූ ප්‍රතිශතයක් ශ්‍රි ලංකාවටද එවා ඇති අතර ඒවා මෙරට විවිධ සමාගම් හරහා ආයෝජනය කර ඇති බව වාර්තා විය.

මෙරට ලියාපදිංචි සූර්යා ඉන්ටර්නැෂනල් නම් සමාගමද මෙම මුදල් ආයෝජනය හරහා ආරම්භ කළ සමාගමක් බවට පැමිණිලි ලැබී තිබිණි. හිටපු එෆ්.සී.අයි.ඩී ප්‍රධානී රවී වෛද්‍යලංකාරගේ බිරිඳ වන මේරි බැසිලිකා එම සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළාය. පසුගිය කාලයේ එම සිද්ධිය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

පසුගිය රජය විසින් වෙනම කොට්ටාසයක් ලෙස ආරම්භ කළද මේ වනවිට අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකයක් ලෙස පවත්වාගෙන යන මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන් වෛද්‍යලංකාර පුත් අසේලගෙන් ප්‍රශ්න මෙම නිවස පිළිබඳව ප්‍රශ්න කොට ඇත්තේ මතභේදාත්මක සූර්යා ඉන්ටර්නැෂනල් සමාගමේ ලියාපදිංචි ලිපිනය ලෙස මෙම මොනාච් රෙසිඩන්සීස් හි ඔහුට අයත් නිවස නම් කිරීම නිසාය.

එසේ වුද මේ පිළිබඳව සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන් ඒ පිළිබඳව කිසිවක් ප්‍රශ්න කරන තෙක් නොදන්නා බවය. එසේම තමන් ගේ මව එවැනි සමාගමක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන බව ද තමන් නොදන්නා බව ඔහු විසින් ප්‍රකාශ කර තිබුණේය.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය එනම් එෆ්.සී.අයි.ඩී ය විසින් ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ කොල්ලුපිටිය මොනාච් සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක් මිල දී ගැනීමට රුපියල් පන්කෝටි විසි ලක්ෂයක් උපයා ගත්තේ කෙසේ ද යන්න පිළිබඳවය.

ඒ සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන් විසින් ආරම්භ කරන ලද මැණික් අපනයනය කිරීමේ ව්‍යාපාරයෙන් උපයාගත් රුපියල් හාරකෝටි විසි අට ලක්ෂ පනස් දහසක් මුදලක් මොනාච් සුපිරි නිවාස සංකීර්ණයෙන් නිවසක් මිල දී ගැනීමට යොදා ගත් බවය.

වර්ෂ 2015 දී ආරම්භ කරන ලද තම උපදේශන සේවා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවකට අනුව මැණික් අපනයනය කිරීමේ බලපත්‍රයක් ලබා ගෙන මැණික් අපනයනට පිවිස බවත්, ඊට පසුව එයින් ඉපැයූ මුදල් යළිත් අධ්‍යක්ෂ මණ්ඩලයේ තීන්දුවකට අනුව මෙම මොනාච් සුපිරි නිවස මිලදී ගැනීමට වැය කළ බවත් අසේල වෛද්‍යලංකාර දී ඇති කටඋත්තරයේ සඳහන් වන බව වාර්තා විය.

කෙසේ වුවද තම තනි අයිතිය සතු මෙම සමාගමේ උක්ත අධ්‍යක්ෂ මණ්ඩල තීරණ පිළිබඳව කිසිදු සටහනක් හඳුනා ගැනීමටද එෆ්සීඅයි.ඩී නිලධාරීන්ට හැකිව නැත.

Tags: නවතම
Share424Tweet43
Previous Post

පේසාලේ කිතුණු පල්ලියට රෑ මැදියමේ ආගිය පුද්ගලයා ගැන විමර්ශනයක්

Next Post

කොන්දේසි යටතේ සරසවි ඇරේ

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.