E8 විසා ක්‍රමය යටතේ කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් සිටින පිරිස අද (24) අලුයම වන විටත් එම ස්ථානයේම රැඳී සිටි බව අද දෙරණ වාර්තා කරයි.
E8 විසා ක්‍රමය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් සිටින පිරිසක් ඊයේ (23) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණි.
ඒ තමන්ට කොරියාවේ රැකියා සඳහා වීසා ලැබී ඇතත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොසැලකිල්ල මත ඒ සඳහා පිටත්ව යාමට නොහැකිව ඇතැයි චෝදනා කරමිනි.
මේ සම්බන්ධව පැහැදිලි කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ උසස් හිටපු කම්කරු ඇමති මනුෂ නානායක්කාර විසින් නිසි ක්‍රියා පටිපාටියෙන් පරිභාහිරව ගිවිසුම අත්සන් කර තිබීම හේතුවෙන‍් E8 වීසා ක්‍රමය යටතේ අදාළ පිරිස ලියාපදිංචි කිරීම ප්‍රශ්නගත වී ඇති බවය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඊයේ මෙම ස්ථානයේ තාවකාලික අට්ටාලයක් තැනීමට කළ ප්‍රයත්නය පොලිසිය විසින් ව්‍යර්ථ කිරීමත් සමග උද්ඝෝෂකයින් සහ පොලිස් නිලධාරින් අතර නොසන්සුන් තත්ත්වයක් ද හටගත්තේය. අට්ටාල ඉඳි කිරීමට පොලිසිය ඉඩ ලබා නුදුන්නද වැස්සට සහ පින්නට නිරාවරණය වෙමින් උද්ඝෝෂකයෝ පදික වේදිකාව මත රැය පහන් කර තිබිණි.







