DIG රොහාන්ගේ ලක්ෂ 74 මූල්‍ය අපරාධය අධිකරණයට වාර්තා කළ CID මූල්‍ය අපරාධ අධ්‍යක්ෂ පොලිස්පති නියමයෙන් මාරු කරයි…

නිම කළ විමර්ශන වාර්තාව මාස හයකට අධික කාලයක් කිසිම පියවරක් නොගෙන පොලිස්පති ලඟ තිබිලා...

පොලිස් අපරාධ විමර්ශන ඉතිහාසයට  කළු පැල්ලමක් එක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සහ වත්මන් වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න විසින් සිදුකළ බවට සැක කරන රුපියල් ලක්ෂ 75ක මූල්‍ය අපරාධය පිළිබඳ කරුණු අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස් වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කර යවා ඇත.

මෙම මාරුවීම සිදුකිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බව අද (09) දහවල් ලංකාසර වාර්තා කළේය.

පොලිස් ආරංචි මාර්ග හෙළිදරවු කරන ආකාරයට  පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස්   වෙත මෙම ස්ථාන මාරුව ලැබෙන්නේ   වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරද්දී   අත්අඩංගුවට පත් වී සිටි  උණ්ඩියල් ජාවාරම්කාර    කරුවන් පිරිසක්   අරභයා අධිකරණයත්  නොමග යවා කළ අකටයුත්තක්  ගැන එවකට මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම් ජගත් අල්විස් විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් අනුව පොලිස්පති නියමයෙන් කළ විමර්ශනයක් හේතුවෙනි.

නීති විරෝධී ජාවාරමක යෙදුන මෙම උණ්ඩියල් කරුවන් සමග අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ ලෙස සැලකෙන රුපියල් ලක්ෂ 74ක් ඔවුන් වෙතම ලබා දී විමර්ශනය නිමා කිරීම සම්බන්ධව එම චෝදනාව ගොනු වී තිබිණි.


පොලිස්පති නියමයෙන් කළ මෙම විමර්ශනය සම්පූර්ණ කර සියලු තොරතුරු හෙළිදරව් කරගෙන විමර්ශන වාර්තාව පොලිස්පතිවරයා වෙත යොමු කර තිබිණි.

එමෙන්ම   පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම නිලධාරියා සම්බන්ධ  විමර්ශනයක් සිදුකරන ලෙසත්  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හරහා විශේෂ පරීක්ෂණයක් කරන ලෙසත් එම විමර්ශන නිර්දේශවල සඳහන්ව ඇති බව  ද වාර්තා වේ.

මෙම විමර්ශන ලිපිගොනු පොලිස්පතිවරයා වෙත භාර දී මාස හයකට අධික කාලයක් ගතවුණු පසුත් කිසිම පියවරක් ගෙන තිබුණේ නැත.

කෙසේ වෙතත්  පසුගිය 05 දා   සිදුකළ නිමා කළ  විමර්ශනය සම්බන්ධව  කරුණු අධිකරණයට වාර්තා කිරීමට වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා කටයුතු කළේය.

මෙම කරුණු වාර්තා කිරීම සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමත්න විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා වේ.

එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාව සිටි එන්.වී ලෝරන්ස් ධූරයෙන් පහ කර වහාම ක්‍රියාත්මකවන පරිදි ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට වෙත මාරු කර යවා ඇත.

එමෙන්ම මෙම විමර්ශනය සිදුකළ නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට නියම වී ඇතැයි ද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මේ ප්‍රවෘත්තිත් බලන්න…

 

ලක්ෂ 75ක වංගුවක්…  වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට එරෙහිව  සීඅයිඩියෙන් පරීක්ෂණයක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩීඅයිජී රොහාන් ප්‍රේමරත්නගේ ලක්ෂ 75 දූෂණය විමර්ශනය කළ සී.අයි.ඩි. මූල්‍ය විමර්ශන අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක්?.

 

Exit mobile version