අසේල කුරුළුවංශ –
අභිනව නිවහල් පෙරමුණේ නායක මෙන්ම මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවකට පහරදීමේ සිද්ධියකට අදාළ විමර්ශනයක් සඳහා මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කැඳවා සිටි අවස්ථාවේදී, පොලිසිය තුළ කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පැමිණිල්ල සිදුකර ඇති කාන්තාව අමිත් වීරසිංහගේ කාර්යාලයේ සේවිකාවක බව පොලිසිය පවසයි.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මෙහෙයවීම යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය







