සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ADIC ජනාධිපති අපේක්ෂකන්ට මද්‍යසාර, දුම්වැටි පාලනය සහ මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් යෝජනා 12ක් යොමු කරයි…

by editor
අගෝස්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී තමන් විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීම සඳහා යෝජනා 12ක් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසන් ඉදිරිපත් කර තිබේ.

එම මධ්‍යස්ථානය පවසන්නේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් රට තුළ දුම්කොළ, මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක සිට කටයුතු කරන ADIC ආයතනය විසින් සකස් කර ඇති නිර්දේශ සෑම අපේක්සකයෙකු වෙතම ලබා දී ඇති බවත් එම ආයතනය ප්‍රකාශ කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා ආර්ථිකමය, සෞඛ්‍යමය හා සමාජීයව ගැටලු රාශියකට රටක් වශයෙන් අපට මුහුණ දීමට සිදුවී ඇති බවත් දුම්වැටි සහ මද්‍යසාර භාවිතයෙන් දිනකට පුද්ගලයන් 100කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මරණයට පත්වන බවය.

ශ්‍රී ලංකාවේ සිදුවන වළක්වා ගත හැකි මරණවලින් 10න් 8කටම බෝ නොවන රෝග (NCD) හේතුවන අතර එම රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 2ක්ම දුම්වැටි සහ මද්‍යසාර භාවිතය හේතු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තොරතුරු වලින් අනාවරණය වී ඇති අයුරු ADIC ආයතනය මතු කර පෙන්වයි. .

ඉන් සිදුවන ආර්ථික හායනය සම්බන්ධව අදහස් දක්වනක එම ආයතනය ශ්‍රී ලංකාවේ පුද්ගලයන් දිනකට දුම්වැටි සහ මද්‍යසාර භාවිතය සඳහා රුපියල් කෝටි 121 ක් වියදම් කරන බවත්, දුම්වැටි සහ මද්‍යසාර භාවිතය රටකට තව දුරටත් ආදායමක් නොවන අතර 2022 වර්ෂය තුළ සුරාබදු වශයෙන් ‍රුපියල් බිලියන 165 බදු ප්‍රමාණයක් අයකර ගනු ලැබූවත් මද්‍යසාර භාවිතය නිසා එම වසරේ රටට සෞඛ්‍ය සහ ආර්ථික වශයෙන් ඇති වූ පිරිවැය රුපියල් බිලියන 237 ක් බවත් ලංකාවේ 2022 වසරේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සිදුකළ පර්යේෂණයක දත්ත උපුටා දක්වමින් ADIC පෙන්වා දෙයි.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

එමෙන්ම 2016 වර්ෂය තුළ රජය සිගරට් බදු වශයෙන් රුපියල් බිලියන 88 ක් අයකර ගනු ලැබූවත් සිගරට් භාවිතය නිසා සිදු වූ සෞඛ්‍යය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 214 බව අධ්‍යයන වලින් අනාවරණය වී ඇති ආකාරය එම පර්යේෂණය මගින්ම තහවුරු කර ඇති අයුරු අනාවරණය වී තිබේ. .

මේ සියලු කාරණා සලකා බලා සෑම ජනාධිපති අපේක්ෂකයෙක් වෙතම ADIC විසින් ඉදිරිපත් කර ඇති යෝජනා මාලාව පහත දැක්වේ.

01. මද්‍යසාර සහ දුම්වැටි සඳහා වූ බදු උද්ධමනයට සහ ආර්ථික වර්ධනයට ගලපමින් සෑම වසරකම සුරාබදු වැඩි වන විද්‍යාත්මක බදු සූත්‍රයක් හඳුන්වා දෙමින් එය ක්‍රියාත්මක කිරීම.

02. දුම්කොළ සහ මද්‍යසාර සමාගම් දැනටමත් රජයට ගෙවිය යුතු නමුත් පැහැර හැර ඇති බදු අයකර ගැනීමටත් අනාගතයේ එවැනි තත්වයක් ඇති නොවීමටත් ක්‍රමවත් බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.

03. මද්‍යසාර සහ දුම්කොළ භාවිතය හා ප්‍රවර්ධනය අවම කිරීමට දැනට සම්මතකර ඇති නීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙන්ම දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතට යෝජනා කර ඇති සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීම.

I. ඒකල වශයෙන් (සිගරට් එක දෙක ලෙසින්) සිගරට් අලෙවිය තහනම් කිරීමේ සශෝධනය ක්‍රියාත්මක කිරීම.

II. අධ්‍යාපන ආයතනයක හෝ ආගමික ස්ථානයක සිට මීටර 100ක් ඇතුළත දුම්වැටි සහ මද්‍යසාර අලෙවි කරන ස්ථානයක් පවත්වා ගෙන යාම තහනම් කිරීමේ සංශෝධනය ක්‍රියාත්මක කිරීම.

III. සියලුම පොදු ස්ථාන දුම්වැටි සහ මද්‍යසාර භාවිතයෙන් තොර කලාප බවට පත් කිරීමේ සංශෝධනය ක්‍රියාත්මක කිරීම.

IV. අන්තර්ජාලය ඇතුලු සියලු මාධ්‍ය තුළින් දුම්වැටි, මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය දිරිගන්වන ගීත, ගීත ඇල්බම්, චිත්‍රපට, ටෙලිනාට්‍ය, යූ ටියුබ්, ෆේස් බුක්, වීඩියෝ සංවාද ආදී සියලු ආකාරයේ ප්‍රවර්ධනයන් වැළැක්වීම සඳහා වු සංශෝධනය ක්‍රියාත්මක කිරීම.

V. අන්තර්ජාලය හරහා සියලු ආකාරයේ දුම්වැටි, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය අලෙවිය තහනම් කිරීමේ සශෝධනය ක්‍රියාත්මක කිරීම.

VI. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට අදාළ වැරදි අත්අඩංගුවට ගත හැකි වරදවල් බවට පත් කිරීම සහ එම වැරදි වලට පනවන දඩ මුදල් සහ දඩුවම් කාලය වැඩි කිරීමේ සශෝධන ක්‍රියාත්මක කිරීම.

VII. නීතියෙන් තහනම් කර ඇති දුම්රහිත දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සහ නීත්‍යානුකූල නොවන මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය අලෙවියට අදාළව නීතිය ක්‍රියාත්මක වීම.

VIII. දුම්කොළ සහ මද්‍යසාර සමාගම්වල අනුග්‍රාහ දැක්වීම් තහනම් නමුත් එය තවදුරටත් උල්ලංඝනය කිරීම් සිදුවෙමින් පවතී. එය වැළැක්වීම සඳහා කටයුතු කිරීම.

IX. ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවියට අදාළව සෘජු හා වක්‍රාකාර ප්‍රචාරණය සිදු කිරීම නැවැත්වීමට කටයුතු කිරීම.

04. තාවකාලික මද්‍යසාර බලපත් නිකුත් නොකිරීම සහ සංචාරක කර්මාන්තය මුවාවෙන් නිකුත් නරන සුරා බලපත් ලබා දීමේ ක්‍රමවේදය අත් සිටුවීම.

05. 2016 අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම.

06. නීති විරෝධී මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය සදහා නීතිය ක්‍රියාත්මක කිරීම. ඒ සඳහා ඇති ආයතන ශක්තිමත් කිරීමට ක්‍රියාත්මක වීම.

07. මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වීමට පෙර එයින් වළක්වා ගැනීමේ අරමුණෙන්, ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගත් දිගින් දිගටම ක්‍රියාත්මක වන ප්‍රතිඵලදායක දුම්වැටි, මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය අධෛර්යමත් කිරීම සඳහා ජාතික මට්ටමේ නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

08. මද්‍යසාර භාවිතය සඳහා යොමු වූවන් එයින් නිදහස් කරගැනීමට උපදේශනය, ප්‍රතිකාර හා වෙනත් සේවා සහ අවශ්‍ය වැඩසටහන් සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම සහ දුම්වැටි සහ මද්‍යසාර භාවිතයෙන් නිදහස් වීමට උදවු ලබාගත හැකි “1948” දුරකතන උපදේශන සේවාව ( Quit Line ) තවදුරටත් පුළුල්කර ක්‍රියාත්මක කිරීම.

09. දුම්කොළ පාලනය සඳහා වන ජාත්‍යන්තර මට්ටමේ සම්මුතියක් වන WHO Framework Convention on Tobacco Control (FCTC) අප රට අත්සන් තබා ඇති අතර එහි ඉලක්ක නිශ්චිත කාල රාමුවකට අනුව අවසන් කිරීම.

10. දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය සදහා බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ බලපත්‍ර නොමැතිව දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය තහනම් කිරීම.

11. දුම්කොළ සහ මද්‍යසාර කර්මාන්ත විසින් දැනට පවතින ප්‍රතිපත්ති දුර්වල කිරීමට සහ නව ප්‍රතිපත්ති ගෙන ඒම වළක්වමින් සිදුකරන මැදිහත්වීම් වැළැක්වීමට කටයුතු කිරීම.

12. ගංජා නීතිගත කිරිමේ උගුලෙන් රට ගලවා ගැනීමට ගංජා භාවිතයේ ඇති හානිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ගංජා භාවිතය ප්‍රවර්ධනය කරන විවිධ ආකාරයේ මාධ්‍යයට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය නව පනත් සම්මත කිරීම සහ බලාත්මක කිරීම.

මෙම නිර්දේශ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලුව අවම කිරීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සහ අපේ රටේ පුරවැසියන්ගේ යහ පැවැත්ම සහතික කිරීම අරමුණු කරගෙන සකස් කර ඇත. මෙම නිර්දේශ සඳහා ඉදිරි ජනාධිපති අපේක්ෂකයන් ඒ සඳහා ඔවුන්ගේ එකඟතාවය සහ එය ඔවුනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීමට කටයුතු කරනු ඇතැයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) බලාපොරොත්තු වේ.

මෙම වැඩපිළිවෙළට ලබා දෙන සහයෝගය සහ නායකත්වය යටතේ සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා සෞඛ්‍ය සම්පන්න නිදහසින්, සතුටින් ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කර දීම අනාගත ජනාධිපතිවරයාගේ වගකීම බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) ලෙස අප තරයේ අවධාරණය කර සිටිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තව බොහෝ දෙනෙක් ජනපති සමග එක්වන්න නියමිතයි… ඉදිරියේ දී රූපවාහිනිවලට වැඩි වෙලාවක් බ්‍රේකින් නිවුස් ගහන්න වෙයි… අමරවීර කියයි!

Next Post

Megakem Engineering නව ප්‍රදර්ශනාගාර දෙකක් විවෘත කරමින් MEGAKEM MEGALASTIC SUPER 540 එළිදක්වයි

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.