සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැතපුම් 39ක් උසක සිට ශබ්දයේ වේගය පරදවන වේගයෙන් පිම්මක් පැන්න පළමු ස්කයිඩයිවර් ක්‍රීඩකයා හදිසි අනතුරකින් මිය යයි!

by editor
ජූලි 19, 2025
in පුවත්
Felix-Baumgartner
Share on FacebookShare on Twitter

දශකයකට වැඩි කාලයකට පෙර ශබ්දයේ වේගයට වඩා වේගයෙන් පහළට ඇද වැටෙමින් පෘථිවි වායු ගොලය හරහා සැතපුම් 24 ක පිම්මක් පනින ලද පළමු ස්කයිඩයිවර් වූ අති දක්ෂ මලල ක්‍රීඩක ෆීලික්ස් බෝම්ගාට්නර්, බ්‍රහස්පතින්දා (17) ඉතාලියේ නැගෙනහිර වෙරළ තීරයේ සිදුවූ අනතුරකින් මිය ගියේය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 56 කි. ෆීලික්ස් බෝම්ගාට්නර් මිය යන්නේ ඉතාලියේ දී සිදුවු පැරග්ලයිඩින් අනතුරකිනි. පැරග්ලයිඩින් යනු නිදහසේ ගුවනේ පාවෙන ප්‍රකට ක්‍රීඩාවකි.

සිද්ධිය සම්බන්ධව අදහස් දැක්වූ ඉතාලි ගිනි නිවන භටයින් පැවසුවේ පෝර්ටෝ සැන්ට් එල්පිඩියෝ නගරයේ පිහිනුම් තටාකයක පැත්තට පැරග්ලයිඩරයක් කඩා වැටී එම ක්‍රීඩාවේ නිරත වූ තැනැත්තා බරපතල තුවාල ලබා තිබූ බවය.

අනතුරුව නගරයේ නගරාධිපතිවරයා සමාජ මාධ්‍ය සටහනකින් බෝම්ගාට්නර්ගේ මරණය තහවුරු කළේය.

“ගෝලීය ප්‍රසිද්ධියක් උසුලන, ධෛර්යයේ සහ අන්ත පියාසර කිරීම සඳහා ඇති ආශාවේ සංකේතයක් වන ෆීලික්ස් බෝම්ගාට්නර්ගේ ඛේදජනක වියෝව අපගේ ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත් කර ඇත,” නගරාධිපති මැසිමිලියානෝ සියර්පෙලා පැවසීය.

RelatedPosts

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

“නිර්භීත ෆීලික්ස්” ලෙස හැඳින්වෙන බෝම්ගාට්නර්, 2012 දී කිසිම බාහිර උපකරණයක් හෝ යන්ත්‍රයක් භාවිතා නොකර සිය සිරුරින් ශබ්දයේ වේගය පරදවන වේගයක් ලබා ගත් පළමු මිනිසා බවට පත්වී ලෝකය මවිත කළේය. ඔහු පීඩනයට ඔරොත්තු දෙන ඇඳුමකින් සැරසී නිව් මෙක්සිකෝවට ඉහළින් යෝධ හීලියම් බැලූනයක් සහිත කැප්සියුලයක නැගී කිලෝ මීටර 39ක් පෘථිවි පෘෂ්ඨයෙන් ඉහළට ගොස් පෘථිවි වායුගොලය හරහා පෘථිවි පෘෂ්ඨයට පැන්නේය. මේ ඒ පිම්මය.


මෙම ඔස්ට්‍රියානු ජාතිකයා, මිනිත්තු නවයක කාලයක් තුළ පෘථිව පෘෂ්ඨයට ලඟාවන අතර තුර එක් අවස්ථාවක , පැයට සැතපුම් 843.6 ක වේගයක් ලබා ගත්තේය. එය ශබ්දයේ වේගය මෙන් 1.25 ගුණයකට සමාන විය. ශබ්දයේ වේගය ඉක්මවා පොළොවට පතිතවන අතරතුර එක් අවස්ථාවක තත්පර 13 ක් තිස්සේ භයානක තිරස් භ්‍රමනයකට ලක් වු බව ඔහුගේ කාර්ය මණ්ඩලය පසුව පැවසීය.

“මම දැන් පොළොවේ පය ගහලා ඉන්නවා. එපමණයි. එවැනි අවස්ථාවක දි ඔබ තවදුරටත් වාර්තා බිඳ දැමීම ගැන සිතන්නේ නැහැ, ඔබ විද්‍යාත්මක දත්ත ලබා ගැනීම ගැන සිතන්නේ නැහැ. ඔබට අවශ්‍ය එකම දෙය ජීවතුන් අතර නැවත පැමිණීමයි,” ඔහු නැගෙනහිර නිව් මෙක්සිකෝ කාන්තාරයට ගොඩ බැසීමෙන් පසු කීවේය.

හිටපු ඔස්ට්‍රියානු හමුදා පැරෂුට් කරුවෙකු වන බෝම්ගාට්නර්, ගුවන් යානා, පාලම්, ඉහළම ගොඩනැගිලි සහ බ්‍රසීලයේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව ඇතුළු ප්‍රසිද්ධ ස්ථානවලින් බිහිසුණු අත්දැකීම් ලබමින් දහස් ගණනක් පැනීම් සිදු කළ විශිෂ්ටයෙකි. වර්ෂ 2003 දී, ඔහු ගුවන් යානයකින් පැන කාබන් ෆයිබර් තටුවක් භාවිතා කරමින් ඉංග්‍රීසි ඕඩය හරහා පියාසර කළේය.

එවැනි වික්‍රමයන් කළ මේ අපූරු මිනිසා සාමාන්‍ය පැරග්ලයිඩින් පිම්මක් අතර සිදුවූ අනතුරකින් මිය ගියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරම – පුනරීන් සුළං විදුලි බලාගාර දෙකට අදානි දැරූ මූලික වියදම් ප්‍රතිපූර්ණය කරන්නැයි රජයට නීති උපදෙස් ලැබිලා… රුපියල් මිලියන 300 සිට 500ක් ගෙවන්න වෙයි!

Next Post

ඊශ්‍රයාලයේ සේවය කරන ලාංකික තරුණයින් 20ක් ගමන් කළ බස් රථයක් ගිනි ගනි… සුළු තුවාල ලැබ එක් අයෙක් රෝහලේ… අනෙක් අය නිරුපද්‍රිතයි…

Related Posts

පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.