රත්මලාන ගුවන්තොටුපලේ නවතා ඇති පුද්ගලික ජෙට් යානයක් සම්බන්ධව දින කීපයක සිට රට තුළ සංවාදයක් ඇතිවෙමින් තිබිණි.
මෙම ජෙට් යානය සම්බන්ධව තීරණාත්මක සංවාදය පැමිණියේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොවිඩ් ආසාදිතව කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීම සම්බන්ධව පුවත තහවුරු වීමත් සමගය.
කොවිඩ් ආසාදිතයෙක් කිසිසේත්ම නොහැසිරෙන ලෙස මුව ආවරණයවත් නොපැලඳ සිනාමුසු මුහුණුනි ඔහු රොහල් පරිශ්‍රයට පිවිසෙන ආකරයත් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා විය.
මේ හේතුවෙන් හිටපු මුදල් ඇමතිවරයාගේ කොවිඩ් ආසාදිත බව සම්බන්ධව සෞඛ්‍ය අංශ තුළත් කතාබහට විය. කොවිඩ් ආසාදිතයෙක් සම්බන්ධව රජය නිර්දේශ කර ඇති මූලික සෞඛ්‍ය නිර්ණායකවත් ඔහු පිළිපැද තිබුණේ නැත. ඔහුගේ කොවිඩ් ආසාදනය සම්බන්ධව සමාජය ප්‍රශ්න කළේ මේ පසුබිමේදී ය.

මේ වටපිටාව තුළ සමාජය තුළ සැකයක් ඇති වී තිබුණේ ඔහුගේ රටින් පිටවී යෑමක් සම්බන්ධවය. මේ අතර අද උදෑසන 9.30 පමණ වනවිට රත්මලාන ගුවන් තොටුපලේ ආරක්ෂාව දැඩි කරනු ලැබුවේය. විශේෂ කාර්ය බලකාය ගුවන්තොටුපල තුළට යෙදවිනි. සේවකයින්ගේ අභ්‍යන්තර ගමන් බිමන් සීමා විය.

තවත් ටික වෙලාවකින් ගුවන්තොටුපල මහජන ප්‍රවේශය වසා දැමිණි. මෙවැනි තත්වයක් ගුවන්තොටුපල සේවකයින් අත්දැක තිබුණේ වර්ෂ 2015 දී ය. මේ පැමිණෙනන පුද්ගල කණ්ඩායමේ අනන්‍යතාවය සඟවා තැබීමට දැඩි පරශ්‍රමයක් ගුවන්තොටුපල ඉහළ බලධාරීන් විසින් දරා තිබිණි.
මේ සමගම ආරක්ෂා කර තිබූ ගුවන්තොටුපල ප්‍රවේශය විවෘත කරගෙන විශේෂ ගිලන් රථයක් ගුවන්තොටුපලට ඇතුළු විය. ගිලන් රථය ගුවන්යානය අසලටම ගමන් කළ අතර එහි පිරිසක් ගුවන් යානයට ප්‍රවේශ විය.
ගුවන්තොටුපල ආරංචි මාර්ග අපට තහවුරු කළේ හිටපු මුදල් ඇමතිවරයා රටින් පිටවී ගිය බවය. එම වාර්තාව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා විය. අපි ඒ තොරතුර වාර්තා කළෙමු.
අද සවස ඩේලි මිරර් තහවුරු කර වාර්තා කළේ බැසිල් රාජපක්ෂ රටින් පිටවී නොගිය බවත් ඔහු ලංකා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවත්ය. ද මෝනින් වාර්තා කළේ බැසිල් රාජපක්ෂ රත්මලාන ගුවන් තොටුපලින් පිටවී නොගිය බවය. කෝටිපති ව්‍යාපාරිකයෙක් වූ බ්‍රිතාන්‍ය පුරවැසියයෙක් රත්මලානෙන් අද පිටත් වී ගිය බව ඩේලි මිරර් කියා තිබිණි.








