දිනසේන රතුගමගේ –
මුලතිව් උඩුප්පුකුලම් ප්‍රදේශයේ වයස අවුරුදු 72 ක විශ්‍රාමික ගුරුවරයෙකු විසින් දාහතර හැවිරිදි ශිෂ්‍යාවක් දූෂණය කිරීමේ සිද්ධියක් මත එම ගුරුවරයාව 16 දා මුලතිව් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම ගුරුවරයා මුලතිව් උඩුප්පුකුලම් ගම්මානයේ නිවසක පදිංචි වී දරුවන්ට අමතර පන්ති පවත්වා තිබේ.
එම ගුරුවරයා දූෂණය කොට ඇත්තේ එසේ අමතර පන්තියකට සහභාගී වීමට පැමිණි ශිෂ්‍යාවකි.
මේ පිළිබදව දෙමව්පියන් මුලතිව් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකාර ගුරුවරයා මුලතිව් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති අතර ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.
මුලතිව් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.