ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ගිණුම් ගැන ප්‍රශ්න 25 ක් ගොනු කරමින් එහි සභාපති ජස්වර් උමර් ට සම්මේලනයේ නිලධාරියකු ලිපියක් ඉදිරිපත් කර ඇත.
ඒ වෙනකකු නොව ජස්වර් උමර් ගේ උප සභාපති හා හිටපු සභාපතිවරයකු වන රංජිත් රුද්‍රිගු විසිනි.
ෆීෆා වෙතින් පාපන්දු සම්මේලනයට ලැබුණු මුදල් පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා විනිවිද භාවයකින් තොරව වියදම් කරන බවට පසුගිය වකවානුවේ වාර්තා විය.
කලුතර දිස්ත්‍රික් සංගමය මගින්ද මීට පෙර මෙවැනිම ප්‍රශ්න කිරීමක් සිදු කර තිබිණි.
පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපතිවරයා අත්තනෝමතික ලෙස එහි මුදල් වියදම් කරමින් සිටින බවත් නොබෝදා එහි මූලස්ථාන ගොඩනැගිල්ලේ එක් මහලක් තම කාර්‍යාලය ලෙස සුඛෝපභෝගී අයුරින් පරිවර්තනය කරගෙන ඇති බවත් වාර්තා වේ.