කොවිඩ් ආසාදිත තවත් පුද්ගල මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය.
මිය ගිය පුද්ගලයින් අතර පුරුෂ 16ක් සහ කාන්තා 10ක් වෙති.
මේ වනවිට නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත සමස්ථ පුද්ගල මරණ සංඛ්‍යාව 14258 කි. මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.








