225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

වත්මන් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ නේවාසික තොරතුරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ඉවත් කර ඇත.

පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් News 1st  පුවත් සේවය  වෙත කියා ඇත්තේ   රටේ පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව දැනට පාර්ලිමේන්තු   නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ ලිපිනයන් සහ දුරකථන තොරතුරු එම වෙබ් අඩවියෙන් ඉවත් කර ඇත.

මීට පෙර, පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ ස්ථාවර දුරකථන සහ ජංගම දුරකථන අංක මෙන්ම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ලිපිනයන් ද ඇතුළත් කර තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය මැයි 09 වැනිදා ඇති වූ නොසන්සුන්තාවයේදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහ දේශපාලඥයින් කිහිප දෙනෙකුගේ දේපළවලට පහරදී ගිනි තබා තිබිණි.

 

Exit mobile version