22 වැනි ආණුඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් පසු සර්ව පාක්ෂික ආණ්ඩුවක්…

සුජිත් හේවාජුලිගේ –   

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමත් සමගම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ   තීරණය කර ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකයන් හමුවූ අවස්ථාවේදී පසුගිය 21 වෙනිදා ප්‍රකාශ කළේය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් තේරී පත්වීමෙන් පසුවද වික්‍රමසිංහ  සභාව අමතමින් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සම්බන්ධ වන්නැයි සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කරන බව පැවසීය.

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට හෙට (27) බදාදා ඉදිරිපත් කිරීමට නියමිතය.


විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීමෙන් සතියකට පසු ( ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුණ හොත්) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව හැකියාව පවතින්නේය.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වීමෙන් පසු එය ගැසට් පත්‍රයක් මඟින්ද පසුගිය ජුනි මස 24 වෙනිදා ප්‍රකාශයට පත් කෙරිණ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version