21 පස් වැනි වරටත් අද කැබිනට් එකට…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය පස් වෙනි වතාවටත් අද ඇමති මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිමට නියමිය.

සියලු පාර්ශව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ අදහස් සැලකිල්ලට ගෙන සකස් කර ඇති නව සංශෝධන පනත් කෙටුම්පතට අනුමැතිය ලැබෙනු ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ  ලංකාසරට පැවසීය.

මෙවැනි කෙටුම්පතක් සකස් කිරීමේ දී එය ඉතා විමසිලිමත්ව සිදුකළ යුතු බවත් ඒ අනුව නව සංශෝධන  කෙටුම්පතේ ජන මත  විචාරණයකට තුඩු දෙන කරුණු කිසිවක් අන්තර්ගත නැති බවත් ඔහු කීවේය.

නව සංශෝධනය  කැබිනට් මණ්ඩලයේ  සම්මත කරගැනීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්ම්ත කරගැනීමට  කටයුතු කරන බව   පවසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ  රට තුළ දේශපාල ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයට සියලු පාර්ශවයන්ගේ  සහාය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට තුළ දේශපාලන ස්ථාවරත්වයක්  ඇතිවනවා දැකීම ජාතික හා ජාත්‍යාන්තර වශයෙන් ඇති ප්‍රධාන අපේක්ෂාවක් බවත්  පටු අරමුණුවල සිට ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කර දැමුවහොත් රට බරපතල අර්බුදයකට පත්වනු ඇති බවත් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා වැඩිදුරටත් කීය

 

Exit mobile version