2023 ලොක කුසලාන එකදින තරගාවලියට සුදුසුකම් ලබන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි තැනට එන්නට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 42කි.
එංගලන්තය මෙම සටහනේ පළමු තැන සිටී. ඔවුන් තරග 15ක් ක්‍රීඩා කර තරග 09ක් ජයගෙන ප්‍රසාද ලකුණු 95ක් සහිතව ඔවුන් මුල් තැන හිමි කරගෙන ඇත.
දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ බංගලාදේශ කණ්ඩායමය. ඔවුන් තරග 12ක් ක්‍රීඩා කර ඉන් තරග 08ක් ජයගෙන ප්‍රසාද ලකුණු 95ක් හිමි කරගෙන ඇත.
තුන්වන තැන ඔස්ට්‍රෙලියාවටය. ඔවුන් තරග 09ක් ක්‍රීඩාකර තරග 06ක් ජයගෙන තිබේ. පරාජයන් තුනකි. ප්‍රසාද ලකුණු 60කි.
ඉන්දියාව සිටින්නේ සිවුවන තැනය. ඔවුන් තරග 09ක් ක්‍රීඩාකර ඇත. තරග 05ක් ජයගෙන තිබේ. ප්‍රසාද ලකුණු 49කි.
පස්වන තැන ශ්‍රී ලංකාවය. ශ්‍රී ලංකාව තරග 15න් ජයගෙන ඇත්තේ 04ක් පමණි. පරාජයන් 10කි. පකිස්ථානය දැනට හයවන තැන පසුවන්නේ පකිස්ථානය ය. ඔවුන් තරග 09ක් ක්‍රීඩාකර තරග 04ක් ජයගෙන ඇත. ප්‍රසාද ලකුණු 42කි.
මේ සටහනේ වැඩිම පරාජන් ප්‍රමාණයක් වාර්තා කරන්නේ ලංකාවය. අනෙක් සෑම කණ්ඩායකටම අපට වඩා තවත් තරග ඉතිරිව තිබේ. ඉන්දියාව තරග 09ක් පමණක් ක්‍රීඩා කර පරාජයන් 04ක් පමණක් වාර්තා කර ඇත. පකිස්තානය ජයග්‍රහණ 04ක් වාර්තා කරන්නේ තරග 09ක දීය.