ලලිත් චාමින්ද
ඉකුත් වර්ෂයේ දී (2022) මෙරට දුම්රිය වාර 10,077ක් අවලංගු වී තිබූ අතර සැලසුම් කළ දුම්රිය ධාවන වාර සංඛ්‍යාව අතුරින් සියයට 72ක දුම්රිය නියමිත වෙලවට ධාවනය වී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය විසින් දුම්රිය දේපාර්තමෙන්තුව සම්බන්දයෙන් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.
ඉකුත් වර්ෂයේ දි සැලසුම් කළ දුම්රිය ධාවන වාර සංඛ්‍යාව 120,993කි. ඒ තුළින් නිශ්චිත වෙලාවට ධාවනය වී ඇත්තේ දුම්රිය වාර 32,844ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙරට දුම්රිය ධාවනය ආරම්භ වූයේ 1865 වුවද මේ දක්වා කාලසටහන් අනුව දුම්රිය ධාවනය නොවන බවට දුම්රිය භාවිතා කරන මගීන්ගෙන් පැමිණිලි ලැබී තිබුණි.
දිගු කාලයක සිට මෙරට මගී ප්‍රවාහනයෙන් සියයට 6ක් හා භාණ්ඩ ප්‍රවාහනයෙන් සියයට 6.5ක් සඳහා දායකත්වය ලබාදෙන දුම්රිය සේවය එකී දායකත්වය ඉහළ නංවා ගැනීමට අපොහොසත් වී තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.