ලලිත් චාමින්ද –
දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂයේ දී එකතුකළ යුතුව තිබු රුපියල් බිලියන 620ක ආදායමක් එකතු නොකර හිඟව පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
එම ආදායම 2021 වර්ෂයේ දි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතුකර ගැනීමට සමත්වුයේ නම් එම වර්ෂයේ ආදායම් ඌනතාවය රුපියල් බිලියන 670ක් හෙවත් සියයට 51.94ක් දක්වා අඩුකරගත හැකිව තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
හිඟ ආදායම 2019, හා 2020 යන වර්ෂවලදි පිළිවෙළින් රුපියල් බිලියන 698 ක් හා රුපියල් බිලියන 579ක් වි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. එම වර්ෂවලදි මෙම හිඟ ආදායම රැස්කරගැනීමට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබුණේ නම් 2019 වර්ෂයේ දි රුපියල් බිලියන 165ක ආදායමේ අතිරික්තයක් බවට පත්කරගැනිමට හැකිව තිබුණි.
එමෙන්ම 2020 වර්ෂයේ දි ආදායම් ඌනතාවය රුපියල් බිලියන 606ක් දක්වා සියයට 46.47කින් අඩුකර ගැනිමට හැකියාව තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
අදාල ආදයම් ශිර්ෂයන්ට වගකිම් සඳහා සෘජුව බැඳී සිටින්නාවු ආදායම් ගණන් දිමේ නිලධාරින් මෙන්ම සියලුම අමාත්‍යංශ දෙපාර්තමේන්තුවල ප්‍රධාන ගණන්දිමේ නිලධාරින් මෙම හිඟ ආදායම අඛණ්ඩව එකතු කිරීම පිළිබද සෘජු ලෙස වගකිමට බැඳී සිටින බව කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.
රජයේ මුල්‍ය ප්‍රකාශන සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවක මේ බව සඳහන් කොට තිබුණි.