19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අඩු වූ විධායකයේ බලතල යළි ලැබෙන ආකාරයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය කෙටුම්පත් වී තිබේ.
ඒ අනුව රටේ විධායක ජනාධිතිවරයාට වැඩි බලයක් මෙම සංශෝධනය අනුව හිමි වීම නියමිතය.මෙම සංශෝධන පනත් කෙටුම්පතක් ලෙස මේ වනවිට ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කොට තිබේ.
19 වැනි සංශෝධනයට අනුව මහ මැතිවරණයකින් වසර හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය මෙම සංශෝධනය අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් වසරකට පසුව විසිරුවා හැරීමට හැකියාව ලැබෙන සේ සංශෝධනය වී තිබේ.
එසේම 19 වැනි සංශෝධනයේ පැවැති වැදගත් ලක්ෂණයක් වූ ස්වාධීන කොමිෂන් සභාපත් කිරීමේ කාර්යය සිු කළ ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ජනාධිපති අගමැති විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස් දෙනකුගෙන් පමණක් සැදුම් ලත් පාර්ලිමේන්තු සභාවක් යෝජනා කොට තිබේ.
එසේම ද්විත්ව පුරවැසිභාවය ලබන පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය දැරීමේ අවස්ථාවද මෙම සංශෝධනය අනුව හිමි වන අතර 19 වැනි සංශෝධනයෙන් සීමා කර තිබූ කැබිනට් අමාත්‍යවරුන් ගේ 30ක සීමාව සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ 40ක සීමාව අහෝසි කර තිබේ.
එමෙන්ම මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම, මුදල් කොමිසම , රාජ්‍ය සේවා කොමිසම , ජාතික පොලිස් කොමිසම, සීමා නිර්ණය කොමිසම සහ අල්ලස් හෝ දූෂණ විමර්ශඔෂන කොමිසම යන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීමේ බලය පාර්ලිමේන්තු කොමිසමේ නිරීක්ෂණ සහිතව විධායකය වෙත පැවරීමටද යෝජනා වී තිබේ.
හදිසි පනත් සම්මත කිරීම 19 වැනි සංශෝධනයෙන් අහෝසි කෙරුණු අතර එයද යළි ස්ථාපනය කර ඇත.. ඒ අනුව යම් අමාත්‍යවරයකුට හදිසි පනතක් ගෙන ඒමට අවශ්‍ය නම් එය ජනාධිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කොට එහි ව්‍යවස්ථානුකූලව භාවය තහවුරු කරගෙන දින තුනක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලබාගෙන පැය 24ක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කොට සම්මත කර ගත හැකිය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායකය සතු බලතල ලෙස වැති එම ලක්ෂණ එපරිද්දෙන්ම 20 වැනි සංශෝධනය හරහා ස්ථාපනය කර ඇති අතර නව සංශෝධනය යටතේ පෙර පැවැති ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ ජාතික විගණන කොමිසම අහෝසි කර ඇත.
1978 ආණඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයකු පත් කිරීමේදී තිබිය යුතු අවම වයස වූ අවුරුදු 30 යළි ස්ථාපනය කර ඇති අතර එය 19 සංශෝධනයේදී 35ක් දක්වා වැඩි කෙරිණි.
අග්‍රවිනිශ්චයකාර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්, අභියාචනාධිකරණ විනිසුරුවන් සහ අභියාචනාධිකරණ සභාපති අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර සෙසු සාමාජිකයන්, නීතිපති, විගණකාධිපති, ඔම්බඩ්ස්මන්, පාර්ලිමේන්තු මහලේකම් යන තනතුරුවලට පත් කිරීමේ ද බලය විධායකය වෙත පැවරෙන අතර අමාක්‍යවරුවන් පත් කිරීමේදී අග්‍රමාත්‍යවරයා විමසීමෙන් පසුව කළ යුතු බවට වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයද නව යෝජනා කෙටුම්පත් මඟින් අහෝසි කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයාට ඇමැතිවරුන් පත් කිරීම අමාත්‍ය සංශෝධන සිදු කළ හැකි වන අතර අවශ්‍ය අවස්ථාවදී පමණක් අග්‍රමාක්‍යවරයාගෙන් විමසිය හැකිය.
අධිකරණ සේවා කොමිසම අග්‍රවිනිශ්චයකාරයා සහ තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනකු ගෙන් සමන්විත වන අතර මෙම විනිසුරුවන් කොමිසම වෙත පත් කරනු ලබන්නේද ජනාධිතිවරයා විසිනි.
19 වැනි සංශෝධනයේදී එය පැවතුණේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය මත ජනාධිපතිවරයා විසින් මෙම පත් වීම් සිදු කරනු ලැබිය යුතු බවයි.