විසිවන සංශෝධනය හරහා රාජ්‍ය විගණන ක්‍රියාවලිය බරපතල ලෙස බිඳ වැටුණු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ලිට්‍රෝ වැනි සමාගම් රාජ්‍ය විගණනයෙන් ගැලවීමට අධිකරණයට ගොස් නඩු ගාස්තු සඳහා කෝටි ගණනින් වියදම් කළ බවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ හිටපු සභාපති පාර්ලමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ අද (25) කොළඹ දී පැවති ලංකා විගණන සේවා සංගමයේ 63වන සංවත්ස උත්සවය අමතමිනි.
ඔහු මෙසේ ද කීවේය.
“19 වැනි සංශෝධනයෙන් ඇතිවුන ජාතික විගණන පනත විගණන ඉතිහාසයේ වැදගත් ජයග්‍රහණයක්. මේ පොදු සභාවෙ කියන්න අවශ්‍යයී, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මතුවෙච්චි විගණන සේවා කොමිසම ඉවත් කිරීම පිළිබඳ ඇතිවුණ සාකච්ඡාව අපට තවම තීරණාත්මකව, ධනාත්මකව නිමා කරන්න බැරිවෙලා තියනවා.“
“ඒකෙ තිබුණ වගකීම්, ඒකට ලබා දීලා තිබුණ සමහර කාර්යයන් ඉටු කර ගැනීම සඳහා විකල්පය කුමක් ද යන්න පිළිබඳ සාකච්ඡාව නැවත වරක් ඇතිකරගන්න අපේ සමාජයට බැරිවෙලා තියනවා.“
“රජයේ විගණනයෙන් සමහර අය ඉවත්වෙලා යෑමට උත්සාහ දරන අවස්ථා විශාල ගණනක් අපේ අවධානයට ලක්වෙලා තියනවා.“
“නවවැනි පාර්ලිමේන්තුවේ දි ලිට්‍රෝ සමාගම විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරුවා. රජය යටතේ සියයට 99ක් ඇති ව්‍යාපාරය විගණකාධිපතිවරයාගේ විගණනයෙන් ඉවත් වෙන්න කොච්චර උත්සාහ කළාද කියනවා නම් ඒ සදහා ශ්‍රේෂාධිකරණයේ නඩු දැම්මා.“
“ඒ නඩුව සඳහා පමණක් වියදම් කරලා තියනවා කොම්පැණියෙ සල්ලි ලක්ෂ 200ක්…“ ්
ඔහු කීවේය.