වයස අවුරුදු 18 -19 වයස් ඛාණ්ඩයේ පාසල් ළමුන් සඳහා එන්නත් ලබා දීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දුන්නේය.
එම වයස් ඛාණ්ඩයේ දරුවන්ට ෆයිසර් එන්නත ලබා දෙන්නට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ යැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යයට කීවේය.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කීවේ ඉගනුම ලබන පාසලේ දීම එන්නත් ලබා ගැනීම සඳහා සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙසත්, සෑම පාසලකම සිදුකරන එන්නත්කරණය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුවි යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළ බවය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වූ අවස්ථාවේ දී ය.
මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.